(තිළිණි ද සිල්වා)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක්වී පසුව එරට තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (1) දිවයිනට පැමිණීමට නියමිතය.
මෙලෙස පැමිණෙන්නේ කුවේටයේ සුරක්ෂා නිවාසවල රැදී සිටි ලාංකික කතුන් පිරිසකි.
ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස්වල සේවය කරමින් සිටියදී හිරිහැර තවදුරටත් ඉවසාගත නොහැකිව මෙසේ කුවේටයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය වෙත ගොස් ඇත.
මෙහිදී විදේශ සබදතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විශේෂ මැදිහත් වීම මත එරට සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලංකාවට එවීමට කුවේට් රජය කටයුතු කර ඇති ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අසරණ වෙලා එන අයට ගුවන් තොටුපලේදීම පොඩි මුදලක් ලබා දීලා පසුව කුඩා රැකියාවක් ලබාදෙන්න වැඩපිළිවලක් සකස් කළොත් ඉතා හොඳයි නේද?
ගරු ජනාධිපතිතුමනි, තානපති සේවයට පහත ඉලක්ක ලබා දෙන්න...(1) ඉහළ වැටුප් ඇති රැකියා තම රටට ලබාදීම (2) ආයෝජන තම රටට ලබාදීම.
ලංකාවේ ඕනෑතරම් රැකියා තියෙනවා. නමුත් අරුන් කොහොම හරි සිංහල ගැහැණු රට පටවනවා.