(ඩයනා උදයංගනී)
අර්ධ සුඛෝපභෝගී (Semi Luxery) බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම බස් සේවාව මගී ජනතාවට කිසිඳු පහසුකමක් නොදී මගී ජනතාව ගසාකන බස් සේවාවක් බවට පත්ව ඇති බැවින් පාර්ශව ගණනාවක් සමග සාකච්ඡ කර මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සදහන් කළේය.
ජාතික ගමනාගමන කොමිසම මගින් මගීන් 10,000කගෙන් කළ මත විමසුමකදී එම මගීන් සියලූ දෙනාගේ අදහස වී ඇත්තේ මෙම බස් රථ සේවාව අහෝසි කළ යුතු බව යැයි ද අමාත්‍යවරයා කීවේය.
වසර ගණනාවක් තිස්සේ නොසේදීම නිසා දූවිලි බැදී දුර්වරණ වී ගිය තිර රෙදි මිස කිසිඳු අර්ධ සුඛෝපභොගී පහසුකමක් නොමැති බව එම ජනතාවගේ අදහස වී තිබේ.
එම අදහස් සැලකිල්ලට ගනිමින් සෙස බස් රථ සේවාව ඉතා කෙටි කලකින් අවසන් කරන්නැයි තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවත්, මෙය ඉදිරි මසක පමණ කාලයේදී අහෝසි කළ හැකි වනු ඇතැයි අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසූ බවත් ඇමතිවරයා කීවේය.
මෙම සේවාව අහෝසි කිරීමෙන් පසු එම බස් රථ අවම මිලක් යටතේ අධිවේගී මාර්ගවල ධාවනය කරවිය හැකිද යන්න සොයාබලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපූරු විසඳුමක්. ගෙදර ඉන්න කෙල්ල අපිරිසිදුවට අඳිනවා නම් පිරිසිදු ඇඳුම් අන්දවනවා නෙමෙයි, ගහල මරනවා. මාර මොළයක් නොවැ. කවද්ද ඔය කියන 10000 ක් දෙනා ඒකමතිකව ඔය බස් සේවාව වහන්න කිව්වේ...? එහෙම එකක් කළා නම් කෝ ඒ සමීක්ෂණයේ ඇත්ත ප්‍රතිඵල? අපේ ආණ්ඩු කිසිම එකකට හයිය නැහැ ප්‍රවාහන සේවාව හදන්න. අද වෙනකල් පුද්ගලික බස් වලින් ටිකට් නිකුත් කරවාගන්න බැරි වුණා. ත්‍රී වීලර් එකකට මීටර් හයි කරවන්න බැරි වුණා. ලේසිම දේ තමයි යමක් විධිමත් කරනවා වෙනුවට වහල දාන එක...
මහේෂ් ඇයි නිතරම මෝඩ අදහස් පල කරන්නේ...? 10000 නෙවෙයි, පොදු ප්‍රවාහන සේවාව පාවිච්චි කරන සියලු ජනතාව අර්ධ සුඛෝපභෝගී බස් සේවාවට අකමැතියි. ඔබතුමා කාර් එකක් පාවිච්චි කරනවා ඇති මගෙ හිතේ...
මෙම සේවාව අහෝසි කිරීමෙන් පසු එම බස්රථ අාවම මිලක් යටතේ අධිවේගී මාර්ගවල ධාවනය කරවිය හැකිද යන්න සොයාබලන ලෙසද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත. මේ අයට මොලයක් නැහැ කියන්නේ නිකන්ද? හයිවේ එකෙත් ලේලන්ඩ් කටු දුවන්න ගත්තාම යස අපූරුවට තියේවි, සීට් ගානට විතරක් සෙනඟ ගන්නවා නම්, හැම හෝල්ට් එකකම නවත්තන්නේ නැත්නම් මේ සේවාව තිබ්බට අවුලක් නැහැ. නොවෙන්නේ එක, හැමතැනම නවත්වනවා. වැඩියෙන් සල්ලි කඩා ගන්නවා. කර්කෂ බස් සිංදු ටික දාලා මිනිස්සු මානසික ශාරීරික රෝගීන් කරනවා. අන්න එ්වයි නවත්වන්න ඕනෑ.
