(විනීතා එම් ගමගේ)
විදේශ රැකියා ඒජන්සිවල ලියාපදිංචිය අලූත් කරනවිට පොලිස් වාර්තා කැඳවන ලෙස විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.
අවිධිමත් ආකාරයට හා නීතිියට පටහැනිව කටයුතු කරන විදේශ රැකියා ඒජන්සි ගැන දැඩි ක‍්‍රියාමාර්ග ගන්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන් බව කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාර්යංශයේ හදිසි රැස්වීමක් හදිසියේ කැඳවූ අමාත්‍යවරයා එහි කටයුතු කාර්යක්ෂමව, නීත්‍යානුකූලව හා ජනතා හිතකාමි අයුරින් පවත්වාගෙන යාම පිළිබඳව නිලධාරින්ට උපදෙස් දුන් අවසථාවේ මේ බව පැවැසී යැයි ද එම නිලධාරියා කීය.
විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාමේ දී ගොඩනැගිල්ලේ තිබිය යුතු පහසුකම් ගැන නීතියේ සදහන් වෙතත් සයින්දමරදු ප‍්‍රදේශයේ පෙට්ටි කඩයක විදේශ රැකියා ඒජන්සියක නාම පුවරුවක් දුටු බව අමාත්‍යවරයා එහි දී පැවැසීයැයි කී එම නිලධාරියා එය ලැජ්ජාවට කරුණක් බව ද සදහන් කළ බව පැවසීය.
විදේශ ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් යම් විශ‍්‍රාම වැටුපක් ලබා දීම සඳහා වැඩ පිළිවෙලක් ඇති හැකියාව ගැන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් සමග සාකච්ඡා කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රැකියාවකට යන්න කළින් ඒජන්සියට මුදල්, මෙඩිකල්වලට, ඇඟිලි සලකුණ... ඊට අමතරව රක්ෂණ මුදල්... මැදපෙරදිග රටකට එන්න කළින් පිරිමි ශ්‍රමිකයින්ව සූරගෙන කනවා ඒජන්සි කාරයෝ... ඊට පස්සේ රට එන්න වියදම් කරපු සල්ලි හම්බකරන්න මාස 04ක් විතර වැඩකරන්න ඕනේ...
අනේ මහත්තයෝ අපේ රටේ ගැහැණු අය අරාබි රටවල ඉන්න වනචාරී මිනිසුන්ට ගැහැණුන්ට වහල්කම් කරන්න යවන්න එපා. කොහොමහරි ලංකාවේ සුළු කර්මාන්ත දියුණු කරලා තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන්න කටයුතු කරන්න. ඔබතුමාගේ තාත්තා එලොව සිට එම කර්තව්‍ය කෙරෙනකම් බලාගෙන ඉන්නවා.