
(දිමුතු සදරුවන්)
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ විභාගය කොරෝනා වයිරස වසංගත තත්ත්වය යම්තාක් දුරට පහව යෑමෙන් පසු පවත්වන්නැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ලිපියක් යොමු කරමින් විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලා ඇත.
අවසන් වසර විභාගය ජූලි මස 22 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති ප්‍රදේශ වල සිට සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් විභාග සඳහා සහභාගී වීමට නියමිත බැවින් අවසන් වසර විභාගය කල් දැමන්නැයි සංගීත පීඨ ශිෂ්‍ය සංගමය ඉල්ලයි.
රටතුළ මේ වනවිට පවතින තත්ත්වයට අනුව රාජාංගනය, ගම්පහ, හෝමාගම, පිලියන්දල , දඹුල්ල , මාතලේ , මහනුවර ආදී ප්‍රදේශවල සිට පැමිණෙන සිසුන් එක් ස්ථානයකට ඒකරාශී කිරීම ද මේ අවස්ථාවේ අවදානම් සහගත බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සාධාරණ ඉල්ලීමක්.. මෙයට අවසර දීමට පාලනාධිකාරිය කටයුතු කරණු ඇතැයි අප විශ්වාස කරමු.