(නිමල කොඩිතුවක්කු)
මත භේදයට තුඩු දී ඇති ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ‘‘හතේ අපේ පොත’’ පිළිබඳව යම් ගැටළුවක් වෙතොත් නැවත විමසා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් විද්වතුන් විශේෂඥයන් සමඟ කාලයක සිට සාකච්ඡා කර අත්හදා බැලීම් සහිතව ළමයින් සඳහා මෙම පොත ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සංස්කෘතියට ගැලපෙන ලෙස දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරියේදී විධිමත් වැඩපිළවෙළක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සාකච්ඡා සිදුකරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘මේ පොත එකවර ඉදිරිපත් කළ එකක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය අධීක්ෂණය යටතේ විද්වතුන්, විශේෂඥයන් එක්ක කාලයක් තිස්සේ කතා කරලා අවසාන වශයෙන් ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් අත්පොතක් ලෙස අපි මේ පොත ඉදිරිපත් කළා.
ලිංගික අධ්‍යාපනය කියන එක යොවුන් වියේ අයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අපේ සංස්කෘතික තත්වයන් තුළ එය ක්‍රියාත්මක කරන්න අපහසු වෙලා තියෙනවා. අපේ සංස්කෘතික තත්වයන් තුළ ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මෙවැනි ගැටළු මතුවෙන්න පුළුවන්. ඒවා මඟ හරවා ගන්න සමහර විට අපිට යම්කිසි සමාලෝචනයක් සිදුකරන්න වෙනවා.
උදාහරණයක් විදියට අපේ තියෙන ගුරු ගෝල සම්බන්ධය සම්පූර්ණයෙන්ම වෙනස්. පන්තියෙ ගුරුවරුන් ළමයින්ගේ විනය බලනවා, අධ්‍යාපනය බලනවා. ඒ ගුරුවරියම මේ ගැන කතා කරන්න ගත්තම ගුරු ගෝල සම්බන්ධයට යම්කිසි ගැටළුවක් ඇතිවෙයි කියලත් සමාජ කථිකාවක් තිබෙනවා.
ඒ නිසා පන්ති භාර ගුරුවරිය වෙනුවට මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සුදුසු වෙනත් පුද්ගලයන් යොදාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල අපි සකස් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ අපි මේ ගැන සාකච්ඡා කරගෙන යනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොත හොඳ නැත්තේ... මේ ලෝකේ ඔක්කොම ජරා වැඩ බුදුරදුන්ගේ උතුම් වූ සිවුරට මුවාවී සිදුකරන අයට පමණයි.
මම පස්සේ දැනගත්ත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව මේ පොත නැවත ගෙන්වන්න කියපු වැඩේ වෙලා නැහැ කියලා. ලංකාවේ හදන්න ඕනේ වැඩිහිටියන්ව. වැඩිහිටියන් දිහා බලාගෙන තමයි දරුවන් හැදෙන්නේ. අම්මලාගේ, තාත්තලාගේ ස්මාර්ට් දුරකථනවල තියෙන දේවල් දරුවන් තමන්ගේ දුරකථන වලට දාගෙන පාසල්වලදී අහු වෙච්ච ප්රවෘත්ති ඕනේ තරම් පහුගිය කාලේ තිබ්බා. බටහිර රටවල ලිංගික අධ්‍යාපනය අවුරුදු 9, 10, 11 වෙනකොට දෙන්නේ ඒ රටවල සංස්කෘතිය අනුව. අපේ රටේ එහෙම සංස්කෘතියක් නැහැ. ලිංගික අධ්‍යාපනය නෙමෙයි ලිංගික විද්‍යාව කියලයි ඕකට කියන්න ඕනේ. වහල් ආණ්ඩුව ආවට පස්සේ දරුවන් අපයෝජනය වීම සීඝ්රයෙන් වැඩි වුනේ අනුන්ගේ සංස්කෘතිය අපේ රටට ගේන්න තිබ්බ මානසිකත්වය නිසා. පහුගිය කාලේ වහල් ආණ්ඩුව තෝරගත්ත විද්වතුන්, විශේෂඥයන් ඔක්කොම එන්ජීඕ මානසිකත්වය තිබ්බ පිරිස්. ඒ හින්දා හතේ පොත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මේක ඉතාමත් අත්‍යවශ්‍ය කටයුත්තක්. නව යොවුන් ළමයින්ට ලිංගිකත්වය ගැන විද්‍යාත්මක අවබෝධයක් ලබාදීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එවන් ක්‍රමයක් නැති පසුබමක දරුවන් අපහරණයට ලක්වන අවස්ථා බොහොයි. සංස්කෘතිය නාමයෙන් කවුරුන් හෝ එම අධ්‍යාපනය ලබාදීමට එරෙහි වන්නේ නම් ඔහු කවදාවත් සාමාන්‍ය ප්‍රජාව සමග කටයුතු කර නැති ළමයින් ගැන කැක්කුමක් නැත්තෙක්...
