(ඉන්දිකා රාමනායක)
අඹන්පොළ කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අද (23) පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ ගල්ගමුව පොලිසිය පවසයි.
මහව බන්ධනාගාරයේ සිට සැකකරුවන් පිරිසක් රැගෙන ගල්ගමුව අධිකරණය වෙත ගමන් කරමින් සිටි මෙම බන්ධනාගාර බස් රථය ලොරියක හා පස් කන්ඩියක ගැටී මෙම අනතුර සිදුව ඇත.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (24) මහව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd