(බිඟුන් මේනක ගමගේ )
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට තමා කළ වරද කුමක්දැයි රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ‘ලංකාදීප’ යට අද(31) පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගත යුතු බව පවසා ඇතත් ඊට හේතුව පැහැදිලි නැති බැවින් මෙසේ විමසන්නේ යැයි සුමන්තිරන් මහතා කීය.
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ආණ්ඩුව ඉඩක් නොදෙන්නේ නම් එය ගායනා කිරීමට දෙමළ ජනතාවට අවශ්‍යම නැතැයි තමා ප්‍රකාශ කළේ යැයි කී හෙතෙම එම අදහසෙහි වෙනසක් නැතැයි ද ‘ලංකාදීප’ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කර කීය.
මීළඟ නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බව ස්වදේශ කටයුතු ඇමැතිවරයා හැටියට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනමාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ යැයි ද දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයකු හැටියට තමා පිළිතුරු දුන්නේ ඊට යැයි ද සුමන්තිරන් මහතා කීවේය.
එවැනි තීරණයක් ආණ්ඩුව ගෙන නැති බවට රෝහිත අබේගුණවර්ධන රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළ ද ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විෂය භාර ඇමැතිවරයා හැටියට මේ වනතුරු කිසිවක් පවසා නැතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂා දෙකෙන්ම පවතින්නේ යැයි ද දෙමළ බසින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජාතික ගීය ‘ශ්‍රී ලංකා තායේ’ ආදී වශයෙන් දෙමළ පරිවර්තනයක් ඇතැයි ද සුමන්තිරන් මහතා කීය.
ජාතික ගීය සිංහල බසින් පමණක් පැවැතිය යුතු නම් එසේ දෙමළ පරිවර්තනයක් සකස් කර ඊට පාර්ලිමේන්තු අනුමැතියක් ගත්තේ ඇයිදැයි ප්‍රශ්න කළ හෙතෙම ස්වදේශ කටයුතු ඇමැතිවරයා රටේ මූලික නීතිය නොදන්නේ යැයි චෝදනා කළේය.
නීති අණ පනත් සම්පාදනයේදී ප්රශ්නකාරී අවස්ථාවක වලංගු වන්නේ කවර භාෂාවදැයි සඳහනක් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එවැනි සඳහනක් නැතැයි ද එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙමළ පරිවර්තනයත් එක සේ වලංගු යැයි ද සුමන්තිරන් මහතා සඳහන් කළේය.
දෙමළ ජනතාවට ජාතික හැඟීමක් ඇතිවන්නේ සිය මව් බසින් එය ගායනා කරන විටදී යැයි ද ආණ්ඩුව ඊට අකැමැති නම් ජාතික ගීයක් ගායනා කිරීමට දෙමළ ජනතාවට ඕනෑම නැතැයි ද ඒ මහතා කීය.
දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් නොදී තවමත් ඔවුන්ට සලකන්නේ වෙනස් කොට යැයි ද සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කිරීමට උත්සාහ කිරීම එහි තවත් රෝග ලක්ෂණයක් යැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔව්. මේ රටේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම අමුතුම ප්‍රශ්නයක් තියනවා. කිසිම සිංහල හෝ මුස්ලිම් කෙනෙකුට නැති දෙමළ ජනයාටම පමණක් ඔය ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ. මට තියන ප්‍රශ්නේ ඔය කියන ප්‍රශ්නේ මොකද්ද කියලා කවුරුවත් කියන්නේ නැති එක. එක්කෝ මගේ මොලේ අවුලක්ද කොහෙද.
මේ සුමන්තිරන්ලා ඇයි මෙච්චර උනන්දුවෙන් ජාතික ගීය ගැන කතා කරන්නේ? හරියට උතුරේ උත්සව වලදී ජාතික කොඩිය ඔසවලා, ජාතික ගීය ගායනා කරනවා වගේ මේගොල්ලෝ කතා කරන්නේ. මේගොල්ලෝ ජාතික කොඩියට හෝ ජාතික ගීයට ප්‍රමුඛත්වය දුන්නත් මේගොල්ලොන්ට අලවන්නේ ද්‍රෝහී කියලා. ඊළඟ ඡන්දයේදී පරාජයි.
වෙනස් කරානම් දැන් කරන්න දෙයක් නෑ. රටක් ජාතියක් ගැන කැක්කුමක් නැති අයට ඕවගේ වගක් නෑ.
ද්‍රවිඩ භාෂාව කතා කරන දකුණු ඉන්දියාවේත් තවත් ප්‍රසිද්ධ දකුණු ආසියානු රාජ්‍යයකත් ජාතික ගීය ගයන්නේ ද්‍රවිඩ භාෂාවෙන්ද?