මේ සුන්දර සංස්කෘතිය තුළ මෙතරම් ළමා අපචාර වැඩියි. මොකද දන්නේ නෑ නේද? බටහිර රටවල තත්වය මේ තරම් ජරාජීර්ණ වෙලා නෑ...
මෙවැනි අධ්‍යාපනයක් දරුවන්ට අවශ්‍යයි... හාමුදුරුවන්ට ඕක ලොකු දෙයක් වගේ පේන්නේ හාමුදුරුවන්ට ඕක අකැප මාතෘකාවක් නිසයි. ලෝකයෙන් මිදෙන්න උත්සාහ කළ යුතු අය ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය ඉගැන්වීම ගැන කෙලෙස ඇගයීම් කරන්නද? එ්ක හරියට පෘථග්ජන ගිහියන් ත්‍රිපිටකයේ වැරදි හොයනවා වගේ වැඩක්. වැඩි හරියක් හාමුදුරුවෝ බුදුන් දේශනා කළ දේත් අල්ලන් තියෙන්නේ වැරදි විදිහටයි. සිරුර අසුචි ගොඩක් වැනි නිරර්ථක දෙයක් හැටියට බුදුන් දේශනා කළාට එය අසුචි ගොඩක් බව දේශනා කලේ නැහැ. සිරුරට ඇති ඇල්ම නැති කර ගනීමටයි එහි අනිත්‍ය භාවය ගැන දෙසුවේ. නමුත් හාමුදුරුවරු මේ සිරුර කුණු වී ඇති එකක් ලෙසයි බණ කියන්නේ උපතත් අම්මගේ කුස තුළ පිළිසිඳ ගැනීමත් කුණු ලේ තැවරුණු ජරා ජීර්ණ තැනක් හැටියට පෙන්නලා දෙන තැන් එමටයි. නමුත් මේ කිසිතැනක එලෙස කුණුවීමක් නැහැ. ඕනෑම දෙයක් කුණුවීමක් ආරම්භවන්නේ සිරුරෙන් පිටවූවාට පසුවයි. එතෙක් එය ඉතා පිරිසිදුයි.
මිෂනාරී උගතුන් රට විනාශ කරන්න තවත් මර උගුලක් අටවලා. සැබෑ අරමුණ මෙය නොවේ.
සුදේශ් මහතා හරි.
මේ පොතේ අඩංගු කරුණු නොදැන පොත ගැන හොද නරක කියන්න බැහැ. නමුත් මේ අධ්‍යාපනය දෙන්න හත වසරට නෙමෙයි. නාමය වසරට වඩාත් ගැලපෙනවා කියලා මම නම් හිතන්නේ. එහෙම නැතිනම් හය වසරේ පටන් ම ක්‍රමානුකුලව වසරින් වසර දරුවන්ගේ මානසික මට්ටමට සුදුසු විදියට ලිංගිකත්වය ගැන අවබෝධයක් ලබා දුන්නා නම් මීට වඩා ඵලදායි වෙනවා කියල මම හිතනවා. මනෝවිද්‍යා උපදේශනය හදාරන සහ දරුවන් සමග කටයුතු කරන කෙනෙක් වශයෙන් මගේ අත්දැකීම නම් අපේ දරුවන්ට ලිංගිකත්වය ගැන අවබෝධ කළ යුතුමයි. හැබැයි වදුරට දැලි පිහිය දුන්නා වගේ නැතුව විනයක් සහ හික්මීමක් එක්ක. ඒ වගේම එක වසරකට සීමා නොකර හැම වසරකදී ම එය යාවත් කාලිනව කළ යුතු වෙනවා ඒ ඒ වයසට සුදුසු පරිදි.
