
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහ නගර සභාවේ මෙහෙයවීමෙන් හානි කර ඇති කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම හඳුනාගත හැකිවූ බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට අද (18) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය.
මෙම ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.
එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ටී.ජී.කුලතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, සංස්කෘතික අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහත්ම මහත්මීහුද මෙම නිරීක්ෂණයට පැමිණ සිටියහ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම මෙම ඉපැරැණි ගොඩනැගිල්ලට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් කරුණු රැසක් සොයා බැලූ අතර මේ සම්බන්ධයෙන් වන අංග සම්පූර්ණ නිවැරැදි අපක්ෂපාති වාර්තාවක් තම කණ්ඩායම හා එක්ව අග්‍රාමාත්‍යවරයා වෙත හැකි ඉක්මණින් ලබාදීමට බලාපොරොත්තු වන බවද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පවුලට හෝටලයක් හදන්න තමයි ඕක කරලා තියෙන්නේ. ඒ නිසා කමක් නැහැ. වෙන කවුරු හරි කළා නම් අපි උද්ඝෝෂණය කරනවා රට පෙරළනවා. මේ ගොල්ලෝ කරපු නිසා කට වහගෙන ඉන්නවා.
මේ කරපු අයට ජාතියම සාප කරනවා. ඡන්දවලදී මේ අය ගැන බලාගන්න එක ඇතුගල්පුර ජනතාවට බාරයි. මේ කරපු මිනිස්සු විරුද්ධ පක්ෂයක අය වුණා නම් අද මේක ජාතික ප්‍රශ්නයක් කරලා.
ඔව් එයා ඔයවගේ වැඩ වලට දක්ෂයි. ඒ කියන්නේ නගරාධිපති මාරයාට මොකද කරන්නේ...? කුරුනෑගල නගරයට ආදරේ කුරුනෑගල ජනතාව ...
මොන අපරාධයක්ද අප්පා ඔය කරලා තියෙන්නේ...?
ඔය යන විදියට දළදා මාලිගාවත් ඩෝසර් කරල දාන්න බැරි නැහැ.
මෙහෙම කියලා අතපිහිදාගන්න මේ අයට තියන අයිතිය කුමක්ද?
පෞරාණික ස්ථාන හානි වුණාමලු තොරතුරු හොයා ගන්න ලේසි. මෙහෙමත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරු. පෞරාණික ස්ථාන විනාශ කළාට පස්සේ මොනවද ඉතිරි වෙන්නේ? සුන්බුන් ගොඩක් විතරයි. මොහු තනිකර සිංහල බෞද්ධ ඉතිහාස විරෝධියෙක්. සිංහල ඉතිහාසය නෙමෙයි ඉන්දියානු ඉතිහාසය හදාරලා වෙන්න ඕනේ මහාචාර්ය පට්ටම ලැබුනේ. හොඳට තිබ්බ රාජ සභා මණ්ඩපය කැඩුවට පස්සේ තමයි බලන්න එන්නේ. ජූලි 6 වෙනිදා ඉඳන් අද ජූලි 18 වෙනිදා දක්වා පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් මොකක්ද කලේ? අගමැතිතුමා හොරාගේ අම්මගෙන්මයි වාර්තාව ඉල්ලලා තියෙන්නේ. හරි නම් කරන්න තිබ්බේ, මෙතන ආරක්ෂා නොකළ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවලා, පුරාවිද්‍යාව සහ ලංකාවේ ඉතිහාසය දන්නා වෙනත් විද්වතකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න. තමන්ගේම ආසනයේ තියෙන ඓතිහාසික වටිනාකමින් යුක්ත ස්ථාන අගමැතිතුමාටත් රැකගන්න බැරි නම්, වහල් ආණ්ඩුව කරපු විනාශය වළක්වන්න කියලා ගෙනාපු රජයෙන් ඇති වැඩේ මොකක්ද? මිනිස්සු ඉඟුරු දීලා මිරිස්ද අරන් තියෙන්නේ?
ජාතිකවාදී එකෙක් නැද්ද?
වෙනත් රටකනම් ජාතික ඉතිහාසයට වැදගත්කමක් ඇති මෙවැනි තැන් කෞතුකාගාර බවට හරවා අදායම් මාර්ග ඇතිකරනවා. අවු 500 ක් පැවතුන ගොඩනැගිල්ලක් බලා යමක් ඉගනගන්න තියන අවස්ථාව අපේ ඉංජිනේරුවන්ට නැති කරන්න එපා
ඕක කැඩුවට කමක් නැහැ. ඔතන තිබිලා තියෙන්නේ පළවැනි බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ අන්තඃපුරයේ කොටසකුයි.
අරයව නුවර නගරාධිපති කළොත් ඉවරයි. මුලු නුවරම ඩෝසර්කරලා දායි.
පෞරාණික ගොඩනැගිලි තුළ ඇති ඉපැරැණි දැව, පිත්තල භාණ්ඩ වලට ඉතා අධික වටිනාකමක් තියෙනවා. එම නිසා දේශපාලකයෝ මේවා කඩලා අලුත් ඒවා හදන්න උනන්දු වෙන්න. ලන්දේසි යුගයට අයත් අම්බලන්ගොඩ තානායම් ගොඩනැගිල්ලටත් වුණේ මෙවැනි වැඩක්... හිටපු මහ ඇමැති සහ ඔහුගේ ගෝලයකු වන හේමසිරි සහ නගරාධිපති එකතුවෙලා එම ගොඩනැගිල්ලත් බිමට සමතලා කරලා දමලා එහි තිබූ පෞරාණික වටිනාකමක් සහිත දැව වැනි දේවල් සොරාගනු ලැබුවා. දැනට අවුරුදු 10ක් විතර ගතවෙලා තවම ඒකක එතැන හදලත් නැහැ.
මට පේන්නේ මෑත කාලයේ හදපු සිමෙන්ති ගොඩනැගිල්ලක්.. බොරුවට මිනිස්සු කුලප්පු කරන්න එපා. සිංහල මිනිස්සු හරි මෝඩයි..
මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා සම්බන්ධයක් නොමැති බව වාර්තාවක් කියයි.
පුරාවිද්‍යා ස්ථානයකට හානියක් කළාම ඒ කරපු කෙනාව පොලිස් අත්අඩංගුවට ගන්නෙ නැද්ද? නීතිය බලපාන්නෙ සාමාන්‍ය අයට විතරද?
ඔය හොරු අනන් මනන්,බැංකු හොරු මුකුත් හොයන්න එපා .ට්‍රයල් එකක් විදියට මේකට හරියට නීතිය හරියට ක්‍රියාත්මක කරලා පෙන්නන්න නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියල ඔය බොරු කමිටු නැතිව.
ඔය නටබුන් යට නිධන් එහෙම තියනවද බැලුවානම්, රටේ සල්ලිත් නැහැ අතේ සල්ලිත් නැති වෙලාවක් මේක.
ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.?
සුද්දන්ටවත් හොරකම් කිරීමට බැරි වුණු, කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රන්කඩුව හොරකම් කළ වර්තමාන "දොන් කැකිල්ලේ" රජ පරම්පරාවේ අයට, ඔය පෞරාණික ගොඩනැගිල්ල ඩෝසර් කරන එක මහ කජ්ජක්ද? අපේ හාමුදුරුවනේ..?
මොනවද මේ හතරබීරි කතාව? මේ අධ්‍යක්ෂක කියන. පුරාවිද්‍යා ස්ථානයකට හානි වුණාම නිරුපද්‍රිතව තිබුණාට වඩා තොරතුරු හෙලිවෙනවලු. එහෙනම් රුවන්වැලි සෑය, දළදා මාලිගාව, ජේතවනාරාමය බිමට සමතලා කරන්න මේ මුග්ධ පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ උපදෙස් පිළිපැදලා... ජනාධිපතිතුමනි, මේක මහ විකාරයක්. අධ්‍යක්ෂකවරයාගේ යටතේ තිබුණු ස්ථානයක් හානි වීම පරික්ෂා කරන්න අධ්‍යක්ෂවරයාම යනවා කොමිටියක් අරං. ඒ මදිවට කියනවා මේක පුරාවිද්‍යා ස්ථානයක් බව පේන්න තියෙනවාලු. ජනාධිපතිතුමනි, මේ වැනසෙන්නේ හෙල උරුමයයි. ඔබතුමා මීට මැදිහත් විය යුතුමයි. අනික ඔබේ සහෝදරයා වටේ ඉන්න, හෙංචයියන් විසින් ආයෙත් වල්මත් කරනවා වගෙයි. මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න. සජිත්, රනිල්, නුඹලාට මේවා පෙනෙන්නේ නැද්ද? මේ අපරාධය ආණ්ඩුව යට ගහනවා නම් එය එළියට ගත යුත්තේ නුඹලායි. මීට සම්බන්ධ අය ප්‍රසිද්ධ කරන්න. මහ ඡන්දයේදී ගෙදරම යවන්න. තුනෙන් දෙක දුන්නොත් මේ අය රටටම කෙලවනවා. මං ජනාධිපතිතුමා ගැන කනගාටු වෙනවා.
