(එෆ්.අස්ලම්)
දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවතීමේ රජයේ තීරණය දෙමළ ජනතාව ශ්‍රි ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේපිත ජාතියක් කිරීමේ තවත් එක් අංගයක් බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.
ජාතීන් අතර සංහිදියාව හා සමගිය ප්‍රවර්ධනය කිරීමේ උත්සහායක නිරත වෙනවා වෙනුවට එම උත්සහායට පටහැනි ක්‍රියාපිළිවෙතක් ඔස්සේ වත්මන් රජය කටයුතු කර සිටින බවද සුමන්තිරන් මහතා කීය.
ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම නැවතීම පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ අදහස් පලකර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
2015 ජනාධිපතිවරණයේදී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ඒ වසරේ ජාතික නිදහස් දින උත්සවයේ සිට ජාතික ගීය දමිළ බසින් ගායනා කරනු ලැබුවා. ඒ උත්සවයට සම්බන්ධන් මහත්තයායි මමයි සහභාගී වුණා. දශක ගණනාවකට පසු ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් අපි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වුණේ.
ඊට හේතුව සංහිදියාවට බොහෝ දේවල් ඒ උත්සවයේදී සිදුවුනා.දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාවෙන් කෘර යුද්ධය නිම වෙලා තියෙනවා.අවසන් වූ යුද්ධය බොහෝ දෙනා සමරන අවස්ථාව කෘර සැමරුම් උත්සවයක් බවට ප්‍රකාශ කර සිටියා.
අද එම තත්වය වෙනස් වෙලා සංහිදියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතිනවා.දෙමළ බසින් ජාතික ගීය ගායනා නොකිරීම එහි එක් අංගයක්.රජයේ ක්‍රියාකලාපයන් වෙනස් වෙලා.ඒ සියල්ල සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවන් නෙවෙයි.
දෙමළින් ජාතික ගීය ගායනා කරන්න එපා කියල රජය නියෝග දීම කියන්නේ දෙමළ ජනතාව ජාතික ගීය ගායනා කරන්න එපා කියන එකයි. දෙමළ ජනතාව ජාතික ගීය ගායනා කරන්න එපා කියල කියනවා නම් අපි සතුටින් ඒ ගීය ගායනා නොකර ඉන්නවා. මොකද ජාතිකත්වය අතින් දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරල දැන් දශක ගණනාවක් වෙනවා.පළමු ජනරජ ව්‍යවස්ථාව ගෙන ආ වෙලාවේ ඉදලම අපි ඒ බව කීවා.
අපේ සාධාරණ ප්රජාතන්ත්රවාදී ඉල්ලීම් පිළිනොගැනීම නිසා තමයි අපි ජාතික ජීවිතයෙන් ප්‍රතික්ෂේප වූවන් විදිහට ඉන්නේ. ඒ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකරන්නට කටයුතු කරනවා නම් දෙමළ ජනතාවට හිමි දේශපාලන බලතල වැඩි කරන්න ඕනෑ. එවිටයි අපිට සම අයිතියක් ඇති ජාතියක් විදිහට මේ රටේ ජීවත් වෙන්න පුළුවන්.අපිව ඉවත් කරල තියෙන එකේ තවත් එක් සංකේතයක් විදිහටයි ජාතික ගීය දෙමළින් ගැයීම තහනම් කිරීමේ රජයේ නියෝගය අපි දකින්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාචාලකමට දොඩවන්න ගිහින්.. වරිගේ නහගන්න එපා කියලා තමයි, කියන්න තියෙන්නේ.. මොන විදිහකට වුණත් ජාතිවාදී, ආගම්වාදී කැරලි කෝලාහල සංවිධාන කරන මේ වගේ අයව අල්ලලා හිරේට දාන්න ඕනේ..
