( ඩයනා උදයංගනී)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සම්පූර්ණ කොටස වැඩ නිම කර සිංහල අලූත් අවුරුද්දට පෙර විවෘත කරන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (1) පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් පසුගිය රජය විසින් වැඩ අවසන් වීමට පෙර විවෘත කරනු ලැබුව ද එසේ කලින් විවෘත කිරීම හේතුවෙන් ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙන බව ද ඇමතිවරයා සදහන් කළේය.
ඔවුන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කළත් එහි මුල් කොටස නොමැතිව මීරිගම සිට පොතුහැර දක්වා පමණක් වැඩ ආරම්භ කර ඇතැයි පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි කටයුතු සිදු කෙරුණේ ඉතා සෙමින් බව ද කියා සිටියේය.
මහා මාර්ග අමාත්‍යංශයෙන් කළ යුතු ගෙවීම් රුපියල් කෝටි 2500 ක් පමණ තිබෙන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිර වී තිබෙන බව සැගවීමට අවශ්‍ය නැතැයි ද කීවේය.
ජනාධිපතිවරයා පසුගිය දිනෙක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාක් මෙන් වරායට ද පැමිණෙන්නේ නම් තමන් ඉතා සතුටු වන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ඔය දක්ෂිණයේ කොටසක් වැඩ ඉවර වෙන්නත් ඉස්සෙල්ලා විවෘත කරේ ඔයාලගේ මහින්ද මහත්තයාගේ පොඩි පුතාගේ මගුල් ගදරට මිනිස්සුන්ට යන්න එන්න මහින්ද මහත්තයාගේ ඉල්ලීමකටලුනේ....
අනුන් කපපු වලක මේ ගොල්ලෝ පැල හිටවන්නයි හදන්නේ... ඒකෙනුත් කීයක් හරි හම්බකර ගනියිද කියලා විශ්වාසයක් නැහැ.
ඕක විවෘත කරන්න ලබන ඡන්දෙ වෙනකම් ඉන්න ඕනෙද? දැන් වැඩවලින් 98%ක් විතර ඉවරයිනේ?
ආ දැන් ඒ පැත්තෙන්ද එතනෝල් ගේන්න හදන්නේ? ෂා ලොක්කා එතනෝල් ගෙන්වීම නවත්තලාලු. ඒ පැත්තේ කන්ටේනර් ස්කෑන් යන්තරයක් නැහැල්ලු නේද?
මේවා කරන්න උගත් කමක් බුද්ධියක් තියනවද ? දන්නා කෙනෙක්ගෙන් අහගන්නවද?
ඉක්මනින් වැඩ නිමකර කඩවත - සූරියවැව බස් රථ ධාවනය කරන මෙන් ඉල්ලා සිටිනවා.
මොකද ඔයාලට කොළඹ නුවර අධිවේගය අමතක වෙලා ද?
වැඩ නිම කර ඇති මාතර දක්ෂිණය ජනතාවට නුදුන්නේ පසුගිය මැතිවරණ කාලයේදී. නැතිනම් අදටත් කඩවත කෙලවරපිටිය මෙන් ගමනාගමන පහසුකම ජනතාව භුක්ති විඳිනවා. මේවා දේශපාලන ජවනිකා පමණි.
කොමිස් පංගුව කීයද?
අනුන්ගේ වැඩ ගැන විවේචනය කරකර ඉන්නවට වඩා.. තමන් දන්න දේ හරියට කරපන් කියලා තියෙනව නේද? ඔව් ඉතින් දන්නේ කට කියවන්න සහ තව එකක් හෝ දෙකක් විතරයිනේ..