(රොමේෂ් මධුෂංඛ)
තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේ දී පෙරැළී යාමෙන් 10 දෙනෙකු තුවාල ලැබූ බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.
යාපනය-මහනුවර ප්‍රධාන මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් කුරුඳුපිටිය ප්‍රදේශයේ දී බස් රථය පෙරැළී ගොස් මෙම අනතුර සිදුව ඇත.
බස් රථයේ අධික වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරැළී යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
අනතුරින් තුවාල ලැබූ 10 දෙනාම පිරිමි පුද්ගලියන් වන අතර එම පිරිස් වවුනියාව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ සිටි දෙදෙනකුගෙන් එක් අයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කළත් මේ බස්කාරයින්ගේ මාර්ග නීති උල්ලංඝනය කිරීම, අධික වේගය, චණ්ඩි පාට් නවත්ත ගන්න තාම බැහැනේ...
සමහර CTB බසුත් මෙහෙමයි...