(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (27) පැවැසීය.
ඒ සඳහා මුදල් ගෙවීම, මුදල් ගෙවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ආණ්ඩුව බව ද හෙතෙම කීය.
මේ වසරේ 8 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ආචාර්ය වීරසිංහ මහතා ඒ කරුණු කීවේය.
එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.
“ලබන වසරේදී ණය සේවා පිරිවැය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් ගෙවන්න තියෙනවා. ඒ සඳහා මුදල් සොයාගන්නේ කොහොමද ගෙවීම් සිදු කරන්නේ කොහොමද යන තීරණ ගත යුත්තේ ආණ්ඩුවයි.
වාණිජ වෙළෙඳපොළවලින් මුදල් සොයාගන්නවාද කොහොමද කියන තීරණ ගන්න ඕනෑ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ඉන්නේ අතුරු සම්මත ගිණුමක් යටතේ. පසුගිය ආණ්ඩුවට සැලැසුම් තිබුණා ඒ සම්බන්ධයෙන්. දැන් අලුත් ආණ්ඩුවක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නව තීරණ ගත යුතුයි.
කොහොම නමුත් අපි මුදල් ප්‍රමාණයක් සොයාගත යුතුව තිබෙනවා. පසුගිය සමයේදී සොයාගත් මුදල් ප්‍රමාණයක් අප සතුව තිබෙන නමුත් තවදුරටත් මුදල් අවශ්‍ය වෙනවා. වාණිජ මූල්‍යකරණය මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් හෝ අදාළ මුදල් සොයාගන්න අවශ්‍යයි. කොහොම නමුත් මේ සම්බන්ධ තීරණ ගන්නේ ආණ්ඩුව.
ණය මුදලෙන් විශාල මුදලක් ගෙවන්න තියෙන්නේ ලබන ඔක්තෝබර් මාසයේ. එතෙක් අපට සහනයක් තිබෙනවා වගේම සුමට මුදල් ගලාඒමක් තිබෙනවා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් බිලියන 4.8ක් ගෙවලා දාන එක මේ ආණ්ඩුවට අමාරු වෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ඇමෙරිකාවත් එක්ක හිතවත් නිසා එයාලා ඕනෑතරම් උදව් කරයි.
"පසුගිය රජය ට සැලසුමක් තිබුණා. පසුගිය සමයේ සොයා ගත් මුදල් කොටසක්ද තිබේ." ප්‍රශ්නයට පිළිතුරත් මේ ලිපියේ තිබේ. පසුගිය රජයේ සැලසුම ක්‍රියාත්මක කළ යුතුයි නේද? "චීනෙන් හෝ වෙනත් ක්‍රමයකට ණයගන්න එපා, මේ ණය පියවන්න.
දැන් ගත්තේ කරන්න පුළුවන් හින්දනේ. ලොකු ටෝක් දීලා මිනිස්සු පැහැරගෙන ගිහින් නඩු නැතුව හිරේ දැම්මට ආණ්ඩු කරන්න බෑ කියලා බයියොන්ට දැන් තේරෙයි.
මේ ණය ප්‍රමාණයෙන් කොපමණ මුදලක් පසුගිය රජයෙන් අරගෙන තිබෙනවාද කිව්වා නම් තමයි හොඳ?
අපේ ජොලිය ඉවරවෙන කතා කියන මොහුට විරුද්ධව පරීක්ෂණයක් කළ යුතුයි.
රනිල් කරපු අසාර්ථක ව්‍යාපෘතිවලට ගත්තු ණය... අසාර්ථක ගුවන්තොටුපොළවල.. අසාර්ථක වරායවල් .. ඇතුළු දේවල් වල ප්‍රතිඵල ජනතාව කරපිට... ජයවේවා ...!!!
කවුරු ගත්ත ණයද ඔය...? ගත්තා නම් ගෙවන්නයි තියෙන්නේ..
මේ කොමිස් ගහපු ණය වෙන්න ඇති ...
පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්, ගත්ත ණය වෙන්න ඇති ඔය ගෙවන්න තියෙන්නේ..!!!
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු...
ණය ගෙවිය යුතුමනේ... ගිය ආණ්ඩුවේ සැලසුම් තිබුණා නම් එ් ආකාරයට ගෙවීමනේ තියෙන්නේ...
ගිය ආණ්ඩුවට පින් දෙන්න ණය ගෙවන්න වැඩපිළිවෙලක් හැදුවට. මේ ගෙවන්න තියෙන්නේ 2005 - 2015 ආණ්ඩු කාලේ ගත්තු ණයම තමයි. රාජපක්ෂලාටම එයාලා ගත්තු ණය ගෙවන්න වීම එක අතකට දෛවයේ සරදමක්. අති දුෂ්කර කාලෙකට යන්න තියෙනවා. ඒක වහන්න දේශපාලන නාට්ටි පෙන්නනවා.
දැන් බයියෝ දුන්නෙයි, ගත්තෙයි පුළුවන් හින්දනේ... දැන් ඉතින් ගෙවන එකයි තියෙන්නේ. ඒ අතරේ ආයෙත් ගිනි පොලියට වාණිජ ණය අරගෙන රට දුවන එක ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නෑ මුන්දැලාට... අපි බලාගෙන ඉන්නේ කොහොමද බයියෝ ඉස්සරහට කරන්නේ කියලා. අපි කිව්වනේ කන්නවත් නැතිවෙනවා කියලා.
