(නිමල කොඩිතුවක්කු)
ජල ඒකක 15 ට වඩා පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉහළ නැංවීමට ඉදිරියේදී කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට අද (19) පැවැසීය.
ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරනු ලබන ජල ගාස්තු ප්‍රමාණවත් නොවන බවත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි කාලයේදී ජල ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා පුදුම රටක්, කන්දෙන් ලැබෙන පිරිසිදු වතුර ටික රටේ මිනිස්සු විසින්ම අපවිත්‍ර කරලා ඒවා පිටරටින් රසායනික ගෙනැල්ලා පිරිසිදු කරලා ආයේ බොනවා. රටේ තියෙනවා මහවැලි අධිකාරියක්, ජලසම්පාදන මණ්ඩලයක්... ඕකේ ඉන්න ලොකුඅයට තේරෙන්නේ නැතිද ගඟට, ඇලට හරවන කුණු කාණු නිසාත්, ගඟ ලංගම හදාගන්න ගෙවල් නිසාත්, අපි විසින්ම ගංගා ජලය අපවිත්‍ර කරගන්නවා කියලා? ඒවාට නීති හදලා ඇලදොළ පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැත්තේ මොකද? ජලය පිරිසිදු කරන්න යන වියදම අඩුකර ගන්න ලේසියෙන් පුළුවන් නේද?
බොහොම හොඳයි. මාර්තු ඡන්දෙන් අපිත් සේවය ඉටු කරන්නම්. වියත් මග නෙමේ විපත් මග...
අම්මෝ... ජනතාවට පුදුම සහනයක්නේ මේ ආණ්ඩුව දෙන්නේ? එළවලු මිල අහස උසට නග්ගලා සහනයක් දුන්නා. ඊට පස්සේ හාල්.. දැන් වතුර බිල... අම්මෝ 2/3 නෙවෙයි 3/3ම දෙන්න ඕන මෙයාලට...
නියමයි ජනාධිපතිතුමනි. ඇපත් නැතුව ඉන්නේ අපි...
මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය. ජීවන වියදම භාණ්ඩ හා සේවා ගාස්තු මැතිවරණ වේදිකාවට ගෙනාවේ මේ වැඩිකරන මහත්වරුම නේද? දැන් ඒවා විඳවන්න...
නියමයි... බෝඩින් වෙලා සේවය කරන අයට 2020 බෝඩින් රෙන්ට් එක ආයෙත් වැඩිකරන්න... අනේ අපේ රටට යන කලක්... වැඩිමිලට බත් එකක් කද්දී අඩුමිලට ඇයි වතුර බොන්නේ..?
ඔහොම යනකොට තව හුඟක් දේවල් වැඩිවෙන හැටිත් බලාගන්න බැරිවෙන එකක් නැහැ.
වාසුදේව, තමාගෙන් ප්‍රශ්න කීපයක්ම අහන්න හිතෙනවා. 1. අඩු අදායම් ලාභීන් කියන කට්ටිය විතරද මේ රටේ ජීවත්වන්න ඕනෑ. 2. පස් දෙනෙක් සිටින ගෙදරකට එකක 15කින් නැත්නම් ලීටර 15000කින් සියලු කාර්යයන් කරන්න පුලුවන්ද? 3. දැනටමත් එකක 15, 20, 25, 30, ආදී වශයෙන් වැඩිවන විට ජල ගාස්තුව දිනේෂ් ගුණවර්ධන වතුර ඇමැති කාලේ වැඩිකළබව ඔබ දන්නවද? 4. වතුර මණ්ඩලේ හිල් වහන්නේ නැතුව පාඩු පිරිමහන්න හදන්නේ මහජනතාව හූරා කාළාද? 5. වාසුලා, දිනේෂ්ලා ඉගෙනගත්තු සමාජවාදයේ ජනතාව හූරා කන්නටද උගන්නලා තියෙන්නේ? තව ප්‍රශ්න තියනවා. දැනට මේ ඇති. නමුත් මේ ටිකත් මතක තබාගන්න. ඔබ ගෝඨාභය ජනපති වෙනවට විරුද්ධව සිටි කෙනෙක්... අවසාන මොහොතේ නිහඬව සිටියට... දැන් අපට පෙනෙනවා ඔබ ගෝඨාභයට එයාට ඕනෑ විදියට රට පාලනය කරන්න ඉඩ නොදෙන ඔහු කෙරේ මහජන ප්‍රසාදය බිඳවන්න වැඩ කරන්නෙක් බව. කරුණාකර ඔබ ඔය උපඇමති කමින් අයින් වෙන්න. ඒක ඔබේ ඇඟටත්, රටටත් ගුණයි...
