(රංජන් කස්තුරි)
උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද හෙට (1) සිට අහෝසි වෙයි.
මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලැබූවත් මෙතෙක් උපයන විට බදු ගෙවූ අතර මින් ඉදිරියට එම බදු අය නොකිරිමට රජය මීට පෙර තීන්දු කර තිබිණි.
එහෙත් මසකට රුපියල් 250,000 කට වඩා වැඩියෙන් ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත්වේ.
ඉතුරුම් ගිණුම්වල පොලිය මත මෙතෙක් 5% ක රඳවාගැනීමේ බද්දක් අයකළ අතර එම බදු අයකිරිම ද අද සිට අහෝසි කර තිබේ.
මීට අමතරව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාර වලින් අය කිරිම් සීමාව අද සිට කාර්තුවක් සඳහා රුපියල් මිලියන 75 දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව කාර්තුවකට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් තිබෙන ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අයකිරිම නතර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව රජයේ විශිෂ්ඨ තීරණයක්. පහුගිය ආණ්ඩුව මිනිස්සුන්ගේ බැංකු පොලියට ටැක්ස් ගහලා කෝටි 7-10 සැපවාහන පරිපූරක ඇස්තමේන්තු දමමින් ගෙන්නුවා.