අපේ රටේ නිවැරදි ප්‍රතිපත්තියක් නැතිකම තමයි මූලික වැරැද්ද... ආණ්ඩු මාරුවෙනකොට ප්‍රතිපත්ති වෙනස්වෙනවා. ණය මුදලක් ගන්නකොට හිතන්නේ නෑ කොහොමද ගෙවන්නේ කියලා? ගත්ත ණයමුදලෙන් කොටසක් හොරාකනවා. අපේ මිනිස්සු තමන්ගේ අශ්වයා දිනුවානම් ඇති ණයටික තමන්ගේ දරුවා ගෙවයිනේ කියලා ඉන්නේ. තව අපි අපිට කියලා ගුවන්සේවයක් තියෙනවා (හැබැයි පාඩුපිට)
ගුවන් යානා එන්නැති ගුවන්තොටුපළවල් නැව් එන්නැති වරාය සෙල්ලම් කරන්න බැරි පිට්ටනි සම්මන්ත්රණ නැති සම්මන්ත්රණ ශාලා මීහරක් යන්න ගම්මිරිස්, වී වේලන්න කාපට් පාරවල් ඔක්කොම හැදුවේ කොමිස් ගහගන්න. අන්තිමට දැන් මහජනතාව පිටපටවලා ඔවුන් සැප ගන්නවා. මේවට ලංකාවේ අධිකරණයෙන් කවදාවත් දඬුවම් ලැබෙන්නේ නැත. කොමිස් ජරාව කාපු අය ලේ බඩ ගිහින් මැරෙන්නේ...
බුද්ධිමත් පුද්ගලයාට මඩ ගහලා විනාශ කරන අය මේවාට වගකිව යුතුයි.
මොකද අඬ අඬා ඉන්නේ අර MCC එකක් තියනවනේ. මේ අර අඳින්නේ එ්කටනේ. අනේ හොඳයි.
මේ අය ණය අරන් තියෙන්නේ අපේ සුභසිද්ධියටද? පවුල් පිටින් කරපු හරිය, නාස්තිය, දූෂණය ගැන අප නොදන්නවා නෙවෙයි. නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයින් කරපු එකයි සිද්ද වුනේ.
රටක් පාලනය කරනවා කියන්නේ සමිතියක් පාලනය කරනවා වගේ කියලා හිතුවද දන්නේ නැහැ. ඔක්කොම එකයි. ඉතින් කොහොමද ආයතනයක් ලාභ ලබලා මේ ණය කන්ද ඉවර කරන්නේ..?
අවුලක් නෑ. දැනට අඩු ගණනේ දෙන්නෙක් හරි ඇතුළට දාගන්න පුළුවන් වුණානේ. ඔහොම යමු...
ලොකු ණය හිමියන්ට රටෙන් කෑල්ල කෑල්ල කඩලා දෙමු. දෙපැත්තෙන් කවුරු වුණත් එ්කට බැහැ කියන එකක් නෑ මගේ හිතේ. නැත්නම් අර විකට කතාවේ ක්‍රමයට මෙහෙම කරමු. චීනෙන් පස් අවුරුද්දකට බිලියන 5ක් අරන්... ඇමෙරිකාවේ ණය ගෙවනවා. අවුරුදු 5ක් ගියතැන අැමෙරිකාවෙන් බිලියන 5ක් අරන් චීනේ ණය ගෙවනවා. ආයෙත් අවුරුදු 5ක් ගියතැන චීනෙන් ණය අරන් ඇමෙරිකාවට ගෙවනවා. ඔහොම මාරුවෙන් මාරුවට ගෙවන එක අපට කරදර හින්දා ඒ දෙගොල්ලන්ට කියනවා "දැන් ඉතින් අපි ඕනෑ නැහැ, ඔය දෙගොල්ලන් අවුරුදු පහෙන් පහට සල්ලි එහා මෙහා කරගන්න. ඕකට අපි ඉන්න ඕනෙ නැහැ නොවැ, ඕං අපි ගියා" කියලා. ණය ඉවරයි.
කොහෙමත් ණය ගන්න විතරයි නේ දන්නේ. මේ රට හදන්න මේ අයට බැහැ. එ්ක මේ රටේ පොල්පිති වගේ අපේක්ෂකයින්ට ඡන්දේ දෙන අපේ බත් කන හරකුන්ට තේරෙන්නේ නෑ.
ලංකාවේ වැඩිපුර ඡන්ද දායකයින් ජීවත් වෙන්නේ ගම්බදවයි. ආණ්ඩුව ණයගත්තත්, නොගෙව්වත් ඒ අයට ගණනක් නැහැ. තමන්ට අත්‍යාවශ්‍ය සේවා ලබාදෙන රජය තමයි හොඳ... ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ජනගහනයෙන් සුළු පිරිසක් බව කියන්න ඕනෙ නැහැනේ... දේශපාලකයින් කියන දේ හැරුණුවිට ඒ අයට රජයක් ක්‍රියාකරන හැටි දන්නේ නැහැ.
Mcc ගිවිසුම අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මලු. ඒ කියන්නේ මෙයාලා මීට පෙර කෑගහලා තියෙන්නේ ඒ ගැන අධ්‍යයනය නොකරද? දැන් සියයට 70ක් හොඳයි කියනවා. ඇයි ඉතින් ඕක මීට ඉස්සර වෙලා කිව්වේ නැත්තේ... බලමුකෝ මෙයාලගේ කෙරුවාවත් කොහොමද කියලා... කන්තෝරුවකට කඩාවැදිලා, බිත්තිවල චිත්‍ර ඇඳලා වගේ ටොපි, ලොසින්ජර් දීලා රටවල් කරන්න බැරි බව තේරුම්ගන්න කොට එළිවෙයි.
දැන් කෝ මේ බයියෝ ටික?
මේ අරගොල්ලෝ ගත්ත කොමිස් වලින් සුළු කොටසක් විතරයි