නිදහස් උළෙලට ෆොන්සේකා නෑ ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි. 01 February 2019
‘ජාතික නිදහස් දින පෙරහුරුව අද නැහැ‘ ජාතික නිදහස් දින පෙරහුරුව අද (01) දින නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 01 February 2019
දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත. 01 February 2019
ලක්ෂ 200ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට රුපියල් 20,000,000ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් කොළඹ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 01 February 2019
මැතිවරණ කොමිසම ඩිජිටල්කරණයට මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය. 31 January 2019
‘‘මේ වසර අලුත් ආණ්ඩුවක් හැදෙන - හදන වසරක්‘‘ මැතිවරණ වසරක් වන මෙම වසර රටේ අලුත් ආණ්ඩුවක් හැදෙන හා හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (31) පැවසීය. 31 January 2019
හෙරොයින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් බංගලාදේශයට ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කිලෝ 272 ක් වූ විශාලම හෙරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට අදාළව බංගලාදේශයෙන් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පස් දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බංග්ලාදේශය බලා යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 31 January 2019
විදුහල්පතිවරු විරෝධතාවයකට සැරසෙති උසස්වීම් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් විදුහල්පතිවරුන් 4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 6 වැනිදා පෙරවරු 10.00 ට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි. 31 January 2019
දුම්රිය සේවක හිඟය ගැන ඇමතිට ලියයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි කාලයේදී දැඩි සේවක හිඟයක් නිර්මාණය වීමට නියමිත බැවින් ඒ ගැන අවධානය යොමුකර කඩිනම් වැඩපිළිවෙළක් යොදන්නැයි ද ඉල්ලමින් දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කර ඇත. 31 January 2019
චීන සමාගමකට නීතීඥ සේවාව සැපයීම තහනම් කරමින් අතුරු තහනමක් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින් සමාගම් ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇති චීන සමාගමකට නීතීඥ සේවා සැපයීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය. 31 January 2019
විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලේ විරෝධතාව පිළිබද නියෝගය කල්යයි අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන පෙබරවාරි 13 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියම කරන ලදී. 31 January 2019
ගෝඨාට එරෙහි නඩුවේ මූලික විරෝධතාවට තීන්දුව 11 වැනිදා වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31) තීරණය කළේය. 31 January 2019
කටුනායක ගුවන්තොටේ ආගමන විගමන කටයුතු තවත් කඩිනම් කරන්න පියවර කටුනායක ගුවන් තොටුපොලෙහි ආගමන විගමන කටයුතුහි ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන් පියවර කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. 31 January 2019
පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. 31 January 2019
එජාප සමඟි සන්ධාන රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්ට යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද ( 31) යවනු ලැබීය. 31 January 2019
මාධ්‍ය මර්දනය ගැන විමර්ශනයට මානව හිමිකම් කොමිසම සැරසෙයි මාධ්‍යවේදීන්ගේ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු පවතී නම් ඒවා ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කිරීමට සූදානම් යැයි එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය තම සංවිධානයට පැවැසී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 31 January 2019
වෙලේ සුදාගේ’ අභියාචනය සළකා බැලීම පෙබරවාරියේ තමා මරණ දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන පෙබරවාරි 07 සහ 15 යන දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද ( 31) තීන්දු කළේය. 31 January 2019
සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක ශ්‍රී ලංකාවේ පළාත් සභා නවයෙහිම මැතිවරණය එකම දිනයක පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 31 January 2019
කොළඹ වරායට නව නියමු යාත්‍රා 2ක් මිලදීගන්න යයි කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම සඳහා නියමු යාත්‍රා දෙකක් අලුතින් මිලදී ගන්නා බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 31 January 2019
රේගු දෙපාර්තමේන්තුවට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්. ජී. සුමනසිංහ මහතා අද (31) පත්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. 31 January 2019
කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට ගත් කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කළේය. 31 January 2019
මැලේසියාවේ නව රජු ඔටුනු පළදී මැලේසියාවේ නව රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමද් ෂා මහතා ක්වාලාලාම්පූර් හි ජාතික මන්දිරයේ දී අද (31) සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. 31 January 2019
බඳ පටියේ සඟවා හෙරොයින් ගෙන ආ බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට බඳ පටියේ සඟවා වැලිකඩ බන්ධනාගාරය තුළට හොරොයින් රැගෙන ඒමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අද (31) බන්ධනාගාර බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. 31 January 2019
ජෙෆ්රි ඇලෝසියස්ට රට යන්න අවසර ඉල්ලයි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මාස දෙකක කාලයක් විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරුන් අද (31) කොළඹ ප්‍රධාන ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෝසමකින් කරුණු ඉදිරිපත් කළේය. 31 January 2019
අජිත් මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයක් මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (31) දිවුරුම් දුන්නේය. 31 January 2019
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ළමයකු පාසලට ඇතුළත් කරගැනීම සඳහා රුපියල් පන්දහසක අල්ලසක් ගත් හොරව්පොතාන විදුහලක විදුහල්පතිවරයකු අද (31) විදුහල් කාර්යාලය තුළදී අල්ලස් හා දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 31 January 2019
මත්ද්‍රව්‍ය සඟවාගෙන ආ ඉරාන කතක් අත්අඩංගුවට හයිබ්‍රිඩ් කුෂ් නමින් හඳුන්වන ගංජා ග්‍රෑම් 400 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක සඟවාගෙන පැමිණි ඉරාන ජාතික කාන්තාවක් (24) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය . 31 January 2019
දුම්රිය නිදන මැදිරි වෙනුවට නිදන ආසන මැදිරි වැඩි කරන්න යයි දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක්ව පවතින ඇඳන් සහිත නිදන මැදිරි සංකල්පය ඉදිරියේදී ඉවත් කර , ඒ වෙනුවට රාත්‍රී දුම්රිය නිදන ආසන මැදිරි වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 31 January 2019
සුරක්ෂා රක්ෂණාවරණයේ අයදුම්පත් අමාත්‍යාංශයෙන් බාර ගනී සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ වන්දි ලබා ගැනීමට අපේක්ෂාකරන පාසල් සිසුන්ට ඒ සඳහා වන අයදුම්පත් සෘජුවම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 30 January 2019
සිංගප්පූරු ගිවිසුමේ අවුල් හොයන්න කමිටුවක් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය. 30 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026