මිලියන් 900ක් වියදම් කරලා වෙරළ ගොඩකරලා වැලි ටික මුහුදට ගහගෙන ගියාම ඉංජිනේරු කතා කියනවා.. ඒ වැලි වැල්ලවත්තේදී ආයේ ගොඩ ගහනවලු. පුරාවිද්‍යා අධ්‍යක්ෂක කියනවා පුරාවිද්‍යා ස්මාරක කඩාබිඳ දැම්මහමලු තොරතුරු අනාවරණය වෙන්නේ.. ජනාධිපතිතුමනි. මා ඔබතුමා ගැන දුක් වෙනවා. මෙවන් නිලධාරින් සමග යන්න හදන සෞභාග්‍යයේ දැක්ම අභාග්‍යයේ අවාසනාවන්ත ගමනයි.
මෙරට ජාතියේ ඉතිහාසය පුරාවිද්‍යා, පුරාවස්තු විනාශ කරන කාලකණ්ණි නිසා අනාගත පරපුරට දකින්න දෙයක් ඉතුරු කරන එකක් නැහැ. මේවාට නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද? මේ පව්කාරයින්ට කරුමය පලදේවි...
දෙනකොට අපි කිව්වා මෙය අවසානය බව... මේ ආරම්භය පමණි.
2/3 බලය ලබාදීමට පෙර මාසෙනම් 2/3 ලබාදුන්නොත් ව්‍යවස්ථාවට අනුවම ඩෝසර් කරනවලු... මේ ඇතුගල කඩන්න යන පාර තමයි හැදුවේ. දකුණින් වයඹට ආවේ මේකටද?
මේක නම් මහාම මහා පුදුම රටක්. පුදුම සමාජයක්. මේ රටේ ඉන්නේ කිසිදු වගකීමක් නැති උගතුන්. කිසිදු වගකීමක් නැති දේශපාලනඥයන්. මෙච්චර කල් දේශපාලනඥයන් පුරා විද්‍යා අංශ හෝ මේ ස්ථානය ගැන දැන සිට නැහැ. පුදුමය කියන්නේ දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කරන්නේ පුරා විද්‍යාඥයන් ඒ ස්ථානයට එන්නේ ඒ ගැන දන්නේ විනාශය සිදු වූවාට පසුවයි. මෙයින් පෙනෙන්නේ මේ සියලු දෙනා මොන තරම් වගකීමක් ඇති ඉහළ බුද්ධිමතුන් ද යන්නයි. දැන් බේරෙන්න කවුරු කවුරුත් මොනවා මොනවා හරි කියා රට රවටන බවයි පේන්නේ. ඒත් ඉතිං මේවටත් රැවටෙන අන්ධ අනුවණයන් සිටිනවා. අප මේවා කීවම නිල් රතු කොල ඇතුළු පක්ෂ දේශපාලනය අපට වහලුන් කියනවා. නිවටුන් කියනව. මේවා අපට කියන්නේ ඉහත කොට්ඨාස දෙකම නොවෙයිද ?
මේ කියන කතාවලට හිනා වෙනවද අඬනවාද කියලා හිතාගන්නවත් බෑ....
මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කරලා තිබුණා නම් බලාගන්න තිබුණා ලංකාවත් ගිනිගන්න හැටි...
මම දැඩි පොහොට්ටුව ආධාරකරුවෙක්. මෙම කොමසාරිස්වරයාට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග නොගන්නේ නම් මම වෙන පක්ෂයක් වෙනුවෙන් මගේ ඡන්දය ප්‍රකාශ කරමි.