( +++ ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන භද්‍රානි ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත්කරනු ලැබ සිටී.
ඇය හෙට (1) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
ඇය 2008 සිට 2015 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ධුරය හෙබවූ අතර 2015 ජනපතිවරණයෙන් පසුව චෝදනා 4ක් යටතේ එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවාය.
පසුව ඇය බස්නාහිර ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්තව පැමිණීමේ ලේඛනය අත්සන් කිරීමට පමණක් යොමුකරනු ලැබ සිටියාය.
පසුව වසර 5ක් තිස්සේ පැවති විනය පරික්ෂණයෙන්ද ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට හැකි වී නැත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26ක කාලයක් සපුරා ඇති ඇය අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුකම් සහිත අය සුදුසු තනතුරු වලට එනවා නම් හොදයි. අපි හිතුවේ පාදෙණිය මහත්තයා එයි කියලනේ. අපෙ රාජ්‍ය සේවය වහාම නිදොස් කොට නිවැරදි මාවතට ගත යුතුයි. ඒ තරමට වල පල්ලට ගිහින් තියෙන්නේ. දේශපාලනීකරණයෙන් මුදවා නිදහස් කළ යුතුමයි.
වැඩ කරන්න හොඳ පරිපාලන නිලධාරීන්...........ඒකෙ වෙනස ගෝඨා මහත්තය හොඳට දන්නවා ඇති.
අරුණ මහත්තයෝ, පාදෙණිය වෛද්‍යතුමා යනු ළමා ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි. මම දන්න තරමින් එවැනි අය ලංකාවටම ඉන්නේ අතේ ඇඟිලි ගාණක්. එහෙම කෙනෙක්ට නිකන් ‘‘පාදෙණිය‘‘ කියලා ආමන්ත්‍රණය කරන ඔබ, අටවත් පාස්නැති බව මගේ හැඟීමයි.
පාදෙණියලාට නටන්න දෙන්න එපා.. එයාව එළවන්න.