(මොහොමඩ් ආසික්)
කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පසුගිය 22 වනදා පලාගොස් සැඟව සිටි වරෙන්තුකරුවකු කටුගස්ගස්තොට පොලීසිය මගින්ම කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවක් තිබූ මෙම සැකකරු කටුගස්තොට පොලීසිය මගින් සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මහනුවර දී පලා ගොස් සැඟව සිට තිබේ.
මෙම සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදු කළවිශේෂ මෙහෙයුමක් මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු අද (28) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බවයි.