ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අවදානමක් ඇති ගල් ඉවත් කිරීම අරඹයි නාය යාම සමඟ වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගයේ කඩා වැටීමේ අවදානමක් ඇති ගල් කුට්ටි කඩා ඉවත් කිරීම මේ වන විට අරඹා ඇති බැවින් තවදුරටත් මාර්ගය වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය. 06 November 2019
කොන්දොස්තරගෙන් අල්ලස් ගත් ටිකට් පරීක්ෂකවරු 3ක් අත්අඩංගුවට ලංගම බස් කොන්දොස්තරවරයකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ජංගම ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු අද(06) මහනුවරදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 06 November 2019
කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හෙට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ සංචිත දියවර මුදාහැරීම සහ අඹන නව නගරයේ ඉදිවූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (7) සිදු කෙරේ. 06 November 2019
තංගල්ල හිටපු නගරාධිපති තවදුරටත් රිමාන්ඩ් තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි මහතා නොවැම්බර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා අද (06) නියෝග කළේය. 06 November 2019
උමාචන්ද්‍ර ප්‍රකාශ් - ආරුමුගම් ජොන්සන් සජිත්ට සහය දෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා සහ කොළඹ නාගරික මන්ති‍්‍රනී උමාචන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය සහ දෙමළ ජාතික ප්රගතිශීලී පක්ෂය මහ ලේකම් ආරුමුගම් ජොන්සන් යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය. 06 November 2019
අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගෙන් අනතුරු ඇඟවීමක් විද්‍යාපීඨ, ගුරු විදුහල් සහ ජාතික පාසල්වල ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍යාංශ මට්ටමින් දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කර දැනට ඇති පුරප්පාඩු වහා පිරවූයේ නැතිනම් නේවාසිකාගාර වැසී යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය පවසයි. 06 November 2019
හේමසිරි - පූජිත් යළි රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයවලුන් තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය. 06 November 2019
පුද්ගලයකු ඝාතනය කර ආභරණ කොල්ල කා පලා යයි කොළඹ 2 ධර්මපාල මාවතේ නිවසක් තුළදී උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඔහු පැළඳ සිටි රන් ආභරණ කිසියම් පුද්ගලයකු කොල්ල කා පලාගොස් ඇතැයි කොම්පඤ්ඤවීදීය පොලිසිය පවසයි. 06 November 2019
දරුවන් දෙදෙනා මැරීමට තැත් කළැයි මවක් අත්අඩංගුවට තම කුඩා දරුවන් දෙදෙනාගේ ගෙලට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කළ මවක් අගලවත්ත පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 06 November 2019
නීති විරෝධීව රට පනින්න හැදූ 6ක් හලාවතදී අත්අඩංගුවට නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද(6 ) අලුයම අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 06 November 2019
'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ සංවිධායකවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කිරීමට යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති ’අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 05 November 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවේද අනුමැතිය ඇතිව අත්සන් කිරීමට තීරණය කරයි යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේද අනුමැතිය ඇතිව ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් කිරීමට රජය තීරණය කර ඇත. 05 November 2019
ගෑස් හිඟය ගැන කැබිනට් මණ්ඩලයෙත් අවධානයට මේ දිනවල පවතින ගෑස් හිඟය අද (05) පැවැති කැබිනට් රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 05 November 2019
හිඟයකින් තොරව ගෑස් ලබාදෙන්න ගෑස් සමාගම් සහතික වෙයි මේ සතියේ සිට කිසිඳු හිඟයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් දෙකේ බලධාරීහු අද (05) පෙරවරුවේ ජීවන වියදම් කමිටුව හමුවේ සහතික වී තිබේ. 05 November 2019
‘‘පොහොට්ටුව සමඟ එක්වෙන්න අපේ පක්ෂයෙන් තීරණයක් අරන් නෑ‘‘ ‘අපේ පක්ෂයෙන් නිත්‍යනුකූල තීරණයක් අරන් නෑ පොහොට්ටුව සමඟ එක්වෙන්න. පක්ෂයේ අනුශාසක වෙච්ච මට තව වෙනකල් කියලා නෑ. තව අය ප්‍රධාන අය හිටියා ඒ අයට කියලා නැහැ. මහින්ද රාජපක්ෂ දෙතුන් වතාවක් පක්ෂය විනාශ කරන්න හැදුවා ඒත් පක්ෂය බේරගත්තේ අපි ‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසූවාය. 05 November 2019