කරුණාකරලා ඔයා උපදෙස් ගන්න ඉන්දියාවෙන් අහන්න. ඉන්දීය ජාතිකගීය භාෂා කීයකින් ගායනා කරනවද කියලා.. ඒ වගේම භාෂා කීයකින් කතා කරන ජනාතාවක් එහි ඉන්නවද කියලා. නිකන් බයිලා කියන්න එපා මහත්මයා! ජාතිවාදය තියෙන්නේ ඔයාලා වගේ දේශපාලනයෙන් සල්ලි හම්බ කරන කීප දෙනෙක් ලඟ විතරයි. සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට, ඔයාලට වගේ උණක් නැහැ. එයාලට සිංහල කවුරුත් එකයි. මෙයාලා වගේ කීපදෙනෙක් එකතුවෙලා සිංහල-දෙමළ සමගිය නැති කරනවා. සාමය-සමගියට ජාතික ගීය කොහෙත්ම අදාල නැහැ.
එහෙම නම් දෙමළ ජනතාව ඉන්දීය ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක් ඉන්දියාවේ තියෙන්න එපායැ... පළමුව ඉන්දියාවේ ජාතික ගීය දෙමලෙන්.. දෙවනුව අපි... එහෙම හොඳ නැතිද? ජාතිවාදී නරුමයින් රට නැති කරනවා. ජනතාව බේධ කරනවා...
දෙමළ ජනතාව ජීවත්වෙන කිසිම රටක ජාතික ගීය දෙමළෙන් ගායනා නොකරන අතර එය ප්‍රශ්නයක් වී ඇත්තේ ලංකාවේ දෙමළ දේශපාලකයින් අතලොස්සකට පමණි. ගීතයේ අර්ථය දෙමලෙන් වටහාගැනීමට සැලැස්වීමෙන් එය දෙමලෙන් ගායනා කිරීමේ අවශතාවයක් පැන නොනැගෙනු ඇත...
ඉන්දියාවේ ජාතික ගීය දෙමලෙන් ගායනා කළ දවසක අපි නුඹලාට ලංකාවේ ජාතික ගීය දෙමළෙන් කියන්න ඉඩ දෙන්නම්...
මේ වගේ ජාතිවාදීන් අත්අඩංගුවට ගන්න ඕනේ. තවත් ත්‍රස්තවාදයකට අත වනන්නේ මේ වගේ අය තමයි. මෙච්චර කාලයක් බලයේ හිටිය උතුරෙ මිනිස්සුන්ට මොනවද කරේ? අඩු ගණනේ පාසලක් නඩත්තු කළාද, කෝවිල් හැදුවද ප්‍රවාහනය දියුණු කරන්න පාරට බස් එකක් දැම්මද? නිකන් සිංහලයින්ට විරුද්ධව කෑ ගගහ හිටියා විතරයි. රටට බරක් මේ වගේ අය..
ඕක කරන්න ගත්තේ කවටයින් රජවුණාට පස්සෙනේ.. ඊට කළින් දෙමළ සිංහල අය සහෝදරයින් වගේ හිටියා.
සුමන්තිරන් තම මෝඩකම ප්‍රදර්ශනය කරනවා.. ඕනෑම රටක විවිධ ජාතින් හිටියට ජාතික ගීය ගයන්නේ එරට ප්‍රධාන භාෂාවෙන් පමණයි. සුමන්තිරන්ට අනුව වූවොත් ඉන්දියාවේ භාෂා කීයකින් ජාතික ගීය ගයන්න වෙයිද...?
දෙමළ ජනතාව නම් ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ වුණාට නුඹලා වගේ ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරන තක්කඩි නම් මේ රටින් පන්නලා දාන්න ඕනෑ. මොකද රටක තියෙන්න ඕනෑ එක කොඩියක්, එක ජාතික ගීයක්, එක නීතියක්... 2014 ඉඳන් 2019 වෙනකම් නුඹලට කරගන්න බැරි වුනේ උතුරට පාස්පෝර්ට් එකක් හදාගන්න එක විතරයි. නුඹලා හැමදාම කරේ සිංහල දෙමළ ජාතින් දෙක අතර සමගිය ඇති වන එක නවත්වපු එක.... දෙගොල්ලන් සමගි වුණොත් ඩයස්පෝරා ඩොලර් එන්නේ කොහොමද නේද?