නියමයි...
නාන්නේ වතුර නැතිවද ? එයා දිනපතා මුනත්තහඩුව හෝදනවාද, තිබහට බොන්නේ රටබීම විතරද ? අතීතයේ ප්‍රංශයේ හිටපු උද්ධච්ච රැජිනක් බඩගින්නට පාන් ඉල්ලා උද්ඝෝෂණය කරපු ජනතාවට කිවුවලු මෙහෙම : පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. ජල බින්දුවෙන් පටන් ගන්නා වැඩිකිරීම් කොහෙන් ඉවරවෙයිද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි !
පස් දෙනෙක් සිටින ගෙදරකට එකක 15කින් නැත්නම් ලීටර 15000කින් සියලු කාර්යයන් කරන්න පුලුවන්ද? මොකෝ බැරි ? ආචාර්ය බන්දුල ගුණවර්ධනට රුපියල් 2500කින් පස් දෙනෙකුගෙන් යුත් පවුලක් නඩත්තු කරන්න පුළුවන් නම් වාසුදේවගේ වතුර ටික මහා ලොකු කජ්ජක්ද ?
මේක නම් විපත් මගක් වගේ තමයි මිල වැඩි කිරීමද විසඳුම.?
ජලසම්පාදන මණ්ඩලය මතුපිට සහ භූගත ජලය නොමිලේ ගෙන විකුණා මුදල් උපයයි. වෙනත් ආයතනයක් එසේ කළහොත් එය ජලය විකිණීමක් වන අතර ජනතාව වෙනුවෙන් ඔවුන් වහා සටනට පැමිණේ. නමුත් ඔවූන් නොකියන කතාව නම් දැරිය නොහැකි ආයතන පිරිවැය නිසා ජල බිල වැඩිවන බවය. උදාහරණයක් ලෙස අඹතලේ පිරිපහදුවේ රුපියල් 3 කට පමණ නිපදවන ජල ඒකකයක් විකුණන මිල කීයද? බෙදා හැරීමේ වන හානියට අමතරව දහස් ගණනක් වන වැඩකට නැති සේවකයින් නඩත්තු කිරීමට මුදල් එමගින් සෙවිය යුතුය. මෙහි සිටින බොහෝ දෙනා අනිකුත් ආයතන මෙන් (ලිපිකරු, රියදුරු, කම්කරු ) රැකියා කරන අය නමුත් ඔවුන්ගේ වැටුප අනික් ආයතන වලට වඩා 3-4 ගුණයක් වැඩිය. එහි වරදක් නැත. නමුත් ගැටලුව වන්නේ රටේ වතුර ටික නොමිලේ ගෙන බෙදාහරින පිරිසක් වෙනුවෙන් කරන අනවශ්‍ය බර පාරිබෝකිකයා දැරිය යුතුද යන්නයි. ඔබට වියදම අඩුකළ ගත නොහැකිනම් පුත්ගලික ආයතනයකට ජලය බෙදාහැරීම පැවරිය හැක. යහපත් පිරිස් කළමනාකරණයෙන් අඩුමිලට වඩා හොඳ සේවාවක් එමගින් සැලසෙනු ඇත.