මෙච්චර කල් පාඩුවේ කරදරයක් නැතිව ගියේ හයිවේ එකේ විතරයි. ඒකටත් මේ අසික්කිත රියදුරන් එලවන ඉන්දියන් ලොරිබස් දාලා කඩාකප්පල් කරන්න එපා.
නමට නම් අර්ධ සුඛෝපභෝගී. ඒ වුණාට ඔවුන්ගේ කෙරුවාවල් අන්තිමයි. මගීන්ට ටිකට් නුදුන්නට රියදුරාලා, කොන්දොස්තරලා මාටියා ගහනවා මදිවට ඒ ඒ අය බස්එක බාර දෙන්න කලිනුත් ගාණක් කපා ගන්නවා.
බස් වල දාන සියලුම සංගීත තහනම් කරන්න. පිංසිදුවෙයි. මේක ගැන මෙතෙක් කිසිම කෙනෙක් හෙව්වෙ නැහැ. පොලිසිය පවා හොයන්නෙ මාර්ග නීති.
දැන් කොයි කාලේ ඉදලද අනේ මේක කියන්නේ.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන සාමාන්‍ය ජනයෙක් හැටියට මම දැකපු තව එක මංකොල්ල කෑමක් තමයි මේ අර්ධ සුඛෝපභෝගී ලදරම්... සියලුම බස්රථ වලට පහත කරුණු පිළිපදින්නට අනිවාර්ය කරන නීතිගෙන ආ යුතුමයි. 1. නැවතුම්පොළවල පදිංචිය තහනම් කිරීම මගින් ගොඩ වූ පසු ධාවනය කළ යුතුයි . 2. ආරම්භක සහ ගමනාන්තයට ලඟාවන වේලාවන් තිබිය යුතුයි. එවිට කපාගෙන යන්නට ගිහින් අනතුරු සිදුකිරීමත් මාර්ග නීති උල්ලංඝනය කිරීමත් නවතීවි. 3. ආසනයක ප්‍රමාණය සහ ආසන අතර පරතරය නිර්ණය කළයුතුයි. බොහෝදුර ධාවන බස්වල තිබෙන 2-3 ආසනවල ප්‍රමාණය ඉතාම අසාධාරණ ලෙස කුඩාකර ඇති අතර ආසනයක දෙදෙනෙකුට කොහෙත් හිඳගෙන යාමට බැරිය. 4. බස්රථ වල වාදනය වන සංගීතය වෙනස් කළ යුතුයි. ඇතැම් ඒවායේ සංගීතයේ සුන්දරත්වය මගීන්ට ඔක්කාරය ගෙනදෙන සුළු වන අතර රියදුරාටද වෙනත් වාහනයක නලා හඬවත් නොඇසෙන තරම් සියුම්ය. 5. රියදුරු සහ රියසහායකගේ විනය. මොනවා කිව්වත් තවමත් ලංගමේ සේවකයින්ගේ හැදියාව අගය කළ හැකි මට්ටමක පවතී...
සෙමි කියලා ගාස්තුව විතරයි වෙනස... මිනිසුන් හරක් පටවන ආකාරයට බස්වලට පටවනවා. බලධාරීන්ගේ ඇස් ඇරලා බලන්න මේ අපරාද දිහා... මහජනය මගියා අසරණ කරන මෙම සේවාව වෛරසය ඉතා ඉක්මණින් නවතා දැමිය යුතුයි.
දැන් මේකතමයි අඩු එළවළු මිල අහස උඩට නැගලා. හාල් ගන්න සල්ලි නැහැ. රට ළූණු බිකක් ගන්නත් මිනිස්සු විඳින දුකක්... මුලින්ම මිනිස්සුන්ට කන්න දීලා ඉඳපල්ලා. ඊට පස්සේ බස්වල යමු. මහලොකුවට කීවේ. දැන් සැපද කියල... දැන් සැප වැඩිවෙලා..
ඇත්තටම හොද වැඩක්.