(මුදිතා දයානන්ද )
වැට් බදු අඩුකිරිම හාල්, ගෑස්, තෙල් ඇතුලූ භාණ්ඩ රැසක මිලට බල නොපාන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
වැට් බදු අඩුකිරිම නිසා ඇසුරුම් කරන ලද කුකුල් මස් හා මස් ආශ්රිත නිෂ්පාදන, ආනයනික කිරිපිටි හා පැණිබීම, ආනයනික සත්ව ආහාර මිල අඩුවන ආහාර ද්‍රව්‍ය ලෙස දැක්වේ.
එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස යකඩ භාණ්ඩ, සිමෙන්ති, අස්බැස්ටස් සෙවිලි තහඩු, ආනයනික සරනේරු, යතුරු, දොර අගුලූ ආදියෙහි මිල අඩු වේ.
මීට අමතරව වාහන අමරත කොටස්ද වැට් බදු අඩුවීම නිසා මිල අඩුවිය යුතු භාණ්ඩ අතර වන බව පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්. ආර්. මීවනගේ මහතා ලංකාදීපයට පැවසීය.
සාමාන්‍ය ජනතාවට වඩාත් බලපාන අල, ලූණු, හාල්, පරිප්පු ඇතුලූ ධාන්‍ය වර්ග, පාන්පිටි, හා පාන්පිටි ආශ්රිත නිෂ්පාදන, හාල්පිටි හා හාල්පිටි ආශි‍්‍රත නිෂ්පාදන, සීනි දේශීය කිරිපිටි හා කිරි නිෂ්පාදන, ටින් මාලූ ගෑස්, ඩිසල්, පෙට්‍රල්, භූමිතෙල් ආදියට වැට් බදු අදාල නොවන බැවින් බදු අඩුකිරිම නිසා ඒවායෙහි මිල ගණන් වෙනස් නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් එහෙමද? මදැයි අපි බලන් හිටියා බඩුමිල ටිකක් හරි අඩුවෙයි කියලා... ඒකත් එහෙනම් ඇස්බැන්දුමක් විතරයි.
කිරිපිටි මිල අඩුවෙලා නැහැනේ...
ඕක අපි කලින්ම දැනගෙන හිටියා. ඔය වියත්මග වියතුනි මෙයට උපදෙස් දුන්නේ නැද්ද? වැඩිපුරම සහනය ලැබෙන්නේ ධනපති පන්තියටයි ශීතකරණ, වායු සමීකරණ, ටීවී, ව්‍යායාම් මෙවලම් ආදිය තමයි වැඩිම බදු අඩුවෙන්නේ.. ඒ වුණාට බිලියන ගණන් රජයට පාඩුයි දුප්පතාට එයින් සහනයක් ලැබුණේ නෑ.
මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු අයට කන්න "ආනයනික සත්ත්ව ආහාර" මිලත් අඩු කරලා තියෙන්නේ..!
කොහොමත් අපි කන්නේ සත්වාහාර වලට යන ද්‍රව්‍ය තමා. අපේ රටේ හදන හොඳ දේවල්, හොඳ මාළු ඔක්කොම පිටරටට පටවලා කුණු ගොඩවල් අඩුමිලට ගෙන්නලා වැඩි මිලට විකුණනවා. හොඳම උදාහරණය ලින්නෝ මාළු... හොඳ කෙලවල්ලෝ රට පටවලා ඉන්දුනීසියාවේ කුණු ලින්නෝ අපි ගෙන්නනවා.
ඔය මිල අඩු කිරීමෙන් දුප්පත් අපිට සහනයක් නැහැ. රජයට ජයවේවා..!!!
කොහොමද වෙනස - දැම්මම ඔහොම නම් පහුවෙනකොට කොහොම තියේවිද
කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි. දැන් ඉතින් ලාභයට සිමෙන්ති කන්න පුළුවන්.
හෙලිකොප්ටර් වල යන ගාස්තුව දැන් අඩු නිසා පවුල්පිටින් යන්නේ.
ලංකාවේ සෑම දෙයට වැට් දැම්මට මම ඉන් කැලිෆෝර්නියාවේ ආහාරවලට සහ සනීපාරක්ෂක භාණ්ඩවලට වැට් අය කරන්නේ නැහැ. අනෙක් සියලුම දෙයටම වැට් අය කරනවා.