මේ පාර ඡන්දෙට එනවාද...?
ජාල ප්‍රවාහන මණ්ඩලයේ වියදම් වැඩිවෙනවා නම් ජලගාස්තු වැඩිකරන්න වෙනවා. වැඩිපුර ජලය පාවිච්චිකරන අය ඒ වියදම දැරිය යුතුයි. එ්ක ගැන වාද කරන්න දෙයක් නැත. බස් නඩත්තු කිරීමට වියදම් වැඩිවෙනවාට බස්ගාස්තු වැඩිවෙනවා නම් ජලය පිරිසිදු කිරීමේ වියදම, ජලනල නඩත්තු කිරීමේ වියදම සේවකයින්ගේ අවුරුදු පතා කරන වැටුප් වැඩිවීම් ගැන හිතනකොට වතුර බිල වැඩි කරන්න වෙනවා. පුළුවන් නම් ඒකක 15 ට අඩුවෙන් පාවිච්චි කරන්න. වතුර බටවලට අමතර ළිඳක් තිබෙනවා නම් මල්ගස් වලට, වාහන හෝදන්න යනාදියට ළිං වතුර, වැසිවතුර පාවිච්චි කරන්න.
ඒකක 15 ලීටර් 15000 නොනා, වැසිකිලි නොගිහින් ,රෙදි සෝදා නොගෙන පාවිච්චි කරන්න.
බමුණුමත කියවන්න නොවෙයි, මිනිස්සු ආණ්ඩුව වෙනස් කරලා තියෙන්නේ... හැමදාම මොකක් හරි වැඩි කළා කියලා විතරයි ඇහෙන්නේ. සහන දුන්නෙත් ඉහළ ආදායම් ලබන්නන්ට... අනික මේ වාසුදේවලා වගේ කිසිදාක වෘත්තීය අත්දැකීම් නැති අය නිලධාරීන් කියන පදේට නටනවා හැර වෙන මොනවා කරන්නද? පස් හය දෙනෙකුට වැඩිය ඉන්න ගෙදරක විශේෂයෙන් පොඩි ළමයි ඉන්න තැනක ඔය කියන ප්‍රමාණයට වඩා වතුර පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඒ අය වැටෙන්නේ ධනපති ගණයටද? උපත් පාලනයට බල කරනවා වගේ ගෙවල් වල ජනගහන පාලනයට. චීනෙට හපන් වේවි...
ඒකක 15 ලීටර් 15000 නෝනා, වැසිකිලි නොගිහින්, රෙදි සෝදා නොගෙන පාවිච්චි කරන්ලු.. හලෝ ඔහේ වැසිකිලි ගියාම නාලද එන්නේ? අපි 3 සිටින පවුලේ දින දෙකකට වරක් රෙදිත් හෝදලා කාරෙක හෝදලා මල්ගස්වලට වතුර දාලත් අපිට මසකට යන්නේ වැඩීම් එක්ක 22 යි.
ඇයි වතුරයි හාලුයි බෙහෙතුයි නිකන් දෙනවානම්ද ඡන්දය දෙන්නේ? හිටු කියලා බදු ගැහැව්වාට කමක් නැද්ද.?
හතර දෙනෙක් ඉන්න පවුලක බීමට සහ නෑමට පමණක් යුනිට්ස් 15කට වඩා වැඩියෙන් යන බව අවබෝධ වේවා!
කිරිබත්කන්න මිතුරනි, ඊළඟ ඡන්දෙන් පස්සේ තව ගොඩක් පුදුම කරවන්න ඉන්නේ...
තීරණය යාවත්කාලීනයි. ඒත් මේ අවම සීමාව ඒකක 25ක් දක්වාවත් ඉහළ දැමිය යුතුයි. මොකද තිදෙනෙකුගෙන් යුත් පවුලකට මාසික ජල පරිභෝජනය ඒකක 15ක් වෙනවා.