රජයේ ප්‍රමාදයෙන් පිළිකා රෝගියෝ අසරණ වෙති රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රමාදය හේතුවෙන් රාජ්‍ය රෝහල් අර්බුදයකට මුහුණ දී ඇත. මෙම තත්ත්වය නිසා පිළිකා රෝගීන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් ඖෂධ රෝහල්වල නොමැති බවත් එම ඖෂධ ලැබෙන්නේ කවදාද යන්න නිශ්චිත නැති බවත් වාර්තා වේ. 27 January 2019
ගංගාරාමාධිපති සුව දුක් විමසන්න සාගල සිංගප්පූරු යයි සිංගප්පූරුවේ එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ , හුණුපිටිය , ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිගේ සුව දුක් විමසීම සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (27) එහි ගියේය. 27 January 2019
උතුරේ 292 කට රජයේ රැකියා උතුරු පළාත් පාසල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උතුරු පලාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි. 27 January 2019
‘ජාතික ආණ්ඩුවක් හදන්න මම එන්නේ නැහැ‘ කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (27)දින අනුරාධපුරයේදි පැවසිය. 27 January 2019
සීමා නිර්ණය කොමිසමට පනතක් ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිෂන් සභාව වෙනුවෙන්ම පනතක් සකස් කෙරෙන බව එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 27 January 2019
පුතා මරා මව සිය දිවි හානි කරගනී දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ තරුණ මවක් තම හත්මස් වියැති සිගිති පුතාගේ ගෙළ සිර කර ඝාතනය කර ඇයද සිය දිවි හානි කරගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 27 January 2019
මව මැරූ පුතා අත්අඩංගුවට දෙල්ගොඩ කකුළු ගොවිපොළක් අසළදී සිය වයෝවෘද්ධ මවට ගලකින් පහරදී ඝාතනය කළ පුතෙකු අද (27) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 27 January 2019
වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් ලබා දීමට තේ මණ්ඩලයෙන් කෝටි 10 ක් වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර ඇත. 27 January 2019
බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න ගොවීන්ට උපදෙස් යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්යක්ෂ ජනරාල් අද (26) ගොවීන්ට දැනුම් දි තිබේ. 26 January 2019
ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය. 26 January 2019
බ්‍රසීලයේ මඩ සුනාමියකින් 9 ක් මරුට : 300 ක් අතුරුදන් බ්‍රසීලයේ යපස් පතළක වේල්ලක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණිකොණදිග බ්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බවද බලධාරීහු කියති. 26 January 2019
ගලකින් ගසා කාන්තාවක මරයි මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 26 January 2019
ඇමැතිවරු කිහිපදෙනෙකුගේ විෂය පථ වල වෙනසක් ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමේදී අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරී තිබූ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය ඉන් ඉවත් කර රාවුෆ් හකීම් මහතාගේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ඇත. 25 January 2019
නීති විරෝධීව සිටි ඉන්දියානු ජාතිකයන් 24 ක් අත්අඩංගුවට නුගේගොඩ මිරිහාන කර්මාන්තශාලාවක නීති විරෝධි අයුරින් රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් 24 දෙනෙකු ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත. 25 January 2019
වතු කම්කරු වැටුප වැඩි කරන්න වැවිලි සමාගම් එකඟවෙයි වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අද (25) එකඟතාවකට පැමිණියේය. 25 January 2019
ශිෂ්‍ය ප්‍රශ්න විසඳන්නේ නම් සිසු අරගල වලත් නිමාවක් තියේවි ශිෂ්‍ය ප්‍රශ්න විසඳී නැතිනම් සිසුන් අරගලවලට ඇදී යාම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් නිවැරදි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. 25 January 2019
ඥානසාර හිමිට පොදු සමාව දෙන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමු කර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ලිපියක් යොමු කර ඇත. 25 January 2019
‘සුජාතා’ ප්‍රදර්ශනයට එරෙහිව අතුරු නියෝගයක් සුජාතා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම වළකාලමින් චිත්‍රපටය සංරක්ෂක බව කියන තිස්ස නාගොඩවිතාන මහතා සහ සිනමා සමාගමකට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර්.මරිකාර් මහතා අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 January 2019
ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට සංශෝධන ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සිංගප්පූරු අගමැති ලී සියැන් ලූන්ග් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) සඳහන් කර ඇත. 25 January 2019
‘මනුෂ්‍යයාගේ වගකීම ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරිමයි’ ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බවත් මනුෂ්‍ය වර්ගයාගේ ප්රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පැවැසීය. 25 January 2019
ගාමිණී සේනරත්ගේ ඇපෑල මාර්තුවට කල්යයි ලංගමයට සිදුවූ පාඩුවට රුපියල් මිලියන 142 ක් අයකර දෙන මෙන් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ වගඋත්තරකරුවන්ට දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ගොනු කළ අභියාචන පෙත්සම සළකා බැලීම මාර්තු 26 වැනිදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය. 25 January 2019
ණය සහන මණ්ඩලයට සාමාජිකයෝ 11 ක් ණය සහනදායක ආඥා පනත් කෙටුම්පත සංශෝධිත සහිතව සම්මත වීමෙන් අනතුරුව එම මණ්ඩලයේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව 11 දෙනකු දක්වා වැඩි කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. 25 January 2019
මාලියේ බෝම්බ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කපිතාන්වරයෙක් - සෙබළෙක් මිය යති බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිතර ශ්‍රී ලංකා හමුදා පිරිසක් ගමන් ගත් රථ පෙළක් බෝම්බයකට හසු වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා කපිතාන්වරයකු හා සෙබළකු මියගොස් තවත් සෙබලුන් තිදෙනකු තුවාල ලබා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 25 January 2019
ආසියානු ශාන්තිකර පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රී ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි. 25 January 2019
ඇලොසියස්-පලිසේන ඇතුළු සිව්දෙනකුට නොතීසී පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) මෙලෙස නොතීසී නිකුත් කළාය. 25 January 2019
බි්රතාන්ය මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බි්රතාන්ය මහේස්ත්‍රාත් අධිකරණයක් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2019
සේනා මර්දනයට මුදල් වෙන්කරන්නැයි අගමැතිගෙන් නියෝගයක් සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇත. 25 January 2019
අඟුණකොලපැලැස්ස සිද්ධිය ගැන එක්සත් ජාතීන්ට පැමිණිල්ලක් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබුවේ යැයි කියන වදහිංසා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් කර ඇත. 25 January 2019
ළමයින්ට පාසල් පොත් අරන් උත්තර දේවි ඉරිදා එයි කොළඹ - යාපනය කන්කසන්තුරේ ‘උත්තර දේවි‘ දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරේ. 25 January 2019
‘නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු ගැන පක්ෂය සමඟ එකඟ නෑ’ නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂය ද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය. 25 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026