සුමන්තිරන් මන්ත්‍රීතුමා කියන දේ ඇත්ත. දෙමළ භාෂාවෙන් ගායනා කරන විට තමන්ට ශ්‍රී ලාංකිකයකු යයි හැගිමක් ඇතිවෙනු ඇත.
පරිවර්තනයක් තිබුනා කියලා ගායනා කරන්න අවසර දීමක් හැටියටද සුමන්දිරන් හිතාගෙන ඉන්නේ ? එතකොට එයාලට හිතෙන හිතෙන හැටියට ව්‍යවස්ථාව අර්ථකථනය කරන්න පුලුවන්ද ? මේගොල්ලෝ සරලව ජීවත් වෙන ද්‍රවිඩ ජනතාවගේ ඔලු වලට කුණු පුරවල මෙයාලගේ මනෝ විකාර මුදුන්පත් කර ගන්න තමයි එදා ඉදලම මාන බැලුවේ. අදත් කරන්නේ ඒකම තමයි. තමිල්නාඩුවේවත් නැති පිළිගැනීමක් මෙහෙන් හොයන්නේ ? 225න් එකෙක් නේ ..පාර්ලිමේන්තුවේ නේ ..
ඇයි හත් ඉලව්වේ......මේ රටේ දැනට තියන ලොකුම ප්‍රශ්නේ ඕකද? ජනතාව වෙනුවෙන් කරන්න දේවල් රටේ ප්‍රශ්න මෙච්චර තියෙද්දී මොනවටද මේ මිනිස්සු අනවශ්‍ය ජල්බරි ඇද ගන්නේ? ජාතික ගීය සිංහලෙන් විතරක් ගායනා කොරපුවාම නිපුන කාරයයි, අරලිය කාරයයි හාල් මිල අඩු කරාවි නේද? මේ ඔක්කොටොම පිස්සු.
දෙමළ ජනතාවගේ ඉල්ලීම සාධාරණයි කියලා තමා මට නම් තේරෙන්නේ.
ලෝකයේ බොහෝ රටවල නොයෙකුත් විදේශීය ජාතින් ඉන්නවා. එත් ඒ රටේ ජාතික ගීය තම දෙමළ බසින් කියන්න එක දෙමළ ජාතිකයෙක් මෙච්චර කාලයකට ඉල්ලලා තියනවද ? අඩු වශයෙන් ද්‍රවිඩයන්ගේ නිජ බිම වන දකුණු ඉන්දියාවෙවත් ඒක කරනවද? ඇත්තටම මුස්ලිම් ජනතාව දෙමළ බසින් තම ආගමවත් අදහනවද? ඉහතින් ඇයි මේ ගැටුම් ඇතිවෙන ප්‍රශ්න දාන්නේ. මේක සිංහල රට බව අමතක කරන්න එපා. ඔයිට වඩා වැදගත් දේවල් තියනවා කතා කළ යුතු. අඩු ගානේ තමන්ගේ ජනතාවට පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා මේ වීරයෝ ඉල්ලනවද?
මෙයා මෙක ප්‍රශ්නයක් කරගෙන ඇදගෙන දඟලන්නේ..., ඊළඟට පවත්වන්න තියෙන මහා මැතිවරණය ඉලක්ක කරගෙනද කොහෙද? සුමන්තිරන් මහත්තයෝ තමුන්නාන්සේලා දේශපාලනයට ආපුදවසේ ඉඳලා මේ වෙනකම් දේශපාලනයේ යෙදීලා හිටියනේ. එහෙම නම් පුළුවන් නම් කියනවා බලන්න රටේ මේ ඉන්න සුලුතර ජාතියවන දෙමළ ජනතාවට මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ කියලා. තමුන්නාන්සේලා ඕවා ප්‍රශ්නයක් කරගත්තට දෙමළ ජනතාවට ඕවා ප්‍රශ්න නෙමෙයි. ඒ මිනිස්සුන්ට එදා වේල කන්න නැහැ. තමුන්නාන්සේ දෙමළ ඩයස් පෝරාවට ඕනෑ එපාකම්වලට කඩේ ගියාට, රටේ ඉන්න දෙමළ ජනතාවට ඔයිට වැඩිය ප්‍රශ්න තියෙනවා. දෙයියන්ගේ නාමයෙන් එකක් කියන්නම් මහත්තයෝ... මේක ඇවිල්ලා ඉන්දියාවේ තමිල්නාඩුව නෙමෙයි කියලා මතක තියාගන්න.
ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ව්යවස්ථානුකූලයිලු. එහෙනම් අපි ව්‍යවස්ථාව වෙනස් කරමු.
සුමන්තිරන් කියන්නේ ජාතිවාදියෙක් නෙමෙයි. ජාතිවාදියෝ තමයි සුමන්තිරන්ට බනින දකුණේ එවුන්. සුමන්තිරන් උගත්, ඉහලින්ම දේශපාලනයට සුදුසුකම් ඇති අව්‍යාජ දේශප්‍රේමියෙක්. එත් ඔහු ඔහුගේ ජාතියට ආදරේ කරනවා. එකයි ඇත්ත. 1948 දී පළමු නිදහස් උත්සවයේදීත් ජාතික ගීය දෙමලෙන් ගායනා කළා. ඒ කියලා රට බෙදුනද? නෑ. එදා D S කිව්වේ ඒකීය ශ්‍රී ලංකාවක් තුල සෞභාග්‍ය ඇති කිරීම ගැන. ඒ කයි සියලු ජාතින් ඔහු වටා එක් රොක් වුනේ.දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීම තුල ඒ ඒකීය රාජ්‍ය සහ සමගි සම්පන්න ජාතිය බිහිවීමට පදනම වැටෙනවා. එහෙත් වෙන්ව සැලකීමෙන් නැවත ඔවුන්ට බෙදීමේ අවශ්‍යතාවය ඇතිවෙනවා. මේ රටේ ඉන්න ගොබ්බයන්ට ඕක තේරුම් ගන්න බැරිව සුමන්තිරන්ට දෙස් දෙවොල් තියනවා. අපේ රට මෙවැනි ගොබ්බයො ඉන්නකම් දෙයියන්ගේම පිහිටයි !
මොන පිස්සුද? දෙමළ දේශපාලකයන්ට කවදාවත් තමන් ශ්‍රී ලංකිකයැයි කියන හැඟීමක් අතීතයේ තිබුනෙත් නැහැ. ඉදිරියටත් නැහැ. 1948 ඉඳන් කවදාවත් ජාතික ගීය දෙමළෙන් කිව්වේ නැහැ. වහල් ආණ්ඩුව දෙමළෙන් ජාතික ගීය කිව්වේ ඡන්ද පොරොන්දුවකට. එදා මහා සංඝරත්නය, ඒකාබද්ධ විපක්ෂය සහ සිංහලයන් ඊට විරුද්ධ වුනා. වහල් ආණ්ඩුව නිදහස් දවසේ දෙමළෙන් ජාතික ගීය කිව්වහම සුමන්තිරන් විජේකලාට හයි ෆයි එකක් දුන්නා. ඊට පස්සේ මොකද වුනේ? විජයකලා යාපනේ උත්සවයකදී ජාතික කොඩිය ඔසවන එක ප්‍රතික්ෂේප කළා. දෙමල දේශපාලකයන්ව අපේ සිංහලයන් හොඳට හඳුනා ගන්න ඕනේ. ඔවුන්ව කවදාවත් සෑහිමකට පත් කරන්න බැහැ. දෙන්න දෙන්න ඔවුන් තව ඉල්ලනවා. ඒ හින්ද මේ ආණ්ඩුව හොඳට මතක තියා ගන්න ඕනේ, සිංහලයන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් මේ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ කවදාවත් නැති තරමට එකමුතු වෙලා සුළු ජාතීන්ගේ ප්රාණඇපකාරයන් වෙලා හිටිය අපේ සිංහල දේශපාලකයන් බේරාගත්ත කියන එක. ඒ හින්ද නැවත දෙමල දේශපාලකයන්ගේ අල්ලේ නැටවෙන්න යන්නේ නැතුව මේ නිදහස් දවසේ, 1948 ඉඳන් ආපු විදිහට සිංහලෙන් ජාතික ගීය ගයන්න. අපිට වැදගත් දෙමළ දේශපාලකයෝ නෙමෙයි සාමාන්‍ය දෙමළ ජනතාව. ඔවුන් දෙමළෙන් ජාතික ගීය ඉල්ලන්නේ නැහැ.
සිංහල, මුස්ලිම් ජනයාට උතුරට එන්න කියන්න. සංහිදියා ප්‍රශ්නේ නැත.
