(ඩී.ජී. සුගතපාල)
විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මරමින් සිටි විදේශිකයෙකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම විදේශිකයා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (28) දඬුවම් නියම කිරීම ජනවාරි 01 වැනි දිනට කල් තබන ලදී.
මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ මොඩල් සර්ෆි නමැති යුක්රේන ජාතිකයෙකි.
සැකකරු ගාල්ල අවට තල්පේ මුහුදේ විදින තුවක්කුවකින් මසුන් මරණ බවට නාවික හමුදාවේ බුද්ධි නිලධාරින් විසින් ලබාදුන් තොරතුරකට අනුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශණ අංශයේ ප්‍රධාන වැටලිම් නිලධාරි එන්.එන්.ඩී.එස්.යූ. පරණවිතාන මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එම නිලධාරින් පැවසුවේ දියයට කිමිදී මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම බරපතල වරදක් වනඅතර එයින් කොරල්පරද විනාශවන බවයි. මේ වනවිට ලෝකයේ වෙනත් රටවල මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම තහනම් කිරීම නිසා සංචාරකයින් මෙරටට පැමිණ විදින තුවක්කුවලින් මසුන් මරන බවද එම නිලධාරිහු කියා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලිබෑවට කමක් නැහැ, දැල්දාලා ඇල්ලුවට කමක් නැහැ. බිලීබානකොට තමන්ට ඇදගන්න බැරිතරම් ලොකු මාලුවෙක් නම් අනිනමඩෙන් ඇනලා බෝට්ටුවට දාගත්තාට කමක් නැහැ.. හැබැයි විදින තුවක්කුවෙන් විදින්න එපා මාළුවාට රිදෙනවා.
ඇත්තට මේ තුවක්කු හදලා තිබෙන්නේ මොකටද? විදින තුවක්කුවෙන් මාළුන්ට විදින්න තහනම් නීතිය ලංකාවට විතරද? දන්නා කෙනෙක් කියන්න...
කාගේ නීතියක්ද? මොන නීති පොතේද මේක තියෙන්නේ? බෝම්බ පිපිරීමෙන් පස්සේ එන විදේශිකයන් ටිකත් නැතිකරගන්න හදන්නේ...
ඔහුගේ රටේ එච්චරටම මාළු නැතුවද? මුහුදක් නැති සුවිස් රටේද? සමයං.... ඕවා ඒ රටවල ජාලේ පලවෙනකොට සංචාරකයින් එන ටිකත් නැත.
විදින තුවක්කුවත් අරන් යුක්රේන් ඉඳලා දිය යටින්ද ඇවිත් තියෙන්නේ? එහෙම නැත්නම් ලංකාවෙන් මිලට අරන්ද? ලංකාවෙන් මිලට ගත්ත හෝ ගුවන් තොටෙන් ගෙන ආවා නම් විදේශිකයා දැනුවත් කළ යුතුයි.
ධිවර අමාත්‍යංශයේ ඉන්නේ ඔක්කොම මොලේ කලඳක් නැති ලින් මැඩියෝ .. අවාසනාවට ධිවර අංශය කියන්නේ දුප්පතුන්ගේ අංශයක් නිසා අමාත්යන්ශේ නිලදාරීන් ඉන්නේ රජවරු වගේ . ඔවුන්ට හිතෙන හිතෙන තීන්දු නීති පනවනවා ... අපේ රටේ විනෝදයට බිලිබෑම සඳහා මේ වගේ ක්‍රම තහනම් කරන්නේ එහෙම උනොත් ඒ අංශයට එකතුවෙන්නේ දනවතුන් සහ විදේශිකයන්... එහෙම වුණොත් අමාත්‍යාංශයේ නිලධාරීන්ට අහිංසක ධීවරයින්ට දාන පාට් මේ මිනිස්සුන්ට දාන්න හම්බවෙන්නේ නැහැ. අනික නිලධාරින්ට වඩා වැඩිවෙනවා. දැන් වගේ හිතේ නිදහසකින් දුප්පතාට ගෙම්බර් ගාගෙන රස්සාව කරගෙන යන්න හම්බවෙන්නේ නැහැ.
මහේෂ් ඔයාට වයස කීයද දන්නේ නැහැ. ඒත් කමෙන්ට් දාද්දී අනෙක් අය පහත හෙළන දේවල් දාන්න එපා... ඒක හරි නැහැ...
දැල් දමලා මාලු අලගන්නකොට ලොකු පොඩි සියලුම මාලු අහුවෙනවා. විදින තුවක්කුවෙන් විද්දාම අහුවෙන්නේ අවශ්‍ය මාලුවා පමණි. මෙතන ඇති ප්‍රශ්නේ මොකක්ද?
මට නම් පෙනෙන්නේ මේ ක්‍රමයට මාළු මැරීම තමයි හොඳම ක්‍රමය...
ඔය තුවක්කු එයාර් පෝට් එකෙන්ම එනකොට ඇයි නවත්තන්න බැරි? අනිවාර්යයෙන් විදේශිකයා එන්නේ ඕක එක්කනේ...
වැදගත් කරුණක්. මේ ආයුධය මෙරටට ආවේ කොහොමද? ලංකාවේ නිපදවන ආයුධයක්ද? ගෙනාවේ, ගෙන්නුවේ කව්ද? නිෂ්පාදිත රට? නිෂ්පාදිත වර්ෂය? මේ අයුරින් තව කොපමණ ආයුධ මෙරටට ගෙනවිත් ඇතිද? මේ පිළිබඳව ආරක්ෂක අංශ අවධානය... දන්නා හැටියට නම් කුරුල්ලන්ට භාවිතා කරන වායු තුවක්කුත් (air gun) ලියාපදිංචි කළයුතු වේ. කරුණාකර දන්නා කෙනෙක් වායු තුවක්කු පිළිබඳ අදහස නිවැරදි කරන්න...
"වෙනත් රටවල මෙම විදින තුවක්කුවලින් මසුන් මැරීම තහනම් කිරීම නිසා සංචාරකයින් මෙරටට පැමිණ විදින තුවක්කුවලින් මසුන් මරන බවද එම නිලධාරිහු කියා සිටියහ. මරු කතාව............ වෙනත් රටවල "ස්පියර් ගන්" නිෂ්පාදනය කරනවා. අපේ රටට ඇවිල්ලා මාලු මරන එකද කියන්නේ. හලෝ "ස්පියර් ගන්" භාවිතය ගැන අන්තර්ජාලයට ගිහිල්ලා කියවන්න එතකොට බොහෝ දේ දැනගන්න පුළුවනි.