(දසුන් රාජපක්ෂ)
මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය කිරීම අද (01) සිට වහාම ක්‍රියාත්මක පරිදි තහනම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
දේශීයව එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් ඒවාට අදාළ කර්මාන්තය ආරක්ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මුදල්, ආර්ථික, හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් මත ගෙන ඇති මෙම තීරණය අද (1) සිට ක්‍රියාත්මකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යවලට මම එකඟ නොවූවත් දේශීය නිෂ්පාදකයාට තැන තැනදීම අගය කළ යුතු කටයුත්තකි. එමෙන්ම අපගේ විදේශ විනිමය නිකරුණේ පිටත යාම මෙමගින් ඇණහිටියි.
හොඳ වැඩක්.
අනේ අනේ ! මේවා බොහොම වැරදි වැඩ. " පුදපු ගමන් කාපි යකා". පහුගිය දවස්වල රේගු ස්කෑන් යන්ත්‍රයට හෙම දොස් දේවල් කියා කියා වැඩේ පටන්ගන්න අර අදිනකොටම ඇද්දා නේද කචල් එක ? කිකිළි කෙකර ගෑවට මදි. බිත්තරේ වැටෙනකන් ඉන්න එපාද අහුලා ගන්න. දැන් ඉතින් කිකිළි බිත්තර නොදාන්නේ විදුලි කෙටිල්ලට බයවෙලා හෙම නොවේ. වයඹ පළාතේ විතරක් කීදෙනෙක් බලාගෙන හිටියද වැඩේ ජයටම කරගෙන යන්න.
මෙයාගේ අර එතනෝල් කොල්ලා මේ ටිකේ බදු ගේන්න ඇති. ආණ්ඩුවේ ආශීර්වාදයෙන් දැන් ගෙනත් ඇති කාලයකට ඇතිවෙන එකයි නවත්වන්න යන්නේ.
ලොකුම එතනෝල් කාරයින් හිටියේ 2015ටත් කලින්..
මේක එතනෝල් ආණ්ඩුවක්. තනිකරම ඉන්නේ එතනෝල් කාරයින්...
මේකත් හරියට "සමහර භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කරලා ඒ ගැන විශාල ප්‍රචාරයක් ලබාදෙන අතරේ එම භාණ්ඩම වරායෙන් පිටකර ගන්නා විට අයකරන බද්ද දෙගුණයකින් වැඩි කළා වගේ" කොලේ වහලා ගහන ජාතියේ උප්පරවැට්ටියක් වෙන්නත් බැරි නැහැ. එතනෝල් කියනකොට මතක්වෙන නමක් වරාය බාරව ඉන්නවා කියලනේ කියන්නේ...
මුලදී මෙහෙම තමයි. පහු පහු වෙනකොට කොහොම වෙයිද? අපි නොදන්නවා නෙවෙයිනේ මෙයාලගේ වැඩ...
ජොනියා අනික් පැත්තට පනීද?
පොල්වතුරවලින් ස්ප්‍රීතු සහ බ්‍රැන්ඩි නිෂ්පාදන ව්‍යාපෘති වලට අවසර දුන්නේ නැහැ. කලකට ඉහත මතට තිත කියලා. මතක නැතිව ඇති. ලංකාවේ තිබෙන විශාල පොල් මෝල් වලට උදව් කරන්න පොල් වතුරෙන් හදන එතනෝල් ව්‍යාපෘති වලට. රටට සහ කඩාවැටෙන පොල් කර්මාන්තයට තල්ලුවක් වගේම පොල් වගකරුවන්ටත් හොඳක් වේවි...
හයියෝ දැන් ...ලෝකල් රා කට්ටේ පිහිට තමා ....