තණමල්විල අනතුරකින් 29 ක් රෝහලේ තණමල්විල කුඩා ඔය අලි වංගුව අසලදී අද (5) සිදුවූ රිය අනතුරකින් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි තණමල්විල පොලිසිය පවසයි. 05 November 2019
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේ දී පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් අද (05) වැනිදා පස්වරුවේදී අවහිරවිය. 05 November 2019
ජනාධිපති අපේක්ෂකයෙක් පළමු වරට පරිසර ප්රඥාප්තියකට අත්සන් තබයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරිසර ප්රඥප්තිය සමාජ ගත කිරීමේ උත්සවය පසුගියදා ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ජනපති අපේක්ෂකවරයෙක් විසින් පරිසර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කල පළමු අවස්ථාව මෙය වන අතර පරිසර හිතවාදියෙක් ලෙස සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරි වැඩකටයුතු සඳහා සහය දැක්වීමට දෙස් විදෙස් ප්‍රවීණ පරිසරවේදීන් පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා. 05 November 2019
සති දෙකකදී මැතිවරණ ප්‍රචාරණ පිරිවැය කෝටි 100 යි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය ප්‍රචාරණ පිරිවැය සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 14 සිට 31 දක්වා කළ ඇස්තමේන්තුවට අනුව සති දෙකක කාලයේදී රුපියල් කෝටි 100 ක් වැය කිරීමට ජනපති අපේක්ෂකයන් කටයුතු කර ඇතැයි එම අංශයේ සම්බන්ධීකාරිනී රංසි කරුණානායක මෙනෙවිය ලංකාදීපයට අද(5) පැවසුවාය. 05 November 2019
හඳුනා ගන්න මහජන සහය පතයි මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 05 November 2019
පරිගණක ආධාරක උගැන්වීමට දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 30ක් ශ්‍රී ලංකාවේ පරිගණක ආධාරක ඉගැන්වීම අරමුණු කරගනිමින් ඉ - ඉගෙනුම් සම්පත් නිර්මාණය කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා දකුණු කොරියානු ජනරජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක (රුපියල් කෝටි 546ක) සහනදායී ණයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ. 05 November 2019
‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’ ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය. 05 November 2019
‘කලාප සොයා යෑම‘ සමුළුව ඇරැඹේ කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශය සංවිධානය කරන “කලාප සොයා යෑම” දෙදින සමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේදී අද (5) ආරම්භ විය. 05 November 2019
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් වර්ධනය වන ලකුණු උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2019
මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ නඩුව කල් යයි හලාවත මහාධිකරණය විසින් නියම කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාට එරෙහි නඩුව නොවැම්බර් 15 වන දින යළි කැඳවීමට අද (5) හලාවත මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා දැනුම් දුන්නේය. 05 November 2019
වවුනියාව ලංවිම සේවකයින්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ දී විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට හා විදුලි අධිකාරිවරයාට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු අද (5) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 05 November 2019
දේශපාලන රැළියට ගිය පිරිසට බසය නවතා පහර දෙති ආණමඩුව නගරයේ පැවති දේශපාලන රැළියකට ගොස් කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයේදී නතර කළ 20ක පමණ පිරිසක් එහි සිටි මගීන්ට පහර දී ඇති බවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් කරුවලගස්වැව පොලිසිය පවසයි. 05 November 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යළි කැබිනට් මණ්ඩලයට ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය හෙට (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 November 2019
ඇමෙරිකා - රුසියාව ලෝකයම අවදානමක දමනවා ඇමෙරිකා එක්සත් ජනපදයත් රුසියාවත් අතර තිබෙන අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වය නිසා ලෝකය අවදානමකට පත්ව ඇතැයි ද සුවිශාල විනාශයක් සිදුව ඇතැයි සෝවියට් සමූහ ආණ්ඩුවේ අවසාන නායකයා වූ මිහායිල් ගොර්බචෙව් පැවැසීය. 04 November 2019
සජිත්ගෙ මැතිවරණ ප්‍රතිපත්තිය විග්නේෂ්වරන්ට සැකලු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය තුළින් ඒකීය රාජ්‍ය යන සංකල්පය භාෂා තුනට පරස්පර අර්ථදැක්වීම් දැක්වෙන හෙයින් එය සැක සහිත යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. 04 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026