මුදල් කොමිෂන් සභා 2017 වාර්තාව ජනපතිට මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සිදු කළේය. 29 January 2019
ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය. 29 January 2019
නාවික හමුදාවෙන් බේරෙන්න මහවැලි ගඟට බැස පිහිනු 2ක් අතුරුදන් කින්නියා පොලිස් වසමට අයත් කන්දල්කාඩු වැලි මංකඬේ නීති විරෝධි ලෙස වැලි ගොඩ දැමු පිරිසක් අද (29) පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදාවෙන් බේරීම සඳහා පලා ගොස් මහවැලි ගගට බැස පිහිනා ගිය සිව් දෙනාගෙන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව කින්නියා පොලිසිය කියයි. 29 January 2019
ලංකාවට වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ 5 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා ඉතිහාසයේ අල්ලා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් බංගලාදේශ ජාතිකයන් පස් දෙනෙකු බංගලාදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි. 29 January 2019
කාන්තා පොලිස් තනතුරු ඉහළට පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලයන්හි කාන්තා නිලධාරිනියන් සංඛ්‍යාව සමස්ත නිලධාරින් සංඛ්‍යාවෙන් 15% දක්වා ඉහළ දැමීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. 29 January 2019
දුෂණ සංජානන දර්ශකයට අනුව ලංකාව 89 වැනි තැනට ට්රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලද දුෂණ සංජානන දර්ශකයට අනුව 2018 වසර සදහා රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව ලකුණු 38ක අගයක් හිමි කරගනිමින් 89 වැනි ස්ථානයට පත්ව තිබේ. 29 January 2019
මන්ත්‍රීවරුන් මිලදීගැනීම ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලකයන් කළ හෙළිදරව් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දී ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා ‘ලංකාදීප ’යට පැවසීය. 29 January 2019
ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට ජනාධිපති අරමුදල ලේක් හවුස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. 29 January 2019
‘අපි රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය ජනතාව අතරට ගෙනගියා’ ‘‘ සාමාන්‍යයෙන් අප අපහාසාත්මක පුවත් විකාශය කරන්නේ නැහැ . මෙම ප්‍රකාශය රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළේ සියලූම මාධ්‍ය නියෝජිතයින් කැඳවලයි. රාමනායක මහතා මෙම ප්රකාශ්ය කළේ ජනතාවට දැන ගන්නයි. මෙම ප්‍රවෘත්තිය ජනතාව දැන ගත යුතුයි කියලා අපි හිතුවා. 29 January 2019
මොහොමඩ් මුසම්මිල් සීඅයිඩීයට ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට පැමිණියේය. 29 January 2019
අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අයගේ අනුරූ ගිනි තියති වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරීමට විරෝධය දක්වමින් අදත් (29) බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයේ නියැලුණහ. 29 January 2019
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් වසරකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය. 29 January 2019
මධූෂ්ගේ ගෝලයෙක් රත්නපුරයේදී අත්අඩංගුවට මධූෂ් නැමැත්තාගේ ගෝලයෙකු බව කියන 29 හැවිරිදි රංග නැමැති පුද්ගලයෙකු , ඔහුගේ 38 හැවිරිදි අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙක් ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා ගංජා සමඟ රත්නපුර ඉඳුරුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය කියයි. 28 January 2019
විදුහල්පති සහතික ප්‍රමාණවත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී විදුහල්පතිවරුන් නිකුත් කරන විභාග ප්‍රතිඵල ලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් යැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 28 January 2019
කඩුවෙල නගර සබේ සේප්පූවේ මුදල් අස්ථාන ගතවෙයි කඩුවෙල නගර සභාවේ අතුරුගිරිය වල්ගම උප කාර්යාලයේ සේප්පුවේ තිබු රුපියල් 480,500 ක් අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. 28 January 2019
දේශීය මත්පැන් මිල ඉහළට ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගමේ සුරාබදු නිෂ්පාදනවල මිල අද (28) සිට සංශෝධනය කර තිබේ. 28 January 2019
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ඇප හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(28) ඇප නියම කළේය. 28 January 2019
මුස්ලිම් සාම සමුළුව ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 28 January 2019
ඝණ ආහාර සඳහාත් වර්ණ සංකේත ක්‍රමයක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 01 වැනිදා සිට අනෙකුත් ඝණ ආහාර සදහා ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 28 January 2019
ඥානසාර හිමිට ජනපති සමාව නොදෙන්නැයි සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ඉල්ලීමක් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (28) නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරියගෙන් ලිඛිත ඉල්ලීමක් කළාය. 28 January 2019
‘මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණ දඬුවම’ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකරන අය සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 28 January 2019
‘නොවැම්බර් 10 ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා‘ පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 28 January 2019
වතු කම්කරුවෝ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය වසති තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත. 28 January 2019
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. 28 January 2019
විමල් සීඅයිඩීයට ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජාතික පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 28 January 2019
එජාපය කැබිනට් නොවන ඇමැතිධූර තුනක් ඉල්ලති කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 28 January 2019
රිය අනතුරකින් ටෙලි නළු රවීන්ද්‍ර යසස් රෝහලේ ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නලුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. 28 January 2019
මාලි බෝම්බ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් පරීක්ෂණයක් ඉල්ලයි ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් මාලිහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් ඉලක්ක කරමින් සාම සාධක හමුදා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මාලි රාජ්‍යයට අවධාරණය කරයි. 27 January 2019
කන්කසන්තුරේ වරායටත් භාණ්ඩ ගොඩබෑමේ ජැටියක් කන්කසන්තුරේ වරාය 2021 වසර අවසානය වන විට භාණ්ඩ ප්‍රවාහන නැව් හැසිරවිය හැකි වරායක් බවට පරිවර්තනය කිරීමට සීඝ්‍ර සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. 27 January 2019
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර පෝස්ටර් ගලවයි පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළඳ නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරයේ පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ. 27 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026