(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවී ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා ගැන සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.
වෘත්තිය සමිති හා වෙනත් අංශ විසින් පෙන්වා දී ඇති කරුණු අනුව මෙම කමිටුව පත්කිරීම යෝග්‍ය බවට අමාත්‍යවරයා තීරණය කර ඇතැයි කම්කරු සබඳතා අමාත්‍යංශ්‍ය කියයි.
දේශපාලන අවශ්‍යතා මත උසස් වීම් ලබා දීම, තානාපති කාර්යාල සේවය සඳහා සුදුසුකම් නැති පුද්ගලයින් පත් කිරීම, සමහර සේවක සංගම්වල නිර්දේශ මත උසස් වීම් ලබා දීම, රන් පියාපත් ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රාශියක් තුළින් කාර්යංශයේ මුදල් අවභාවිත කිරීම, වැනි කරුණු පිළිබඳව මෙම කමිටුවේ අවධානය යොමු කරනු ඇතැයි කම්කරු සබඳතා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පවුල් පසුබිම් වාර්තා ලබාගත නොහැකි කාන්තාවන් 3500 කට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට කටයුතු කර ඇතැයි ද පන්නිපටිය පුහුණු මධ්‍යස්ථානය මුල් කරගෙන නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කොට ඇතැයි ද මේ වනවිට හෙළි වී ඇති බැවින් ඒ ගැන සොයා බැලීම ද මෙම කමිටුව පත්කිරීමේ අරමුණු අතර වන බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම 2014 වසර වනවිට වාර්ෂිකව 300000 කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගත වී ඇති නමුත් 2018 වනවිට එය දෙලක්ෂයකටත් වඩා අඩුවී තිබීම මෙන්ම කාර්යංශයේ මුදල් අවභාවිත කරමින් අවාසි සහගත ලෙස කුලි පදනම යටතේ වාහන ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකරනු ඇතැයි එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරල ප්‍රශ්න කිහිපයක් අසමි.ලියාපදිංචි නොමැති රැකියාවලට රටින් පිටවීම තහනම්ද ? එසේ පිටවීමෙන් අල්ලාගෙන ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් රදවා ගත හැකිද ? යුරෝපීය රටවල රැකියාවන්ට එම නීතිය බල නොපාන්නේ කිමද ?
2014 වනවිට වාර්ෂිකව 300,000 විදේශ ගත උනාලු. 2018 වනවිට එය 200,000 දක්වා අඩු උනාලු. මේක ගැන හොයන්න නම් කමිටු අවශ්‍ය නැහැ. මේ තරමට රට යන්න මිනිස්සු කොහෙද ඉන්නේ ? ලංකාවේ ජනගහනය මි. 21.4 යි. වාර්ෂික ජනගහන වර්ධනය 1.1% යි .
මේක නම් වැඩකට ඇති ආයතනයක් නෙමෙයි. මේක නැතත් කමක් නැහැ කිසිම ප්‍රයෝජනයක් නැති එකක් ඕක. අපි රට යනකොට (මැද පෙරදිග පමණයි) අපේ පාස්පෝට් එක චෙක් කරන්න නම් බලාගෙන ඉන්නවා. නමුත් අපිට කරදරයක් වෙලා ලංකාවට එද්දී බලන්න කිසි කෙනෙක් පළාතක නැහැ. අනේ ගරු ජනාධිපතිතුමනි, ආර්.එම්.වී. එකට වගේම මේකටත් ගිහින් බලන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
බොහොම හොඳ තීරණයක්. ඕකත් අයිස් ගුහාවක්.
පසුගිය සමයේ වගේම පසුගිය සමයට පෙර සමයෙත් සිදුවුණු දූෂණ අක්‍රමිකතා ගැන සොයා බැලීම කරන්න. කවුරු කළත් දුක්විදින මිනිසුන්ගේ සල්ලි හොරා කන ඕවයින් සැප විදින බහුතර කට්ට්ය ඉන්නේ මේකේ.
කිසිම තේරුමක් නැති තවත් සල්ලි කඩාගන්න ආයතනයක්... දුප්පත් අපේ සල්ලි වලින් ජීවත් වෙන නිකම්මු ටිකක්...
විදේශ විනිමය සොයන කිසිම කෙනෙකුට සහනයක් මේ රජයෙන් නෑ... දුන්නු සහන දීලා තියෙන්නේ තියන කෙනාටමයි, වාහනයක් ලබා ගන්න දුන්නු සහනය මාසිකව ඇමරිකන් ඩොලර් 5000ක් ලංකාවට බැර වෙන්න ඕනේ... වසරක් මෙය නොකඩවා එවන්න ඕනේ... ජනාධිපතිතුමනි, මෙය ඔබතුමාගේ අවධානය පිණිසයි. මෙතරම් වැටුපක් ලබන කෙනෙකුට මෙවන් සහනයක් ඕනද? මැදපෙරදිග ලාංකිකයන් කොපමණ සිටිනවද? මේ අය වෙනුවෙන් සහනයක් නැද්ද පුංචි මිනිහට වාහනය සිහිනයක්ද? මෙය අකැපද? මෙය වෙනස් විය යුතු කරුණක්... මෙවන් සහනයක් දුන්නොත් මේ අය ඉතිරි කිරීමකටද පෙලඹෙනවා නොඅනුමානයි... විදේශ ඇමැතිතුමනි., ඔබගේද අවදානය පිණිසයි..
සංචාරක වීසාවලින් මැදපෙරදිග යන උදවියටත් මොවුන් කරදර කරනවා. ඒ උදවිය එමගින් මුහුණ දෙන ප්‍රශ්න ගැන මොවුන් හිතන්නේ නැහැ. සමහරුන්ට යන්න දෙන්නේ නැහැ. වුන්ගේ ගුවන් බලපත් අහෝසිවෙලා ලොකු අමාරුවක වැටෙනවා. නිලධාරීන්ට කිසි ගාණක් නැහැ.