හරි හරි මහත්තයෝ... සීයට අසූවක් වන සිංහල බහුතර ජනතාවගේ මතය වෙනස් කරන්න තමුන්නාන්සේට බැහැ. ඒ නිසා දෙන දේ කාලා. වෙන දේ බලාගෙන, තමන්ගේ වැඩක් කරගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි නේද මහත්තයෝ. තමුන්නාන්සේ "ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියන්න බෑ" කියන එක ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. රටේ ඉන්න දෙමළ ජනතාවගේ අනිත් ප්‍රධාන ප්‍රශ්න විසඳලා ඉවරයිද?.
අවුරුද් 2500ක් ගිහිල්ලත් අපි තවම පාලියෙන් තමයි බුද්ධාගමේ ගාථා කියන්නේ. ඒවා සිංහලෙන් කියන්න යන බෞද්ධයින් ලංකාවේ නැහැ. ඒ තමයි සිංහලයින්ගේ හැටි. ජාතිවාදීන් නෙමෙයි. ඉන්දියාවේ කොටි 5කට වැඩිය ඉන්නවා ද්‍රවිඩයන්. ජාතික ගීය දෙමලෙන් කියන්න දෙනවද ඉන්දියාවේ? ඒ වුණාට නුඹලාගේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් තියෙන්නේ ඉන්දියාවේ නේද?
මේ ආයුබෝවන්ඩ මේහේ ඉන්න බැරිනම් කරුණාකරලා වදයක් නොවී මෙහෙන් තොලොංචි වෙලා යනවද හිටන්?
මොන රටේද එහෙම කරන්නේ? අපි 2015 කවටයින් රජ කළාට මොනවා කරන්නද? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.
මේ සේරටම වැරැද්ද අපේ.. ඇත්තටම එදා ප්රභාකරන්ට සුදුසු තැනට යැව්ව දවසේ මේ වගේ අනිකුත් ජාතිවාදීන්වත් එතනටම යැව්වා නම්... සිංහල දෙමළ සාමාන්‍ය මිනිස්සුන්ට කණක් ඇහිලා සමගියෙන් ඉන්න තිබ්බා..
ආ ඇත්තද?, දැන්ද ජාතිකත්වය මතක් වුනේ? ෆෙඩරල් ඉල්ලනකොට, සිංහල භාෂාව, පන්සල් අයින් කරන්න කියනකොට, තමිල්නාඩු අය උසි ගන්නලා අපිට කොරවන්න පුළුවන් කියල හිතනකොට, කොහෙද ඔය ජාතිකත්වය තිබ්බේ...?
මේවට වැරදිකාරයා සුමන්තිරන් මහත්මයා නොවෙයි. අපේ එවුන් ටික. එහෙම නේද?
ඇත්තටම ඔබ ඔබේ ජනවර්ගයට ආදරේද? එසේනම් ඔබ කොළඹට වෙලා ඉන්නේ ඇයි? ඡන්දයක් එන කාලයට වර්ගයා වෙනුවෙන් පෙනී ඉඳලා, තමන්ගේ තැන රැකගන්නවා නොවේද, ඔය ජාතිවාදය කියන්නේ ඔබලාගේ පැවැත්ම, මෙය නැත්නම් ඔබලා කාලා හමාරයි රටේ සුළුජාතීන් මෙය හොඳින් වටහා ගන්න ඕනේ...,
කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරලා කන්න පුළුවන් සිංහලයෝ කියනවා.. උඩ කමෙන්ට්වලත් ඒ විදිහේ කබර නියාය තියෙනවා. දෙමළ උදවියට අයිතිවාසිකම් දෙන්නේ ඉන්දියාව ඒවා දුන්නොත්ලු... මෙච්චර කල් ඉන්දියන් කාරයින් පාරේ වැසිකිළි යනවා කියලා අපුලෙන් ඉඳපු වැදගත් නෝනා මහත්තුරු තමයි ඔහොම කියන්නේ... දෙමළ අයට සිංහල හොඳට පුළුවන්, මගේ දෙමළ සහ මුස්ලිම් යාළුවන් යස අපූරුවට සිංහල කතා කරනවා. සිංහල උපහැරණ දන්නවා. වෙනකක් තියා ඒ ඒ අය අතරෙත් කතා කරන්නේ සිංහලෙන්... ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ගේ ශිෂ්ඨකම නිසා, මට දෙමළ තේරෙන්නේ යන්තමින්, ඒ අය ඒක දන්නවා.. ඒ නිසා මට නොතේරෙනවාට උන් කතා කරන්නේ සිංහලෙන්, ඔන්න ඔහොම උන්ට අර ජාතික ගීයේ සිදුවීම හිතට වේදනාවක්.... ඒ අය නොකිව්වාට මට එ්ක දැනෙනවා.. ඕක ඇතිවුනේ අපේ සුහදකමට පලුද්දක්... වෙන රටවල් වල කළ හෝ නොකළා කියලා ඒ දේ කරන්න හෝ නොකර ඉන්න එක නොවේ වැදගත් වෙන්නේ... අවුරුදු 30ක් මේ රටේ ඇති වුණු භයානක යුද්ධය වගේ ඛේදවාචකයක් ආයේ නොවෙන විදිහට වගබලා ගන්න එක... ඒ වගේ දෙයකදී ජාතික ගීය දෙමලෙන් කියනවා වගේ ඉතාම සුළු දෙයක්... අතිශයින් වැදගත්, දෙමළෙන් ඕක කියනවා ඇහෙනකොට අර මිනිස්සු කොච්චර සතුටට පත්වෙනවාද?
මෙයාව සහ විග්නේශ්වරම් වහාම අත්අඩංගුවට ගන්න. අර දෙමළ ඩයස්පෝරාව කුලප්පු වෙනවා මේ මෝඩ අදහස් වලට...
අයියේ, සිංහල, මුස්ලිම් සහ ක්‍රිස්තියානි අයට උතුරට එන්න අාරාධනා කරන්න. එතකොට ඔය කියන ප්‍රශ්නේ නැහැ. ඔබගේ මේ කතාව රටේ ස්වෛරී භාවයට විරුද්ධ නේද? ශ්‍රී ලාංකිකයින් හැටියට ඔබේ කට මොන පැත්තේද තියෙන්නේ?
මොලේ පිටිපස්සේ තියන මූසල, ජාතිවාදී හැත්තට තමයි. ඕන අනිත් මිනිස්සුත් පාගාගෙන ඉන්න, දෙමළ මිනිස්සු කියන්නේ ඔවුන්ගේ ටොයිලට් වලවල් සුද්ද කරන කල්ලතෝනි කියලා මේ අය හිතාගෙන ඉන්නේ, ඔවුන් පත්කරපු නායකයින්... ඔය සිංහලෙන් විතරක් ඔය සින්දුව කියන එකෙන් දෙන සංඥාව තමයි.. ඔබලා ඉන්න ඕන අපි කියන විදිහට කියන එක.., දෙමළ අය මෝඩයින් නෙවෙයි. ඕක තේරුම් ගන්න බැරි වෙන්න, ඔය ටයිප් එකේ කාලකන්නි අය තමයි තමන්ගෙන් රාජකාරි වැඩක් කරගන්න ආවම බලය පෙන්වන්නේ, අනුන් රස්තියාදු කරවන්නේ..., කස්ටමර් කෙනෙක් ආවම එයා වදයක් වගේ දකින්නෙත් ඔය ගොන් අයම තමයි... ඔවුන් හැමදාමත් නොදියුණු අශිෂ්ඨ මිනිස්සු වෙන්නෙත් අනුන්ගේ දුක තේරුම් ගන්න බැරිකම නිසයි.
අපිට නම් නුඹලා මේ රටේ හිටියත් එකයි, නැතත් එකයි. ජාතික ගීය සිංහලෙන් කියන්න බැරි නම් ඕන දිල්ලියකට යන්න. මොකද මේ රටට මේ අය ආදරයක් කියලා එකක් තියෙන එකක්යෑ...
දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම යහපාලන ආණ්ඩුව කොටි ඩියස්පෝරාවට සහ ටී.එන්.ඒ. එකට දීපු ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීම පමණයි. දෙමළෙන් ජාතික ගීය ගැයීම රටේ ව්‍යවස්ථාවට ඉඳුරා පටහැනියි. ලංකාවේ ජාතික ගීය සිංහලෙන් තියෙන්නේ මේ රට සිංහල බෞද්ධයින්ගේ රට නිසා. රටේ ජාතික ගීයේ වචන වෙනස් කිරීම හිරේ දැමිය යුතු වරදක්... ඉන්දියාව, චීනය වගේ රටවල ජාතික ගීය වාදනය වෙන වෙලාවේ නැගිට්ටේ නැහැ කියලා මිනිස්සුන්ව අත්අඩංගුවට අරන් තියෙනවා. වහල් ආණ්ඩුව පලාලි නැවත විවෘත කරන කොට ජාතික ගීය ගැයුවේත් නැහැ. ඉන්දියාව ඇතුළු වෙනත් සියලු රටවල වගේ ලංකාවත් ජාතික ගීය පිළිබඳ පනතක් ගෙනත් ජාතියක ගීයේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ.. නැවත කිසි දවසක ජාතික ගීය වෙනස් කරන්න බැරි වෙන්න. අනිත් අතට දෙමළ ඩයස්පෝරාව ඇයි බෙදුම්වාදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අවසර ඉල්ලන්නේ නැත්තේ බ්‍රිතාන්‍ය ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න? තමිල්නාඩුවේ 90% ක්ම දෙමළුන්. එහෙ දෙමළෙන්ද ජාතික ගීය ගායනා කරන්නේ? යන්තම් 11%කට අපේ ජාතික ගීය තමිල්නාඩු භාෂාවෙන් කියන්න ඉඩ දෙන්නේ මොකටද?
මිනිසුන් අවුස්සා ජාති භේද ඇති කිරීම වහා නවත්වනු ඇති සිතමි. ලෝකේ කොයිම රටකවත් එක එක බසින් ජාතික ගී කීමක් නැත. ඔය කයිවාරු ගහන බයිලා කියන අයගේ කට්ටිය මේ රටවල කැනඩා, නොර්වේ, ස්වීඩන් , ස්විස්, ඕස්ට්‍රේලියා, ඇමෙරිකා, නෙදර්ලන්ත වැනි තවත් රටවල ඉඳන් වලිගය කකුල් දෙක මැද ගස ගෙන හොඳට ඒ භාෂාවල් හසුරුවමින් එරට ජාතික ගී ඒ භාෂාවලින් හොඳට ගයති. අප රට තුල තමයි ප්‍රශ්න ඇති කරන්නේ , මොකද පාලන තන්ත්රයේ ඇති දුර්වලකම් සහ යුතු ලාභ ප්‍රයෝජන නිසාවෙනි. තදින් සිට පාලනය කළ යුතුයි. ලෝකයේම අප සතු එකම රට මෙය බැවින් දිවි හිමියෙන් රැකගැනීම සහ ආරක්ෂා කිරීම අප සියල්ලන් සතු වගකීම සහ බැඳීමයි.. ජය ශ්‍රී ලංකා...
මෙම පුවත රාජිතගේ පුවතට වඩා ප්‍රබල හෙයින් මෙය ඉහතින් පලකරන්න.
සුමන්තිරන් මන්ත්‍රීතුමා. දෙමළ බසින් ජාතික ගීය ගායනා කරන්න ඕනේ කියමින් ඔයාලා මහා ලොකුවට කියනවා. නමුත් උතුරේ රාජ්‍ය සහ අනිකුත් උත්සවවලදී ජාතික කොඩිය ඔයාලා ප්‍රතික්ෂේප කරනවනේ. අමතකද හිටපු උතුරේ අධ්‍යාපන ඇමති වව්නියාවේ රජයේ පාසල් උත්සවයකදී ජාතික කොඩිය ඔසවන්න ප්‍රතික්ෂේප කළ එක. ඉතින් මොනවටද ජාතික ගීය දෙමළ බසින් ගායනා කරන්න ඕනෑ කියන්නේ?
ජාතික ගීය මොන භාෂාවෙන් හෝ ගායනා කරන්න උතුරේ දෙමළ දේශපාලකයන් කැමති නැහැ. ඔවුන් බොරුවට මෙහෙම කෑගහන්න. අනික ඔවුන් ජාත්‍යන්තරයට මේක යොමුකරන්න මිස ඔවුන් කිසිම භාෂාවෙන් හෝ අපේ ජාතික ගීය ගායනා කරන්නේ නැහැ.
මේ රටේ හැම ජාතියකම අහිංසක මිනිසුන්ට තියෙන්නේ දුප්පත්කමෙන් ගොඩයන්නේ කොහොමද කියන ප්‍රශ්නේ, මේ දේශපාලකයෝ බයිලා ගහනවා ජාතික ගීය එක භාෂාවකින් කිව්වහම මදිද ?
එදා බණ්ඩාරනායක පැය 24 රෙන් ජාතික භාෂාව සිංහල කළා... ප්‍රතිපලය වසර 32 ක යුද්ධයක්..... ඇතිඋනා එත් තවම නිමා වී නෑ... මෙදා මෙන්න තවත් එකක්. පටු දේශපාලන අරමුණු නමුත් දුක්විදින්නේ මහජනයා.
පටු දේශපාලන අරමුණු... නමුත් දුක්විදින්නේ මහජනයා ....
ලංකාවේ අය සිතා සිටින්නේ ඉන්දියාවේ ජාතික ගීය ගායනා කරනු ලබන්නේ හින්දි භාෂාවෙන් බවයි . නමුත් ඇත්තටම ඉන්දියානු ජාතික ගීය 4% ජනතාව භාවිතා කරන බෙංගාලි බසින් ගයනු ලබයි .
"දෙමළ උදවියට අයිතිවාසිකම් දෙන්නේ ඉන්දියාව ඒවා දුන්නොත්ලු..." ජන්ම භුමියවන ඉන්දියාවෙත් නැති අයිතිවාසිකම් ලංකාවේ සිංහල අපි දෙන්නේ කොහොමද?
"කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා කරලා කන්න පුළුවන් සිංහලයෝ කියනවා.. උඩ කමෙන්ට්වලත් ඒ විදිහේ කබර නියාය තියෙනවා. දෙමළ උදවියට අයිතිවාසිකම් දෙන්නේ ඉන්දියාව ඒවා දුන්නොත්ලු.." මෙතන කබරගොයි තලගොයි කරලා නැහැ කියලා තිබෙන්නේ කාටවත් කවදාවත් නොලැබෙන දෙයල් පෙවලා එයාට එක ලැබුනොත් තමුන්ට එක දෙන්නම් කියන එකයි. සිංහලෙන් කියනවා කළු කපුටා සුදුවෙනතුරු ඉන්න කියලා. එක අහලා තිබෙනවාද?
මේක ජාතික ගීය මිසක් ජාතිකත්ව ගීයක් නොවේ.
ආක්රමණික සොලීන් සම්පූර්ණයෙන් ඝාතනය වුනේ නැහැ. බොහොමයක් සිංහල කාන්තාවන් බලයෙන් අඹුකමට ගත්තා. ඉතිරි වුණු පිරිස් සිංහල කතා කරමින් අප අතර සිටිනවා. සමහර කමෙන්ට් වලින් ඔවුන් හඳුනාගත හැකිය. යුද කඳවුරු පිටින් පාවා දුන්නේ ඔවුන්ය.
ඔලුගෙඩිය, එය රාජ්‍ය තාන්ත්‍රිකව නොවේ යූඑන්පීයට ගොට්ට අල්ලන්න මුළුරටම පවාදෙන මුග්ධ ජනයා...
ඔබතුමා එංගලන්තෙන්ද නැතිනම් පොලොන්නරුවෙන්ද?
බමුණුආරච්චි මහත්මය කියනවා උපහාස, අපහාස, උපමා, උපමේය තේරුම්ගන්න දැනීමක් ඕනෑ කියලා, හොඳයි.. යමක් කියනකොට අලංකාර යොදනාවට වඩා කෙලින් ඒ දෙය කීම හොඳයි. එහි අදහස නිරවුල් වෙනවා විතරක් නොවේ. ඕනෑ කෙනෙක්ට තේරුම් ගන්නත් පුළුවන්... උපමාවක් ලියනකොට උපමාවක් බව හැඟවෙන වදන් තියෙනවා.. සේ, වගේ, නියායෙන් වගේ වදන් යොදලා වාක්‍යයට වැඩිදුර පැහැදිලි කිරීමක් දෙනවා. එයින් තේරුම්ගන්න පුළුවන් මේක උපමාවක් කියලා... පරණ සිංහල පොතක් අරන් බලන්න. ඉතින් එහෙම නැති වාක්‍යයක වචනාර්ථයෙන් යමක් තේරුම්ගන්නේ ඒ නිසයි, මොකක් හරි උපමාවක් වෙන්න ඇති කියලා හිතලා තේරුම්ගන්න අදහස් කරනවා නම් අදහස එහෙම් පිටින්ම ව්‍යාකූල වෙලා යනවා. මට සැකයි බමුණුආරච්චි මහත්මයාගේ ජන්මභූමිය සිංහලදීපේද? නමෙන්ම බමුණෙක් වෙලා වාසියට බෞද්ධවෙලා දැන් සිංහලත් වෙන්න ට්‍රයි කරනවා. ඒ මදිවට මේ රටේ ඉපදුණු මිනිස්සුන්ට රටේ අයිතිවාසිකමක් නැහැ කියලා තර්ක කරන්නත් එනවා. දැන් සිංහලත් උගන්වන්න එනවා. එහෙව් එකේ මම වෝල්ට් වයිට් කියලා අයිතිවාසිකමක්... දෙසන්න විතරක් එන්න එපා.
"ලංකාවේ අය සිතා සිටින්නේ ඉන්දියාවේ ජාතික ගීය ගායනා කරනු ලබන්නේ හින්දි භාෂාවෙන් බවයි..." ඔව් ඔව් අපි දන්නවා ඒ එහි නිර්මාතෘ බෙන්ගාලි ජාතික රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ නිපැයුමක් නිසා...
"දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක්" ඔව් නුඹලා සිංහල භාෂාව ප්‍රතික්ෂේප කරනවා නම් අපි නුඹලාව "හෝල් සේල්" ප්‍රතික්ෂේප කරනවා. සිංහලයාට නුඹලා නැතුව ලෙහෙසියෙන්ම ජීවත් වෙන්න පුළුවනි. ඒක මතක තියා ගනිල්ලා.
අැයි ඔබට ජාතික අභිමානය කියන එකක් නැද්ද? ජාතික අභිමානයට තමයි ජනතාව හමුදාවන්ට බැඳිලා යුද්ධ කරන්නේ මැරෙන බව දැනගෙන... ඒක නිවටයින්ට තේරෙන්නේ නැහැ. ඒ නිසයි ලෝකේ ඉදිරියේ දණින් වැටී ජිනීවාවට ලංකාව පාවාදුන්නේ..
මේ වහල්ලුන්ගේ ආශාව...... බුද්ධිමතුන් මේ පිළිබදව කණගාටුව ...!!!
වර්තමාන ආණ්ඩුව ජාතිවාදී ආණ්ඩුවක් බව ලෝකයා ඉදිරියේ දිස්විමක් නොවේද ...?
වහල්ලුන් සනසන්න කරන උප්පර වැට්ටි... නමුත් බුදු දහමට මෙය එකඟද?
ශ්‍රී ලංකාවේ වර්තමාන රජයේ ප්රජාතන්ත්රවාදය දෝරෙ ගලන්න පටන් අරන් වගේ...
මෝඩයෝ සනසනකොට බුද්ධිමතුන්ට ඇඩෙනවා. රට වලපල්ලට යනවා.
බමුණු ආරච්චිචි කියලා හිතෙනවා හිතන විදිය වගේම ලියන විදිය දකිනකොට............... මහත්තයෝ මේ වානර යුගය නොවේ. 21 වන තාක්ෂණ යුගය වේ.
සිංහළ, දෙමල ,මුස්ලිම් , මැලේ ,ජා ,බර්ග , මේ සියල්ලෝ මිනිස්සු. ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ. ඒ අයට තේරෙන භාෂාවෙන් ඒ අය කීවම මොකද වෙන්නේ. සමගියට වින කරන්න එපා.