ඔය පොත හත හෝ අට පන්ති වලට අනිවාර්ය කළ යුතුයි. නැතිනම් දරුවන් අහන දකින දේ හරි කියලා හිතනවා. නිවැරදි ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.
අපි පාසල් යන කාලයේත් අපිට උදා වූ යෞවනය කියලා පොතක් 9 වසරේදී දුන්නා. ඒ කාලෙදිනම් ඒක බොහොම වැදගත් වුනා නොදන්නා කරුණු ගැන දැනගන්න. ළමයින්ට අනිවාර්යෙන් ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබා දිය යුතුයි. නැතිනම් ඔවුන් ඒවා ලබා ගන්න යන්නේ වෙන වෙන ක්‍රම වලින්.
ලිංගික අධ්‍යාපනය කියලා කුණුහරප උගන්නලා අපේ සංස්කෘතිය කන්නද හදන්නේ ?
මෙතන කමෙන්ට් කරන බහුතරයක් එම පොත කියවා නොමැති බව ඉතා පැහැදිලියි. එම පොත සුදුසු 7 පන්තියට නොව 9 පන්තියටයි. ඉහත ශාම්වරම් නමින් කමෙන්ට් කර ඇති අයගේ අදහස තමයි මෙතන ඇති වැදගත්ම අදහස.
කරුණාකරලා හාමුදුරුවරු මේවගෙන් අයින් කළ යුතුයි. පාලි සංස්කෘත දැන ගත්තට මෙවැනි විද්‍යාත්මක කරුණු පිළිබඳව මේ ගොල්ලන්ට කිසිම අවබෝධයක් නැත. විශේෂයෙන්ම දේශපාලන වේදිකාවල බෙරිහන් දෙන අය. එක්කෙනෙක් තමයි අභයාරමේ ඉන්නේ. සෑම පාඨශාලවකම පුහුණු කළ හෙදියක් හෝ පුහුණු කළ අයෙකු ලවා මේ දැනුම ලබා දිය යුතුයි.
"හතේ අපේ 'අතේ' පොත අපරාධකරුවෙකු විසින් සමාජයට දායාද කළ තවත් මානසික පිළිලයක්. මගේ දරු දෙදෙනා විසින් මේ පොත ගැන ප්‍රශ්න කරන විට මම මේ සඳහා පදනම සූදානම් කොට තිබුණා. මම මගේ දරුවන්ට වසර තුන හතරේ සිටම සිතේ ඇතිවෙන රාගය ගැන සිත කලඹන කාමච්ඡන්දය ගැන ලිංගිකත්වය ගැන කියා දෙන්න පදනම සකස් කරලා තිබුණා. සදෙව්මි සේයා ගැන ඔවුන් දන්නවා. මා දකින බොහෝ ස්ත්‍රී දූෂණ සමලිංගික දූෂණ ගැන වාර්තා ඔවුන්ට පෙන්වනවා... රාගය, කාමච්ඡන්දය, ලිංගිකත්වය ඔවුන්ට සොබා දහමෙන් දායාද වෙලා. විකෘති වින්දනය හානිකර බව ඔවුන්ට කියා දෙන්න අපට සිදු වෙලා තියෙන්නේ අද සමාජයේ වැඩිහිටි මනස විකෘති වින්දනයන් පසුපස හඹා ගොස් ඔද්දල් වී, දූෂණය වී ඇති නිසයි... පාපය, අපරාධය ඔවුන්ට ස්වාභාවික ආශයන්. එවැනි දූෂිත සමාජයක දූෂිත මිනිසුන් දූෂිත දරුවන් සමාජයට එකතු කරනවා. මේ පොතත් එවැනි වැඩිහිටියන් විසින් ළමා මනස දූෂණය කරන්නට සැලසුම් සහගතව ඉදිරිපත් කළ පොතක්... පොහොට්ටුවේ සිංහල බෞද්ධ ව්‍යාපාරය අඩපණ කරන්නට දැරූ සාමූහික, නිරාගමික වෑයමක්.