(හර්ෂණ තුෂාර සිල්වා)
ඉකුත් වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙන අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.8කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ඉකුත් වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී ඩොලරයට අමතරව යුරෝව සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. එම දත්තවලට අනුව යුරෝවට සාපේක්ෂව සියයට 3.7කින් රුපියලේ අගය ඉහළ ගොස් තිබෙන අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.7කින් රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
එසේ වුවත් ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 1.6කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 0.1කින් ද රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ.
දෙසැම්බර් 27 වැනිදායින් අවසන් වූ සතියේදී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.39ක් වූ අතර විකුණුම් මිල රුපියල් 183.06 ලෙස දැක්විණි. එම සතියේ ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 181.23 ලෙස සටහන් විය. සතියකට පෙර ඇමෙරිකානු ඩොලරයක සාමාන්‍ය අගය රුපියල් 181.26 ක් ලෙස දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2018 වසරේදී ඇමෙරිකානු ඩොලරයේ සාමාන්‍ය අගය රුපියල් 181.57ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (31) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.66ක් වූ අතර විකුණුම් මිල රුපියල් 183.33ක් විය.
මේ අතර ශ්‍රී ලංකා රුපියල මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වූයේ යැයි වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුනේ.....නිකන්ම වැඩිවෙලා.........
මේ ගොල්ලෝ කෙසේ කීවත් අද 31.12.2019 euro එකට සාපේක්ෂව රුපියල වැටිලා. අද euro 1 ක් = රුපියල් 203.50 කට.
දැන් ඉතින් අඩු උනාම ලියන්න බයයි නේ. වැඩි වෙන එක වත් ලියන්න. මොනවා කරන්නද?
ගිය සුමානේ නවසීලන්ත ඩොලරයට සාපේක්ෂව රුපියල තිබුනේ 1 ඩොලරයක් රු 120 යි. මේ සුමානේ 1 ඩොලරයක් රු 122 යි. අනේ මන්දා මොනවා වෙනවද කියලා.
ගිය සුමානේ කටාර් රියාල් එකකට සාපේක්ෂව රුපියල තිබුනේ 1 රියාලයක් රු 49 යි. මේ සුමානේ 1 රියාල් එකක්. රු 50.8යි. අනේ මන්දා මොනාද මේ කියන්නේ.
දැන් යාචකයෙක්වත් රුපියල් දහයට අඩුව බාරගන්නේ නැහැ.
මොනාද මේ කියන්නේ. අනේ මන්දා මොනවා වෙනවද කියලා.
ඒ කියන්නේ පහුගිය ආණ්ඩුව රටේ ආර්ථිකය හොඳින් කළමනාකරණය කරලා... රුපියල ස්ථාවර කරලා විතරක් නොවෙයි ටිකක් රුපියලේ අගය වැඩිත් කරගෙන... හයියෝ දැන් මෙතන කමෙන්ට් දාලා තියෙන විදියට නම් මේ ආණ්ඩුව එ්කත් අනාගෙන වගේ... ඔක්කොම මුදල් එ්කක ඉහළ ගිහින් රුපියල අඩුවෙලා මේ සතියේදී.. තව අවුරුදු 5ක් මෙයාලා බලයේ ඉන්නවා. අබ සරණයි වගේ අපිට...!!!