(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
අ.පො.ස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මැදගම ජාතික පාසලේ ඩි.එම් නිසංසලා සංජිවනී සිසුවියට හිමිව තිබෙන බව ඌව පළාත් අධ්‍යපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතා පැවසීය.
මැදගම කැන්දවින්න අතිදුෂ්කර ගම්මානයේ පදිංචි නිසංසලා නොයෙකුත් බාධක මධ්‍යයේ අමතර පංති
වලට නොයා පාසල් අධ්‍යපනයෙන් පමණක් විභාගය ජයගෙන තිබේ.
කැන්දවින්න ගමේ පාසලේ අධ්‍යාපනය ලබා 6 වසර සිට මැදගම ජාතික පාසලට ඇතුළත්ව
අගහිඟකම් රැසක් මධ්‍යයේ පාසල් අධ්‍යපනයේ නිරත වු බව කියයි.
වැසිදිනවලදී පාසල් යාමට මාර්ග දුෂ්කරතා ඇතුලු අඩුපාඩු රැසක් තිබූ බව ඇය කීවාය.
සමෘද්ධි නිලධාරියෙකු වන ඩී.එම් උභයවර්ධන මහතා හා ගෘහනියක් වන ඩී.එම් පුංචිමැණිකා මහත්මිය නිසංසලාගේ මව්පියන් වන අතර ඇයට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකු සිටියි.
මැදගම ජාතික පාසලේ විදුහල්පතිනි ඩී.එම් ඉන්ද්‍රනි විජේබණ්ඩාර මහත්මිය .. ‘නිසංසලා සංජීවනි සිසුවිය ඉතාම අහිංසකයි. ඒ වගේම කුඩා කල සිට ඉගෙන ගන්න දක්ෂයි. ඇයට ආර්ථිකය අතිනුත් අසරණයි.. ජයග්‍රහණය අහලා මට අද ගොඩක් සතුටුයි..‘ යැයි පැවසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුව ඔයාට සුබ පැතුම්... ඔයාලා වගේ සම්පත් අපේ රටට ඕනෑකරන වෙලාවක, කාටවත් අඩුපාඩු කියන්නේ නැතුව තමන්ට තියන සම්පත්වලින් උපරිම රිසල්ට් ගත්තා.
ඉතාම සතුටුයි. ඔබ ඉහළ තැනකට ගොස් රටේ දුප්පත් අනෙක් අය ඉහළට ගෙනඒම උදෙසා ඔබේ සේවය ලබා දෙන්න.
ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා...!!!
ලංකාවේ දුෂ්කර පළාත් බොහෝ තියෙනවා. මෙවැනි ජයක් ලබාගැනීම සතුටකි.
දුවේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වී, සියලු බාධක බිඳ ඉගෙනීමෙන් ඉහළටම ගිහින් රටට හොඳ පුරවැසියෙක් වන්න ශක්තිය ධෛර්යය, තෙරුවනේ පිහිට ලැබේවා...!!!
ඔබ වැනි දූවරු රටේ දුප්පත් දරුවන්ට ආදර්ශයකි. උසස්පෙළට දැක්වූ කැපවීමෙන්ම උපාධියද ජයගැනීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!
සුපිරියි...!!!
මෙන්න වැඩ කාරයෝ...
කරුණාකර මේ දැරියගේ වැඩිදුර තොරතුරු දැනගන්න පුලුවන්ද..? පිටරට සිටින මගේ ඥාතියෙකු උදව් කිරීමට කැමතියි. දැරියට කරන ආධාර යටි මඩි ගැහෙන්නේ නැතිව මේ සමාජ සත්කාරය කරන්න තිබෙනවා නම් හොඳයි.
හදවතින්ම සුබපැතුම් දුවේ.. අධිෂ්ඨානය ඔබව ජයග්‍රහණයක් කරගෙන ගොස් ඇත. නමුත් මෙය ඇරඹුමක් පමණි. ඔබට රත්නත්තරේ පිහිටයි... සියලු බාධක ජයගන්නට...