ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වයිට් සෙට්ල්මන්ට් හි පල්ලියක උදෑසන පූජාව පැවැත්වෙන අවස්ථාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
පසුව පල්ලියේ ආරක්ෂක නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් තුවක්කුකරු ද මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
තුවක්කුකරු පල්ලියේ බංකුවක් මතට නැගී වෙඩි තැබීම සිදුකර ඇති බවත් තුවාල ලැබූ පුද්ලගයන් දෙදෙනා රෝහල් ගතකිරීමෙන් පසු මියගිය බවත් බලධාරීහු පවසති.
පොලිසිය පවසන්නේ වෙඩි තැබීමට හේතුව පැහැදිලි නොමැති බවයි.
කෙසේ වුවද පල්ලියේ ආරක්ෂක භටයින් වහාම ක්‍රියාත්මක වීම හේතුවෙන් බොහෝ පිරිසකගේ දිවි බේරාගැනීමට හැකිවූ බවද පොලිසිය සඳහන් කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලම බලන්න වෙඩි තියපු කෙනාගේ ජාතිය ?
අන්තවාදීන් කියනේ වෙඩික්කරුවන් වගේ උදවියටයි. තැන, නොතැන, ජාතිය, ජන්මය, ආගම, වයස , ස්ත්‍රී පුරුෂභාවය වගේ කිසිම දෙයක් ඔවුනට අදාළ නැත. මානසික රෝගීන්, මොලේ විකෘති අයවලුන් සෑම රටකම සියලු ජාතින් අතර ඉන්නවා. දුෂ්කර වුවත් ඔවුන් හරියට හඳුනා ගැනීමෙන් පමණයි සමාජයට සෙතක් සැලසිය හැක්කේ. කාටුන් වැනි මොලේ විකෘති කරන පිළිලයන්ගෙන් පුළුවන් තරමට ළමා පරපුර දුරස් කරවීම තමා කළ හැකි ඉක්මන්ම ප්‍රතිකාරය. ( කාටුන් චිත්‍රපට මුලින්ම හඳුන්වාදී ඇත්තේ වියට්නාම යුද්ධ සමයේදී සොල්දාදුවන්ගේ අඩුව සපුරා ගැනීම සඳහා තරුණ පරපුර පෙලෙබවා ගැනීම සඳහාලු?
ජීවත්වීමට ලෝකයේ තිබෙන බියකරුම රට ඇමරිකාවයි. ඇමරිකාවේ ආර්ථිකය පොහොසත් වුණාට බොහෝ දෙනෙක්ට ශීත ඍතුවේ නිවාස උණුසුම් කරගන්නවත් වත්කමක් නැහැ. සෞඛ්‍ය ඉන්ෂුවරන්ස් එක ගෙවාගන්න බැරි නිසා බොහෝ අයට දොස්තර කෙනෙක්, රෝහලක් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ලංකාවෙන් ගිය බොහෝදෙනාද සුළු රැකියා කරමින් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඇමරිකාවේ ස්ටේෂන් අයිලන්ඩ් වල ලාංකිකයන් මීට උදාහරණයක්... කැලිෆෝර්නියාවේ ලාංකිකයින්ගේ තත්වයද මීට දෙවැනි නැත. ළමයින්ට ආරක්ෂාකාරි පරිසරයක් ලබාදීම තවත් යුද්ධයකි.