ලංකා රජය පිළිගත් භාෂා තුනෙන්ම ජාතික ගීය ගයන්න ඉඩ දෙන්න ඕන. ඒක අනෙක් ජන කොටස් වලටත් උදම්විය හැකි කරුණක්. ඒ වගේම බෙදුණු සමාජය එකතු කිරීමක්. කොහොමත් දෙමළෙන් ඉගෙනගත් බොහොමයක් දෙනාට සිංහලෙන් ගීත ගයන්නත් බැහැ තේරෙන්නෙත් නැහැ. ගීතයේ තනුව සහ අර්ථය පමණක් එකක් විය යුතුයි. ගීතය ගැයුවා. හඩ සුළගේ පාවී ගියා. සියලු ජන කොටස් සන්තෝෂ වෙයි. අපට ඉන් මුකුත් අහිමි වෙන්නේ නැහැ.
අපොයි ඔව්. ඔයාටයි එජාප නඩයටයි. ඒකනේ අපි ගෙදර යැව්වේ.
මේ ප්රශ්නය හරිද වැරදිද කියල උගතුන් විමසා බලන්න ඕන.............
ඔලමොට්ටල මැති ඇමතිලා කතා කරන්න දාහක් දේවල් තිබිද්දී ජෝක් දානවා
දෙමළ ජනතාවට දෙමළෙන් ජාතික ගීය ගයන්න ඕන. මුස්ලිම් ජනතාවට අරාබි භාෂාවෙන් ගයන්න ඕන වේවි . හෙට අනිද්දට කියාවි වෙන වෙනම ජාතික කොඩිත් ඕන කියල. නැතිනම් ජාතික හැගීමක් ඇති වෙන්නේ නැහැ කියාවි. මේ ඔලමොට්ටල දේශපාලුවන්ගේ තකතීරු වැඩවල ප්‍රතිපල.
කිසිම තර්කයක් නැත රටක තිබිය යුත්තේ එක ධජයක්, එක ජාතික ගීයක් සහ එක් රාජ්‍ය භාෂාවක් පමණි. එහෙත් අපේ රට කන්නේ මෙන්න මේ වගේ නුගත් දේශපාලකයෝ කරන ප්‍රකාශ හින්ද. අපි ගොටාභය මහත්තයට චන්දෙ දුන්නේනම් ඔය "රෝහිත අබේගුනවර්දන, ජනක බණ්ඩාර තෙන්නකෝන් වගේ නුගත් මීහරක් ගෙන්න නෙමෙයි.
රටක තිබිය යුත්තේ එක් ජාතික ගීතයක්, එක් කොඩියක්, එක නීතියක් පමණි. ඉන්දියාව, රුසියාව, ඇමරිකාව යන රටවල් වල විවිධ ජාතීන් ජිවත් වුණත් ඔවුන් ගයන්නේ එක භාෂාවකින් යුතු ජාතික ගීතයක් පමණි. දෙමලුන්ට දෙමලින් මරක්කල අයට අරාබියෙන් අපේ රටේ ජාතික ගිය ගැයිය හැකිද?. මේක බෙදුම්වාදී, අන්තවාදී ඊනියා දේශපාලුවන්ගේ අදහසක් පමණි. දැනට බ්‍රිතාන්‍යයේ, ස්විට්සර්ලන්තයේ, දකුණු ඉන්දියාවේ සිටින දෙමලුන්ට හැකිනම් එම රටවල ජාතික ගිය දෙමළින් ප්‍රසිද්ධියේ ගයා පෙන්වන්න..
සුමන්තිරන් දැන්වත් තේරුම් ගත යුතුයි. දැන් මේ රටේ තිබෙන්නේ සිංහල ආණ්ඩුවක් බව...
ඔය සුමන්තිරන් කියන අයට තේරෙන්නේ නැද්ද? ලෝකේ ජාතික ගීය ගයන්නේ එක භාෂාවකින් පමණයි කියලා. දන්නෙම නැත්නම් ඔවුන්ගේ මුල්රට වන ඉන්දියාවටවත් ගිහින් අහගන්න කියමු. සියලුම ඉන්දියන්ස්ලා ගයන්නේ බෙන්ගාලි භාෂාවෙන් ඇති ගීයයි. අපේ කොන්ද පණ නැති හිටපු පොලිටික්කෝ නිසා තමයි මේ හැම විනාශයක්ම වුනේ... ඔවුන්ට සිංහලෙන් ගයන්න බැරි නම් තමිල්නාඩුවට ගිහින් බෙන්ගාලි භාෂාවෙන් තියෙන එක අපූරුවට ගයන එකයි ඇත්තේ... මොකද ඉන්දියාවේ ඔය සෙල්ලම් බැහැ. දෙමලෙන් ගී එහෙ නෑ.
එළුවයි, කොටියයි, තණකොළ මිටියයි තුනෙන් අපි විසි කරන්නේ මොකක්ද?
සිංහලද ? දෙමළද ? 56ට ආපහු යනවද?