( සුමතිපාල දීයගහගේ)
පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව යටතේ දකුණු පළාත තුළ ක්‍රියාත්මකවූ ළමා නිවාස 36 ක සංඛ්‍යාව මේවන විට 29 දක්වා අඩු කර ගැනීමට හැකිවී ඇතැයි දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.
එමෙන්ම මෙම ළමා නිවාසවල සිටි 1550 ක් පමණ වු දරුවන් සංඛ්‍යාවද 850 දක්වා අඩුකර ගැනිමටද හැකිවී ඇත.
මේ පිළිබද වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් කරුණානායක මහතා මෙසේ කීය.
‘දරුවන් ළමා නිවාසගත නොවිය යුතුය යන සිද්ධාන්තය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මට අවශ්‍ය වුණා. ඒ අනුව දකුණේ ළමා නිවාස සංඛාව මේ වන විට අඩුකර ගැනිමට හැකිවි තියනව. ඒ සදහා වැඩ පිළිවෙළක් ආරම්භ කළා. කුල වද්දා ගැනිම සදහා වයස් කාණ්ඩ අනුව දරුවන් අධිකරණය වෙත යොමු කර දරුවන් නැති දෙමාපියන්ට එම දරුවන් ලබාදිම, වයස අවුරුදු 16 පිරුණු පාසල් නොගිය දරුවන් වෘත්තීය පුහුණු අධ්‍යාපනයට යොමුකර එම පුහුණුවෙන් පසුව රැකියාගත කිරිම, දෙමාපිය ගැටලු ඇති දරුවන් සුදුසු භාරකාරත්වයට පමුණුවා ආරක්ෂිත පරිසරයක් පිළිබද සෑහිමට පත්වන්නේනම් භාරකාරත්වයට පත් කිරිම, නිසි වයස සම්පුර්ණවු දරුවන් විවාහ කටයුතුවලට යොමු කිරිම, නිවාස නොමැති නිසා ළමා නිවාසගතවි සිටින දරුවන් සදහා නිවාස ඉදිකරවාදි එම දරුවන් සුරක්ෂිතව නැවත නිවාසගත කිරිම යටතේ ළමා නිවාස සංඛ්‍යාව අවම කර ළමා නිවාසගත දරුවන් සංඛ්‍යාවද අඩු කර ගැනිමට හැකි වුණා.
එමෙන්ම දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය කාර්යාල එකොළහක් මගින් එම කටයුතු අධික්ෂණය කිරිම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරිමට වඩාත් පහසු වුනා යයිද මහේෂ් කරුණානායක මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන් කර ඇති රාජකාරි කටයුත්ත ගැන කියවූවා. ඔබතුමන්ට හිසනමා ආචාර කරනවා. ඔබතුමන් වැනි තව නිලධාරින් කිහිපදෙනෙක් සිටී නම් මගේ පුංචි රට හදන්න ලොකු අමාරුවක් නැහැ. එ්ත් කීයෙන් කීදෙනාද ඔබතුමන් වගේ හිතන්නේ. ඔබතුමන්ට සාර්ථක හෙටක් පතමු.
මම හිතන්නේ මෙම අනාථ නිවාස ක්‍රමයත්, වැඩිහිටි නිවාස ක්‍රමයත් අපිට විදේශවලින් ලැබුණු දායාදයක් කියලයි. අතීතයේ මේ රටේ යම් දරුවෙකු අනාථ තත්වයට පත්වුණා නම් ඔහු හෝ ඇය ලේ ඥාතීත්වය මත ඥාතියකු විසින් හදාගන්නා ක්‍රමයක් තිබුණා. දැන් එවැනි දේ නැහැ. ඒ අතර සමහරක් පුද්ගලයින්ට විවිධ ආගම් පතුරුවන්නන්, ආදායම් මාර්ගයක් ලෙසට ළමා නිවාස ඇරඹීමට උපදෙස් දෙනවා. නිවාස ඇරඹූ පසුව නිවාස ගතවන ළමුන්ට ඔවුන්ගේ ආගම් උගන්වා ආගම් පැතිරීමත් කරනවා. මේ ගැන අවධානයක් යොමුකරනවා නම් වටිනවා.
මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මමයි, දූලා දෙන්නයි ඉන්නේ... මම කුලී වැඩකරලා ළමයින් ජීවත් කරන්නේ..