(උපාලි ආනන්ද)
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ සහ රුවන්වැලි මහ සෑ රදුන්ගේ ආරක්ෂාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර තුනක් සවි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව ස්කෑන් යන්ත‍්‍ර තුනෙන් එක් ස්කෑන් යන්ත‍්‍රයක් ජය ශ‍්‍රි මහ බෝ සමිදුන් වැඩ වසන උඩමලූවට ප‍්‍රවිශ්ඨ වන පුරා විද්‍යා හංදියේ ද (සදහිරු සෑය දෙසින්) තවත් ස්කෑන් යන්ත‍්‍රයක් ජය ශ්‍රී මහ බෝ සමිදුන් වැඩ වසන උඩමලූවට ප‍්‍රවිශ්ඨ වන සිංහ කනුව දෙසින් පැමිණෙන ශ‍්‍රී මහ බෝධි මාවත අවසානයේ මල් කඩ පවතින දිශාවේ ඇති ප‍්‍රධාන දොරටුවට ආසන්නයේ ද සවි කෙරනු ඇත.
අනෙක් ස්කෑන් යන්ත‍්‍රය රුවන්වැලි මහ සෑ මළුවට ප‍්‍රවිශ්ඨ වන ප‍්‍රධාන දෙරටුව ආසන්නයේ ද සවි කිරීමට නියමිතය. උඩමුලවට පිවිසෙන පුරාවිද්‍යා හංදියේ ස්කෑන් යන්ත‍්‍රය සවි කිරිමේ දී මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.
මෙම ස්කෑන් යන්ත‍්‍ර සවි කිරීම තුළින් ජය ශ‍්‍රි මහ බෝධි මලූවට සහ රුන්වැලි මහසෑ මළුවට ඇතුළු වන සියළු පුද්ගලයින් සහ ඔවුන් රැගෙන එන සියළු භාණ්ඩ ඉතා සියුම් ලෙස දැඩි සෝදිසි කිරීමකට ලක් කරන බව උඩමලූව පොලිසිය පවසයි.
සහරන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව මෙවැනි අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර 50 ක් චීනයේ සිට ශ‍්‍රි ලංකාවට ගෙන්වා ඇති අතර ඉන් එක් ස්කෑන් යන්ත‍්‍රයක් මේ වන විටත් මහනුවර ශි‍්‍ර දළදා මාලිගාවට ඇතුළු වන පුද්ගලයින් සහ භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා සවි කර ඇත. දැනට එම ස්කෑන් යන්ත‍්‍රය ක‍්‍රියාත්මකව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණය ළඟ එනකොට තව සෙල්ලමකට අර අඳිනවා වගේ.
මෙන්න මේක දැම්මේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ "දැනට එම ස්කෑන් යන්ත‍්‍රය ක‍්‍රියාත්මකව පවතී...."
රේගුවේ ස්කෑන් යන්ත‍්‍ර අයින් කරන අතරේ රුවන්වැලියේ ආරක්ෂාවට අති නවීන ස්කෑන් යන්ත‍්‍ර. සහරාන්ගේ ත‍්‍රස්ත ප්‍රහාරය සිදු උනේ පල්ලියක බවත් මතකයි.
යන්ත‍්‍ර 50ක් ආනයනය කළා. නමුත් 4යි වැඩ... ඉතුරු ඒවාට මොකද වුණේ?
හා හා !! ස්කෑන් යන්ත‍්‍ර කියන වචනය ඇහෙනකොටත් එතනෝල් කාරයින්ට, කුඩු කාරයින්ට අර්ෂස් තදවෙනවා. ඔය එක යන්තරයක්වත් එතනෝල් කාරයා ඉන්න, යනෙන පැතිවල හයි කරනවා එහෙම නොවෙයි. ඔන්න නොකීවයි කියලා කියන්න එහෙම එපා පස්සේ...