බිරිඳ - දරු දෙදෙනා ඝාතනය කළ අයකුට මරණ දඬුවම සිය බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(07) මරණ දඬුවම නියම කළේය. 07 November 2019
‘නැවත කිසිම දිනෙක එජාපයට යන්නේ නෑ’ කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසන්නට බැහැ.ඉවසීමේ සීමාවක් තිබෙනවා.නැවත කිසිම දිනක එජාපයට යාමේ සූදානමක් නැහැ. අද දිනය තුළ රට බලාපොරොත්තු වන ඒ දේශපාලන තීන්දුව ගන්නවා යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (7) පැවසීය. 07 November 2019
ටීඑන්ඒ සහය සජිත්ට ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 07 November 2019
ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනයක් සමග ගිවිසුමක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා රාජ්‍ය ආයතනය අතර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 07 November 2019
වකුගඩු රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. 07 November 2019
එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (07) සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 07 November 2019
අධිවේගී මාර්ග ජාලයේ තවත් කොටස් 3 ක් විවෘත කෙරෙයි ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ග ජාලයේ කොටස් කිහිපයක් හෙට (08) සිට රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරන බව මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 07 November 2019
ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනය කරයි ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ දී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි ගනේමුල්ල පොලිසිය පවසයි. 07 November 2019
කොන්දේසි විරහිතව ‘ටෙලෝ‘ සහය සජිත්ට නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි. 07 November 2019
ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක් ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට අද (06) පැමිණිලි කර තිබේ. 06 November 2019
පිහි ඇනුමකට සැකපිට රගර් උපදේශකවරයෙකු අත්අඩංගුවට කොළඹ පුරහල ධර්මපාල මාවතේ නිවසකදී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අද (06) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙත ඇත. 06 November 2019
‘‘එක බිම් අගලක් ඇමරිකාවට දෙන බව ගිවිසුමේ තිබුණොත් දේශපාලනයෙන් සමුගන්නවා‘‘ මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුම අනුව ඇමෙරිකන් කොරිඩොවක් හෝ එක බිම් අගලක් හෝ ඇමෙරිකාවට දෙන බව සඳහන් වැකියක් එම ගිවිසුමෙහි පෙන්නුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (06) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 06 November 2019
එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 06 November 2019
‘‘ජනාධිපතිවරණයට පෙර ජනාධිපති නීතිඥයින් පත් කිරීමේ සුදානමක්‘‘ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට පෙර හදිසියේ ජනාධිපති නීතිඥයින් පිරිසක් පත් කිරීමේ සුදානමක් පවතින හෙයින් එම කටයුත්ත නතර කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට නියමයක් කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මැතිවරණ කොමිසන් සභාවට පැමිණිල්ලක් කර තිබේ. 06 November 2019
ඡන්දහිමි නාම ලේඛනයේ නම් කැපූ බවට පැමිණිල්ලක් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ කීපයක සිදු වී යැයි කියන ඡන්ද හිමි නාමලේඛනයෙන් නම් කපා දැමීමක් ගැන සොයාබලන්නැයි ඡන්දදායකයන් පිරිසකගෙන් හා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් මැතිවරණ කොමිසමට වෙන වෙනම පැමිණිලි ලැබී ඇත. 06 November 2019
‘‘කළුගඟ ජලාශය ඉදිරිකිරීමෙන් පසු කිසිම දවසක ජල ප්‍රශ්නයක් ඇතිවන්නේ නෑ‘‘ මොරගහකන්ද කළුගඟ ජලාශ ඉදිකිරීම නිසා රජරට ජනතාවට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය පිළිබඳ ප්‍රශ්නයක් අනාගතයේ කිසිම දවසක ඇතිවන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පොලොන්නරුවේ මැදිරිගිරියේදී ප්‍රකාශ කළේය. 06 November 2019
ඝාතනයට - හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ පවුල් වලට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය ඉකුත් 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 06 November 2019
මුස්ලිම් කාන්තාවෝ විවාහ දික්කසාද නීතියේ ප්‍රතිසංස්කරණ ඉල්ලති මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට නීති සංශෝධන කළ යුතු යැයි මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායමේ (MPLRAG) සාමාජිකා නීතිඥ අර්මීසා ටීගල් මෙනෙවිය කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී අද(6) පැවැසීය. 06 November 2019
‘‘මත් පෙති පානය කරන බස් රියදුරන්ගේ බලපත්‍රය අහෝසි කරනවා‘‘ පැය දහයක් දොළහක් එක දිගට බස් රථ පදවන රියදුරන් මත්පෙති පානය කරන බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇති හෙයින් එසේ මත්පෙති පානය කර හසුවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (06) හම්බන්තොට දී පැවසීය. 06 November 2019
තැපැල් ඡන්දය සලකුණු කරන්න නොහැකි වූ අයට හෙට දිනය වෙන් කෙරේ මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් ඇතුළු තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සියලුම රජයේ සේවකයින්ට ඒ සඳහා හෙට (07) දිනය වෙන්කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 06 November 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්නේ 16 වැනිදායින් පසුව ශ්‍රී ලංකා රජය සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තබන්නේ නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 06 November 2019
නවදිල්ලි වායු දූෂණයේ බලපෑම කොළඹ නගරයටත් ඉන්දියාවේ සිට හමා එන සුළං ධාරා ඔස්සේ පැමිණෙන දුවිලි අංශු හේතුවෙන් නවදිල්ලි නුවර වායු දුෂණයේ බලපෑම කොළඹ නගරට ද එල්ල වී ඇතැයි ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. 06 November 2019
කොළඹ වායු දූෂණය ඉහළට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කරන ලද ගණනය කිරීම්වලට අනුව කොළඹ නගරයේ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 06 November 2019
වසන්ත සේනානායකට සිතාසි කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරු වන හිටපු වනජීවී ඇමති වසන්ත සේනානායක මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (06) යළිත් සිතාසි නිකුත් කළේය. 06 November 2019
එම්.සී.සී. ගිවිසුම වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම අගවිනිසුරුට ඇමෙරිකා එක්සත් ජනපද සහස්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ 06 November 2019
නීතිපතිට-සීඅයිඩීයට නොතීසි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද ( 06) නොතීසි නිකුත් කෙරිණි. 06 November 2019
දිනකට ගෑස් සිලින්ඩර 80,000 කට අධික ප්‍රමාණයක් නිකුත් කරන්න යයි කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 80,000කට වැඩි ප්‍රමාණයක් අද(06) සිට ලබන 14 වැනිදා දක්වා දිනපතා ගෑස් අලෙවිසැල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි වෙළඳ හා ආයතනික සම්බන්ධතා ජනක පතිරත්න මහතා පැවසීය. 06 November 2019
මාධ්‍ය නියාමනයට මැදිහත් වෙන්නැයි විෂයබාර ඇමැති ජනපතිගෙන් ඉල්ලයි මැතිවරණ සමයේ රූපවාහිනී ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කිරීම අනිවාර්ය කරන්නට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය විෂය භාර අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. 06 November 2019
ළමා අපයෝජනයට වසර 14 ක් හිරේ බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් චීවරධාරියෙකුට වසර 14 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා අගතියට පත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (06) නියෝග කළේය. 06 November 2019
භික්ෂුණින්ගේ ඡන්ද අයිතිය අවදානමේ භික්ෂුණින් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් ලබාදෙන වැඩපිළිවෙළක් නැති නිසා භික්ෂුණින් වහන්සේලා 8000 ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබී යනු ඇතැයි රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී දානියගම ආනන්ද හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ. 06 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026