මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24කගේ දේපොළ රාජසන්තක කිරීමට යයි මේ වන විට හඳුනාගෙන ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ දේපොළ රාජසන්ත කිරීම සඳහා විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 January 2019
මුලතිව් නයාරු විහාරයට පොලිස් -හමුදා ආරක්ෂාව මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ. 25 January 2019
මහවැලි උපදේශක සේවා කාර්යාංශය ගැන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක් මහවැලි උපදේශක සේවා කාර්යාංශයේ සිදු වී යැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද ඒ ගැන කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන්නේ යැයි ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජික මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’ යට පැවසීය. 24 January 2019
එජාපයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස රුවන් විජයවර්ධන පත් කෙරේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (24) ඒකමතිකව තීරණය කළේය. 24 January 2019
ගුරුකන්ද විහාරභූමියේ ඉදිකිරීම් නොකරන ලෙස නියෝගයක් මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට ඉකුත් 14 වන දින පිරිසක් විසින් බලහත්කාරයෙන් කොවිලක් ඉදි කිරීමට මුල් ගලක් තැබීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය සාමය කඩවීම යටතේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දෙපාර්ශ්වයටම නඩු පවරන ලදී. 24 January 2019
අගලවත්ත ප්‍රා.සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු හතරක් එජාපයට එක්වෙති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු හතර දෙනෙකු අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට එක්වූහ. 24 January 2019
අමාත්‍යංශ 31ක උපදේශක කාරක සභා පත් කෙරේ අමාත්‍යංශ 31ක් වෙනුවෙන් අමාත්‍යංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අද(24) පත් කෙරිණි. 24 January 2019
රාජ්‍ය ආයතනය 17 ක් ගැන පාර්ලිමේන්තුවේ දිනක විවාදයක් රාජ්‍ය ආයතන 17ක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කෝප්කමිටු වාර්තාව පිළිබඳව දිනක විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය. 24 January 2019
විමල්ගෙන් ඇපෑලක් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝණය කළැයි රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කළේය. 24 January 2019
දාගැබට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් 7 දෙනා රිමාන්ඩ් ඓතිහාසික කිරළාගල දාගැබ මත නැගී දාගැබට අපහාස වන අයුරින් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 7 දෙනා පෙබරවාරි 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා අද (24) නියෝග කළේය. 24 January 2019
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ මූලික සෞඛ්‍යය භාවිතය සහ සෞඛ්‍යය සේවාවල ගුණාත්මක ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 200 මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. 24 January 2019
අභියාචනාධිකරණ සභාපතිධූරයට ජනපති එවූ නම දෙවැනි වරටත් ඉවතට අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර එවු නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ. 24 January 2019
මහරගම අවට ප්‍රදේශ කිහිපයක වතුර කපයි අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් සඳහා මහරගම අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම් සෙනසුරාදා (26) පෙරවරු 8 සිට පසුදා (27) පෙරවරු 8 දක්වා පැය 24 කට කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 24 January 2019
සිංගප්පුරු මත්ද්‍රව්‍ය නිවාරණ ශිල්පීය ක්‍රම ලංකාවට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදා ගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳූන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කර තිබේ. 24 January 2019
ගම්පහ හෝටලයක ගින්නක් ගම්පහ, ජාඇල පැරණි බස් නැවතුම් පොළ ඉදිරිපිට හෝටලයක් තුළ අද (24) පෙරවරු 10 ට පමණ ගින්නක් ඇතිවු අතර වහා ක්‍රියාත්මක වූ ගම්පහ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න පැතිරී යාම මැඩපැවැත්වීමට පියවර ගනු ලැබීය. 24 January 2019
ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුර පුළුස්සන්න බැරිවෙයි මොරටුව- එගොඩ උයන ප්‍රදේශයේ අත්හැර දමන ලද ලී මෝලක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පුළුස්සා දැමීමටත් ගත් උත්සාහයක් අද(24) අලුයම ව්‍යර්ථ වී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි. 24 January 2019
පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට බිලියන දෙකක් වෙන්කරයි යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරිම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබේ. 24 January 2019
චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හළ තරුණයන් 8 දෙනෙකු අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී අද (23) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 23 January 2019
අංගොඩ ලොක්කාගේ සුරතල් අත්අඩංගුවට පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන සුරතල් නැමැත්තා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ අංගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 23 January 2019
නිදහස් දින සැමරුම ජාතික දින සැමරුම ලෙස නම් කරයි ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. 23 January 2019
පුද්ගලයකුට පහරදුන්නැයි මන්ත්‍රී පුංචිනිලමේ අධිකරණයට ඉදිරිපත් කරන්න යයි ත්‍රිකුණාමලය අග්බෝපුර පදිංචිකරුවකුට පහරදුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා කතානායකවරයාගේ අවසරය ඇතිව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය අද කන්තලේ මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නේය. 23 January 2019
බුදු පිළිම කැඩීම ගැන පුළුල් පරීක්ෂණයක් මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන්ගේ නිවාස වල තිබී සොයා ගත් අවි ආයුධ තොගය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 January 2019
වෛද්‍ය සභාවට එරෙහි අපහාස නඩුව කල් යයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 21 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය. 23 January 2019
කොළොන්නාවේ හෙරොයින් ජාවාරම්කරුවෙක් දිවි ඇති තෙක් හිරේට කොළොන්නාව ප්‍රදේශයේ හොරොයින් ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා ජිවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 23 January 2019
චෛත්‍යට නැඟි තරුණයින් සොයා පොලිසිය අග්නිදිග සරසවියට යයි හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මෙ වනවිට (23) අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයට යවා ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි. 23 January 2019
රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් විදේශීය යුවළකගේ ඞී එන් ඒ සාම්පල සොයයි ගෝල්ෆෙස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගන්නා ලද ශ්‍රී ලාංකික රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සදහා මරණකරු සේවය කළ විදේශීය යුවළගේ ඞී එන් ඒ සාම්පල ලබා ගෙන 23 January 2019
අඟුණකොලපැලැස්ස කමිටු වාර්තාව බන්ධනාගාර ඇමතිනිය අතට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට බාර දී ඇතැයි අමාත්‍යංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය. 23 January 2019
ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයෝ පත් කෙරෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නව දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සිදු කෙරිණි. 23 January 2019
ගුවන්හමුදාව-විදුලිබල අමාත්‍යංශය කෘතිම වැසි ඇතිකිරීමේ ගිවිසුමක ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යාංශය කෘතිම වැසි ඇතිකිරිමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. 23 January 2019
යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක් යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ගොඩ ගෙන ඇත. 23 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026