(අනීෂා මානගේ)
උදා වූ නව වසර බලාපොරොත්තු තබාගත හැකි වසරක් බවද, රට සංවර්ධනය කෙරෙන, ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කෙරෙන, මැතිවරණ පවත්වන වසරක් බවද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(1) තංගල්ලේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූයේ තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
“මේ වර්ෂය බලාපොරොත්තු තබාගත හැකි වසරක්. රට සංවර්ධනය කරන වසරක්. ජනතාවට දුන් පොරොන්දු ඉටුවන වසරක් සහ මැතිවරණ තියන වසරක්. ජනාධිපතිවරණය අවසානයේ ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන වසරක්. දැනටමත් සහනාධාර සහ ලක්ෂයකට රැකියා අවස්ථාවන් ලබා දෙන වසරක් බවට පත්ව තිබෙනවා. මෙතෙක් කල් විභාගය අසමත් වූ අයට හරියාකාර රැකියාවක් තිබුණෙ නැහැ. තමන්ට නුසුදුසු රැකියාවට ගිහින් විභාග පාස් කළාට ඒ රැකියාව කරන්න බැරි වුණ විශාල පිරිසක් හිටියා. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා පහළ ශ්‍රේණියේ ලක්ෂයක හිඟ පුරප්පාඩු පිරවීම සඳහා කණ්ඩායමක් හදන්න කියලා.
අපි තවම සුළුතරයක් තිබෙන ආණ්ඩුවක්. තවමත් හරියට ආණ්ඩුවක් අපි පිහිටුවා නැහැ. හුඟක් අය හිතනවා ජනාධිපතිවරණය දිනපු නිසා ආණ්ඩුවක් පිහිටුවා තිබෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂය තමයි දැනට වැඩියෙන් ඉන්නේ. මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා ඉන් පසුවයි හරිආකාරයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාවක් තිබෙන්නේ. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ තිබෙන බලතල එක්ක කැබිනට් මණ්ඩලයේ තිබෙන බලතලත් භාවිතා කරලා අපි මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් සියලු සහනාධාර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පමණක් නොවෙයි රටේ සංවර්ධන උදෙසාත් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මම හිතනවා බදු ඉවත් කිරීම තුළින් බොහෝ දෙනකුට ප්‍රතිලාබ ලැබී තිබෙනවා” යැයිද ඒ මහතා කීය.
මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ගැබිණි මවුවරුන්, දරුවන් සහ ආබාධිත පුද්ගලයන්ට විවිධ උපකරණ සහ රෝද පුටු ද බෙදාදුන්නේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු අග්රාමාත්යතුමනි, ජීවන වියදම දරා ගන්න අමාරුයි.
බොහොම හොඳයි. කියවන්නේ නැතුව වැඩේ කරන්න. කොහොමත් කරපු දේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඔය සුලුතරේ ඔබතුමාට ඉන්නේ මොකටද? දැනටමත් මලයගේ ආණ්ඩුව ගැන මහලොකු පැහැදීමක් නෑ. අනික ඔබ වටේ ඉන්න පාංකඩයෝ ටික....
"බලාපොරොත්තු තබාගතහැකි" වසරක් නොවෙයි, "බලාපොරොත්තු ඉටුවෙන" වසරක් තමයි කව්රුත් බලාපොරොත්තු වෙන්නේ !
ඔයාලගේ බලාපොරොත්තු ඉටුවෙයි. අපිට තමයි හුළං......
අගමැතිතුමා, ඔය පන්සල් ගානේ යන්නේ නැතිව, අගමැති කාර්යාලයේ ඉඳලා හොඳ පණිවිඩයක් දෙන්න තිබුණානේ... පොඩ්ඩක් අයිතිකාරයෙක් නැති මල්වානේ ගෙදරත්, පිටරට වලට පැනල නීතියක් ගණන් ගන්නේ නැතිව ඉන්න නෑදෑයින් ටිකත් ගෙන්නන්න බලන්න.
නැතුව නැතුව... සියලුදෙනාම බලාගෙන ඉන්නේ හොරුන්, තක්කඩියන්, මත්ද්‍රව්‍ය විකුණන්ගෙන් තොර ආණ්ඩුවක්.. ඒ සුදුසුකම්වලට ගැලපෙන අයගෙන් සමන්විත අපේක්ෂකයින් ඉදිරිපත් කළොත් ආණ්ඩුව පිහිටුවන එක 100%ක් ෂුවර්. ජනතා බලාපොරොත්තුව, පැතුම එයයි.
අධිකරණය කියන්නේ කොහොමත් පවතින ආණ්ඩුව කියල කිරිසප්පයාට පවා දන්නවනේ..................
තවමත් මෙයාගේ පරණ කැත පුරුද්ද අත හැරිලා නැහැ. ඉස්සරත් මහින්ද දේශපාලනය කරේ අප වඳින පුදන උතුම් පන්සල්වල ඉඳලයි. බොහෝ දෙනෙක් ඒ දිනවල කිවුවා මේගොල්ලන්ට වේදිකා ගහලා දේශපාලනේ කරන්න බැරි නිසා පන්සල් යන මුවාවෙන් කතා දාන්නේ එහේදි කියලා. දැන් මොකද්ද වේදිකා උඩට නැගල කෑමොර දෙන්න බැරි ප්රශ්නය ? මහින්ද උපාසක මහත්තයා අමතක නොකළ යුතු ප්‍රධාන දෙයක් තිබෙනවා. ඒ තමයි කරන්න පුළුවන් හෝ බැරි සිහින පොරොන්දු දුන්නේ මැතිවරණවලට ඉස්සර. දැන් ඔහේලට කරන්න තියෙන්නේ ඒ ඉස්සර දීපු පොරොන්දු චීනගෙන් හෝ ස්වාසිලන්තයෙන් හෝ ණය අරගෙන ඉෂ්ට කරන එකයි. ජනතාව ඒවා ගැන හිස් සාගත මළු වලට එබෙමින් බලා සිටිනවා. පාර්ලිමේන්තු මැතිවරණ වලට පස්සේ "සුබ අනාගතයක්" දෙනවා කියන්නේ මහජනතාවගෙන් "ඡන්ද අල්ලස්" ඉල්ලීමක් නොවේද ?
ඔබතුමා බලයේ හිටපු කාලේ කියපු, කරපු දේවල් අපිට තාම මතක තියෙනවා. ලංකාවේ දේශපාලකයන්ගේ කෙරුවාවල් ගැන කවර කතාද?