(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවා කටයුතු ඉක්මණින් ඉටුකර දෙනබව පවසා ජනතාවගෙන් වංචනිකව මුදල් ලබාගත් හයදෙනා අද (31) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ මාලඹේ පදිංචි 50 හැවිරිදි අතුල සුසන්ත ලියනගේ , බොරලැස්ගමුමේ පදිංචි 53 හැවිරිදි අනුර ප්‍රේමසිරි , බොරලැස්ගමුවේ පදිංචි 32 හැවිරිදි චමින්ද රත්නායක , මොරටුව පදිංචි 55 හැවිරිදි බන්දුල ප්‍රේමකුමාර , කටුවාවල පදිංචි 43 හැවිරිදි ජගත් පෙරේරා සහ 32 හැවිරිදි ඉසුරු තිලංග යන අයවලුන්ය.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථ දෙපාර්තුමේන්තුවට විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන රස්තියාදුවකින් තොරව කඩිනමින් සේවාව ඉටුකරදෙන පවසා විවිධ මිල ගණන් යටතේ මොවුන් මුදල් ලබා ගෙන ඇතැයි පොලිසියට කරණු අනාවරණය වී තිබේ.
රුපියල් 3000 සිට 10.000 දක්වා විවිධ මිල ගණන් යටතේ රියදුරු බලපත්‍රයේ සිට එම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි සේවාවන් ඉතා කෙටි කාලයකදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා ඉටු කර දිය හැකි බව පවසා මෙම මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා විතරක් මදි. ඇතුලේ ඉන්න අයත් අත් අඩංගුවට ගන්න ඕනේ.
වේරහැර වගේම බත්තරමුල්ලේ පාස්පෝර්ට් කාර්යාල අවට ඒ වගේම නාරහෙන්පිට වටේ සිටින කරදරකාර කාක්කෝද එළවන්න ජනපතිතුමනි.. මනුස්සයෙක්ට පාරේ යන්න නෑ මේ කාක්කෝ නිසා.. පුලුවන් තරම් තාක්ෂණය භාවිතා කරලා නිලධාරීන්ට කරන්න තියෙන වැඩ අඩු කරන්න. ජාලගත කිරීම කරන්න. එවිට තමන් ඉන්න පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් වෙනවා. එතකොට ඉබේම ප්‍රශ්න විසදෙනවා. මං හිතන්නේ ජනාධිපතිතුමාගේ අදහසත් එහෙම එකක් වගේ. විශිෂ්ඨයි.
මේ මිනිස්සු අල්ලගෙන රිමාන්ඩ් කරලා හරියන්නේ නැහැ. මෙයාලා පස්සේ ගිහින් එතන වැඩ කරන කෙනාව අල්ලගන්න ඕනේ. මේකත් හරියට කිඹුලා නාටකේ වගේ......
එළියේ ඉන්න තැරව්කාරයන්ට ආයතනය ඇතුලේ සේවය කරන නිලදාරීන්ගේ සහයක් නැතිව මෙවැනි ජඩ වැඩ කිරීමට හැකිද නැද්ද යන්න ඕනෑම ළදරුවෙකුට තේරුම් යන දෙයක් බව සදහන් කිරීමට කැමැත්තෙමු. එමෙන්ම මෙවැනි හිගන වැඩ අද ඊයේ පටන්ගත් ඒවාද නොවෙන බැවින් ඒ ඒ අදාළ අංශවල නිලදාරිනේ ගිණුම් පරික්ෂා කිරීමෙන් හා ඒ ඒ නිලදාරීන්ගේ ජිවන තත්වය දෙස අවධානය යොමු කරන්නේ නම් පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට ඉතාම පහසු වනු ඇත.
නිලධාරීන් තමා අල්ලගන්න ඕනි. ඒ අය තමා ඔක්කොම කරන්නේ. සොක්කොන්ව අල්ලාගෙන වැඩක් නෑ.
කුමන නිලධාරීන් හට මෙම මුදලින් කොටසක් යනවාද කියා සොයා බලන්න. ඔවුන්ටද දැඩි දඩුවම් දිය යුතුයි.
රිජ්වේ රෝහලේ, පාස්පොට් කාර්යාලයේ.. පු.ලි. දෙපාර්තමේන්තුවේ... තව ගොඩක් තැනක ඉන්නවා. පුලුවන්නම් අල්ලන්න
සංචාරකයන්ට වීසා සපයනකොට මහාපරිමාණ අල්ලස් ගැනීම් සිදුවෙනවා. ඉස්සර බොරැල්ලේ කාර්යාලයේ පැය එක හමාරෙන් කරගත්ත වැඩේ කරන්න දැන් පැය 4 ක් යනවා. කරුණාකර මේවා හොයන්න. අපි ගෝඨාභය මහත්මයාගෙන් බලාපොරොත්තු වෙන්නේ රජ්යසේවයේ තිබෙන දුෂණ වංචා තුරන් කරන එක පමණි. එතකොට රේගුව සහ ආදායම් මබදු දෙපාර්තමේන්තුව නිසිලෙස ක්‍රියාත්මක වේවි. රටේ තිබෙන ජිවන බර ටිකෙන් ටික අඩු වේවි. අල්ලස දුෂණය තිබෙන රටවල් දියුණු නොවේ. හොඳම උදාහරණ අප්‍රිකාවේ ගැන කියන රට එකේ සවුදි අරාබියේ තිබෙන ප්‍රමාණයට තෙල් නිධි තිබේ. නමුත් රට ලංකාවටත් වැඩිය දුප්පත්. සිංගප්පුරුව වැනි කුඩා රටවල් දියුණු වෙලා තිබෙන්නේ අල්ලස සහ දුෂණය නොමැති නිසා.
මුළු ලංකාවේම ඔය දේ වෙනවා... රියදුරු බලපත්‍රය අළුත්කරන අයදුම්පත පුරවන්න රු100ක් ගන්නවා. ඒකට වෙනම කස්ටියක් ඉන්නවා. තමන් පුරවන් ගියාට ඒක වැරදි කියලා අදාළ පුද්ගලයාගෙන් පුරවන් එන්න පිටත් කරනවා.
රට පුරා සිටින මෝටර් රථ පරීක්ෂකවරුන් රියදුරු බලපත් නිකුත් කිරීමේ පරීක්ෂණවලදී රියදුරු පාසල් හරහා අයදුම්කරුවන්ගෙන් අල්ලස් ගන්නවා. මුදල් මත මේ දේ සිද්ධ වීමෙන් ප්‍රමිතියෙන් තොර රියැදුරන් මාර්ගවලට පැමිණීමෙන් මාර්ග ආරක්ෂාව දැඩි අවධානමකට ලක්වෙනවා.
වේරහැර ඇතුලේ ඉන්න සෙට් එක අනිවාර්යෙන්ම අල්ලන්න ඕන. ආරක්ෂක නිලධාරියගේ ඉදන්ම ඉහළට ඉන්න අය ඔක්කොමගේ වැඩ තහනම් කරන්න ඕන.
අර ද්විත්ව පුරවැසි අංශයේ ඉන්නවා. ෆයිල් එකක් අතට දීලම කියනවා මේක ඇතුළට දාලා ගේන්න කියලා. මට තේරුනේ පස්සේ. අපි දෙන්නට 1000 ගානේ...