( නිශාන්ත කුමාර )
බදුල්ල පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19 වැනි සැතපුම් කණුව අසළ මිල්ලබැද්ද ප්‍රදේශයේ මාර්ගය තුළ සිදුව ඇති ගිලාබැසීමක් හේතුවෙන් වසා දමා තිබූ එම මාර්ගයේ ප්‍රවාහන කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවසීය.
පසුගිය 21 වැනිදා මෙම මාර්ගය වසා දැමිණි.
මාර්ග සංවර්ධන අධීකාරියේ නිර්දේශයකින් පසුව මෙලෙස මාර්ගය වාහන ගමනා ගමන කටයුතු සදහා විවෘත කිරීමට කටයුතු කළ බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසීය. කෙසේ වෙතත් මාර්ගය ගිලා බැසීමේ යම් අවදානමක් පවතින බැවින් බර වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කර ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd