(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්රියාක්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (29) මිනුවන්ගොඩ තරුණ සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතාගේ කටේ නරිවාදම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන බවත් රාජපක්ෂවරුන්ට බොරු නඩු පටලවා සිරගත කිරිමේ යහපාලන ආණ්ඩු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ අයෙකු වන රාජිත සේනාරත්න මහතාට දිට්ඨධම්ම වේදනීය කර්මය පරිසන් දෙමින් පවතින බවද රණතුංග මහතා සඳහන් කළේය.
" මිනිහෙකුට කරදරයක් වුණාම අපි කවදාවත් ඒක හොදයි කියපු අය නෙමෙයි. ඒත් රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා මේ රටට කරපු විනාශය නිසා අද රාජිත අත්අඩංගුවට ගත්තාම අනේ අපොයි කියන කෙනෙක් නෑ. එදා මට මතකයි රාජිතලා; මහින්ද මහත්තයලා, ගෝඨාභය මහත්තයලා අත්අඩංගුවට ගන්නවා කියලා පම්පෝරි ගහපු හැටි".
රාජිතලා එදා වැඩ කළේ රාජපක්ෂ පවුලෙන් පළි ගැනීමේ වුවමනාවට. ඒ අයට ඕන වුණේ රාජපක්ෂලා හිරේ දාන්න. ඒ වෙනුවෙන් යහපාලන ලොක්කෝ නීතිය නැමුවා. හැබැයි අපි එහෙම නෑ. අපි නීතිය නමන්නේ නෑ. නීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. රාජිතලාට, චම්පිකලාට වගේම යහපාලන හොරුන්ටත් නීතියෙන් ගැලවීමක් නෑ.
රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගත්තාම දේශපාලන පළිගැනීම්ලු, පුදුම වැඩක් තමයි. එදා නාමල්, යෝෂිත, ජොන්ස්ටන්, විමල් අත්අඩංගුවට ගන්නකොට ඒක නීතිය ක්‍රියාත්මක කිරීම. අද රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගන්නකොට දේශපාලන පළි ගැනීම්ලු, පුදුම කතා මේවා.
මම දැක්කා රාජිතට වරෙන්තු කරලා තියෙනකොට දවස් දෙකක්ම හැංගිලා හිටියේ මේ රටේ හිටපු නායිකාවකගේ ගෙදර කියලා සමහර වාර්තා පළවෙලා තියෙනවා. වරෙන්තුකරුවෙකු වූ රාජිතට රැකවරණ දුන්නේ කවුරු වුණත් ඒ අයගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.
2015 ජනවාරි 8 තමයි මේ රටේ මෑතක දී ඇති වූ මූසලම දිනය. ඒ දිනයෙන් පස්සේ රට ආගාධයට ගියා. අපි දැන් අපේ රට ඒ ආගාධයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද කරමින් ඉන්නවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තබා ඇත්තේ සුළු පටු විශ්වාසයක් නෙමෙයි. ඒ විශ්වාසය අපි කිසිලෙසකවත් පළුදු කරන්නේ නෑ.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගරාධිපති නාලන් නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එක්කම කප්පම් කරුවන්ට අරන් තියෙන නඩු කඩිනම් කළා නම් හොඳයි.
මේ කතා කරන්නේ කටින්ද? මහ ඇමති වෙලාඉන්න කාලේ ගහපු හැටි කවුරුත් දන්නවා. මෙයාගේ ළමයි දෙන්නම ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියා වල. ගම්පහ හිටිය රණතුංගලාට කොහෙන්ද ඔච්චර සල්ලි?
ඒ වගේම හිටපු නීතිය සාමය ඇමැතිත් අධිකරණයේ නඩු තියන කෙනෙක්ව සඟවාගෙන හිටියා. හිටපු රැසියානු තානාපතිත් රතු වරෙන්තුව නිකුත් කරද්දිත් හැංගිලා තමයි ඉන්නෙත්. මේවාටත් නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට තමයි කියන්න පුළුවන් නීතිය සාධාරණයි කියලා...
මේ අයගේ පස් හොරකම්, කප්පම් ගැන මොකද දන්නේ නෑ කියන්නේ?
ඔබතුමාගේ අර අල්ලස් නඩුව ඉවරද? නැහැ. මේ ටිකේ හරියට වැඩලු.. කට්ටියගේ නඩු අයින් කරන්න.
ක්‍රිස්තුන් වහන්සේ කියූ නුඹලා අතරින් පව් නොකළ අයෙකු පළමු ගල ගසාපන් කියපු කියමන මෙතුමාට සිහිපත් කරමි..
රාජපක්ෂලාටම විරුද්ධව තමයි නීතිමය පියවර ගන්න වෙන්නේ...
හොඳයි නීතියම කරන්නකෝ... හැබැයි ඉස්සර වෙලා ඔබතුමාලට තියෙන බදු ටික බේරුමක් කරන්නැද්ද?
මෙහෙම ගියොත් රටේ සිර ගෙවල් මදි වී තව සිර ගෙවල් සැදිය යුතු වේ යයි සිතමි. මන්ද මෙසේ සිරගත කර රට තුළ ප්‍රශ්න ඇති කිරීමට ගියහොත්, වැඩි වශයෙන් ගත කළ කොයි දේශපාළුවත් පිරිසිදු චරිත නොවේ. ඔය කතාකරන නොකරන කාගේත් කිල්ලෝටවල හුණු ඇත. එය දැන වැඩකළහොත් ඇඟට ගුණදායකයි සිතමි. දිට්ඨධම්මවේදනීය යනු සත්‍යයකි. ජනාධිපති සත්පුරුෂයෙක් විය හැකිය. නමුත් වට කොට සිටින්නේ වැඩිප්රමාණයක් අපරාධකාරී වංචනික දූෂිතයින් රැසකි. මැති හෝ ඇමති, උඩ බලන් කෙළ ගැසූ කළ තම මුහුණෙහිම පතිත වේ. කළ කී දේ අමතක නොකරන් අබරෝ කියා ඇත. සැමදා නත්තල්ද, අවුරුදුද නොමැත. සුදු හැඳ දෙඅත් මුදුනේ තබා වැන්දාට මදිය.. බුදුදහම අනුගමනය කළයුතුවේ. පාට, පක්ෂ දේශපාලනයෙන් තොර උපන් මව්බිම වෙනුවෙනි.
මේ වගේ කතා නොකර ඉදිරියට කරන දෙයක් අවංකව කළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. රටේ ඉන්න මිනිස්සු කවුරු කියා සිතාගෙන මේ විදියට කතා කරනවාද කියා තේරුම් ගත නොහැකියි. තමන් ගැන තමන් හරියට තේරුම් නොගැනීමක් යැයි අපට සිතේ.
නිකම් වැදි බණ කියන්න එපා හලෝ...
මේ කතා කරන්නේ හරියට වැඩ කරපු මිනිහෙක්ද? අට පාස්, වැඩ බැරි තගාලා පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනකට නොයවන්න නම් චන්ද දායකයෝ උගත්, බුද්ධිමත් මිනිස්සු වෙන්න ඕනේ... එහෙම නොවෙන අපේ රටේ මේ වගේ පට්ට හොරු, පගාකාරයින් සහ මැරයින් ආයෙ ආයෙත් පාර්ලිමේන්තුව ඇතුළට ගිහින් පළිගන්න එක ඇර වෙන දෙයක් කරන්න දන්නෑ. පළමුව තමන්ට ඇති චෝදනාවලින් නිදහස්වෙලා ඉන්න ඕනේ...
බොරු නැතිව හිටියා නම් හොඳයි නේද? හොරුන් බව අපි දන්නවා. මොනවා කරන්නද අපේ කරුමෙට නුඹලා අපිට උරුම වෙලා.
දැන් මහබැංකු හොරකම අමතක කරලා නිකන් සිල්ලර වැඩ කර කර ඉන්නකෝ ඡන්දෙ එනකම් දෙගොල්ලොම හොරු රකිනවා වගේ එන ඡන්දෙ මිනිස්සු ඒවාට ප්‍රතිචාර දෙවි.
මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මෙයාට
තමංගේ අමාත්‍යාංශයේ කරන වැඩ ගැන විතරක් කතා කරන්න. එවායින් ජනතාවට ලබා දෙන ප්රතිලාභ එන විදියට සැලසුමක් ඇතිව වැඩ කරන්න. ඔය එක එක අයට දඩුවම් දෙන්න ගියොත් තමංගේ වැඩ අතපසු වෙනවා. ජනාධිපති තුමනි ජනතාවගේ ජීවන බර අඩු කරන්න සැලසුම් කල හැකි අයට ඇමතිකම් දෙන්න.
ඔබතුමා ඔබට අයිති වැඩක් කරන්න. ඔබතුමාගේත් චරිතය ගැන ජනතාව දන්නවා.
එක්කෙනෙක් දූෂණ ගැන කතා කරයි.