(දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඉහළ මට්ටමේ හමුදා පාඨමාලාවක් පැවැත්වීම සඳහා ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදේශීය ආරක්ෂක විද්‍යායතන විසින් වාර්ෂිකව ලංකාවට ලබාදෙනු ලබන පාඨමාලා සංඛ්‍යාව සීමිත බවද, එබැවින් අපේක්ෂිත පරිදි ආරක්ෂක අංශ පුහුණු කිරීමට නොහැකි වී ඇතැයිද පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අද(30) සඳහන් කළේ මේ හේතු මත ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවය.
ශ්‍රී ලංකාව තුළ සියලු පහසුකම්වලින් අංග සම්පූර්ණ ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ආරම්භ කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම විද්‍යායතනය ස්ථාපිත කිරීමට අදාළව පනතක් කෙටුම්පත් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉකුත් වාරයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළ බවද, ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද එම නිලධාරියා පැවසීය.
කෙටුම්පත් කරන යෝජිත පනත සම්මත වීමෙන් අනතුරුව මෙම විද්‍යායතනයේ ඉදිරි කටයුතු ආරම්භ කරන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්. සුබ පැතුම්...!!!
හොර විශ්ව විද්‍යාල මේ සදහා යොදා ගන්න.
කොතලාවල ආරක්ෂක පීඨයට මොකද වෙලා තියෙන්නේ?
ඉතාම හොදයි. කාලීන අවශ්‍යතාවයක්. අපි පසු කළ වසර 30 ක යුද්ධයේ නියමුවන්ගේ ජීවිත අවදානමෙන් කළ ක්‍රියාන්විත වල අත්දැකීම් ඊලග පරපුරේ නිලධාරීන්ට ලබා දිය යුතුයි. කවුරු මොනවා කිව්වත් අපේ හමුදාවන් තමයි ඉන්න විනීතම හමුදාව. ඒ ගෞරවය අපිට අමතක කරන්න බැහැ. මෙවැනි විද්‍යායතනයක් පිහිටුවලා විදේශික හමුදාවන්ටත් පුහුණුව දෙන්න කටයුතු කළ යුතුයි. එයින් අපේ රටේ කිර්ති නාමය පවත්වා ගන්නට වගේම විදේශ විනිමය ගෙන්වා ගැනීමටත් මග සැලසෙනවා. මෙතෙක් කල් අපේ හමුදා නිලධාරින් ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ පුහුණුවීම් වලට ගිහින් ආවා. නමුත් ප්‍රායෝගිකව අපේ අය ලබපු අත්දැකීම් ඒ රටවල අයගේ දැනුමට වඩා වටිනවා කියලා මට හිතෙනවා.
එතකොට කොතලාවල විද්‍යාපීඨය ආරක්ෂක අංශ පාඨමාලා සහිත විශ්ව විද්‍යාලයක් නොවේද? ඕක ඇතුලේ රතු මල්ලිලා පෙරටුගාමී එහෙම නැහැනේ. ඕනෙම පාඨමාලාවක් කරන්න පුළුවන්නේ.
ඉතාමත් වැදගත් කාර්යක්....ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදසො මනා දැනුමකින් සහ දක්ෂතාවයකින් යුත් ආරක්ෂක සෙබළුන් පිරිසක් බිහිකිරවීමට ගත් මනා අනාගත ආයෝජනයක්....මේ සමගම පාර්ලිමේන්තු පනතකින් යලි කිසිවකෙුටත් විසුරුවිය නොහැකි ලෙස ඉදුරාම රටේ නායකයාට පමණක් වගකියන ජාති ජාත්‍යන්තරව ඉතා පුළුල්ව විහිදී යන ජාතික බුද්ධි ඒකකයකුත් ස්ථාපනය කරන්නේනම් එය රටේ ජාතික ආරක්ෂාව උදෙසා කරන තවත් මාහැගි කාර්යයක් යැයි මට සිතේ...
මේ සදහා සුදුසුම ස්ථානය මඩකලපුවේ ශරීයා විශ්ව විද්‍යාලය පිහිටුවන ස්ථානය. බලධාරීන් ඒ වෙත යොමු වේවා !
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ,බටලන්ද මාණ්ඩලික පුහුණු පාසල,දියතලාව ආරක්ෂක පීඨය, ත්‍රිකුණාමලයේ ආරක්ෂක පීඨය වැනි ආරක්ෂක විද්‍යායතන තිබියදී විශේෂයෙන් වර්තමානයේ රටේ ඇති මුල්‍ය ප්‍රශ්න දෙස බලන විට තවත් ආයතන කුමකටද?
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට මෙම පාඨමාලා ඇතුලත් කරන්න.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැනට පිහිටුවා ඇති ආයතන (තිවිධ හමුදාවන්ට අයත් ආයතන ඇතලත්ව) මනා සමිබන්ධීකරණයක් කළහොත් ජාතික ආරක්ෂක විද්‍යායතනයක් අලුතින් පිහිටුවීමට අවශ්‍යය වේද යන්න ගැන දෙවරක් සිතා බැලිම කාලෝචිත බව මගේ හැගීමයි. මේ වනවිට ආරම්භ කර ඇති ආයතන පිළිබද පසු විපරමක් කිරීමට එවකට ආරක්ෂක ලේකම් මෙන්ම වර්තමාන ජනාධිපතිතමා ද පසුබට නොවනු ඇතැයි විශ්වාස කරමි. දැනට ඇති ආයතනයන්හි මානව සමිපත් මෙන්ම භෞතික සමිපත් ද උපයෝගි කරගෙන ඊට මූලික අඩිතාලම දැමිය හැකිය.