
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලාංකීය ජාතික ඉතිහාසය සහ පදනම විනාශ කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ජාතිය සතු අගනා වස්තූන් ආරක්ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (19) කොළඹදී පැවසූහ.
කුරුණෑගල නගරයේ පිහිටි තුන්වැනි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු පත්කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් වහාම ක්‍රියාත්මක වී වරදකරුවන්ට දඩුවම් දීම ආණ්ඩුවේ වගකිම විය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ජනාධිපතිතුමන්, අගමැතිතුමන් මේ සම්බන්ධයෙන් සෘජු ලෙසම මැදිහත් වී පුරාවිද්‍යා පනතේ බලතල අනුව වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන වහාම නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින බවද නාරාහේන්පිට රාමඤ්ඤ නිකාය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.
“ශ්‍රී ලාංකීය ජාතික ඉතිහාසය සහ පදනම විනාශ කරන සංවිධානාත්මක වැඩපිලිවලක් ක්‍රියාත්මක වන බව අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. කුරුණෑගල නගරයේ පිහිටි තුන්වන බුවනෙකබාහු රාජසභා මන්ඩපය විනාශ කිරීමට දැන් උත්සාහයක් ගෙන තිබෙනවා.
මෙම ස්මාරකය 13 වන සියවසේ ඉදිකර තිබෙන වටිනා වාස්තු විද්‍යාත්මක නිර්මාණයක්. මේ ස්ථානය පැහැදිලිවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ ස්ථානයක් වනවා.
15 වනදා රාත්‍රියේ මේ වටිනා ස්ථානය විනාශ කර දමා තිබෙනවා. අපේ වාසනාවකට අතරමැදදි ඒ යන්ත්‍රිය ක්‍රියාවිරහිතවිම නිසා මේ කාර්යාංශය නැවතිලා තියෙනවා. දැන් මේ පිළිබඳ පොලිසිය ඇතුලු අදාල අංශ දැනුවත් කර තිබුණත් ඒ අපරාධකරුවන් සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මහාමාර්ගය පුළුල් කිරිමේ අවශ්‍යතාවය මුවාවෙන් මේ කාර්යය සිදුකරලා තියෙන්නේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ අවශ්‍යතාවය මතයි. මේ පිළිබඳ පොලීසියට කරනු ලැබූ පැමිණිලි ගැන පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
මෙවැනි ඓතිහාසික ස්ථානයක් කඩා බිදදැමීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදක්වනවා. පරුවස්තූන් ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවය තහවුරු වෙමින් පවතින නිතියක් රටේ ක්‍රියාත්මක වනවනම් මේ වගේ විපත්තියක් රටේ සිදුවන්නේ නැහැ.
2016 වසරේදි සීගිරියේ කැටපත් පවුර කොණ්ඩ කටුවකින් සූරපු දැරියකට පුරාවිද්‍යා පනත යටතේ වසර දෙකක සිරදඩුවමක් නියම කළා. මේක තමයි පුරාවිද්‍යා නීතිය.
මෙවන් තත්තවයක් යටතේත් පොලීසිය ක්‍රියාත්මක නොවි ඉන්නවනම් එතන තියෙන්නේ පොලීසිය ඉක්මවා යන පෞද්ගලික බලපෑමක්ද කියන ප්‍රශ්නය අද රට හමුවේ තිබෙනවා.
පුරාවිදයා අයිති සංස්කෘතික අමාත්‍යාංශයත් බුද්ධශාසන අමාත්‍යාංශයත් බාරව සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. මේ අමාත්‍යාංශය බාරව සිටින අගමැතිතුමන් කමිටුවක් පත්කර තිබෙනවා. කමිටු පත්කිරීමට කිසිම අවශයතාවයක් නැහැ.
මෙතන වරදක් සිදුවෙලාද, මොන තත්වයේ වැරුද්දක්ද ආදී වශයෙන් තොරතුරු සෙවිමට තමයි කමිටු පත්කිරිමෙන් බලාපොරොත්තුවෙන්නේ. මෙතන එබදු තොරතුරු සෙවිමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඉතාම පැහැදිලිවම නීතිවිරෝධී ආකාරයෙන් රාත්‍රි කාලයේදි මේ වටිනා පුරාවස්තුව විනාශ කරලා තිබෙනවා. මේ කාර්ය කාගෙත් ඇස් පනාපිට පෙනෙන්න තියෙන වරදක් බැවින් වහාම ක්‍රියාත්මක වී ඒ වරද කරපු අයට දඩුවම් දීම තමයි ආන්ඩුවේ වගකිම විය යුත්තේ. ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් සෘජු ලෙසම ක්‍රියාත්මක විය යුතුයි.
පුරාවස්තු විනාශ කිරිමේ මහා පරිමාණ සංවිදානාත්මක වැඩපිළිවෙළ එරෙහිව අපි නිරන්තරයෙන්ම කරුනු ඉදිරිපත් කළා. සංවිධානාත්මක අන්තවාදී කල්ලි තමය් මේවායේ පසුපස ක්‍රියාත්මක වෙන්නේ. වහාම ක්‍රියාත්මක වන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරලා මේ ජාතිය සතු අගනා වස්තූන් ආරක්ෂා කරන්න කියලා අපි රජයට යෝජනා කළා.
කමිටු පත්කිරීම කියන්නේ අදාල කාර්යයේ වේගය බාලකිරිමක් කියලා අපි වත්මන් රජයේ බලධාරින්ට කියනවා. කල වරද පේන්න තියෙනවා. පුරාවිද්‍යා පනතේ බලතල අනුව ක්‍රියාත්මක වී මේ වැරදිකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීත්‍යනුකූල කරන්න. එසේ නොවුනහොත් මේ කාර්ය තවදුරටත් පූර්වාදර්හයක් බවට පත්වී එය ජාතියේ විනාශයේ ආරම්භය වනු ඇති බවට අපි රජයට අවධාරණය කරනවා”යයිද උන්වහන්සේ එහිදී පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අමාත්‍යංශයට බාරදීලා වැඩක් නැහැනේ. ඒක බාරව ඉන්න කෙනා සිද්ධිය වෙලා දැන් දවස් 4ක් තිස්සේ උඩ බලාගෙන ඉන්නේ. අගෝ 5න් පස්සේ ප්‍රබල විපක්ෂක් නැති වුනොත් මුළු රටම දෙයියන්ටම තමයි පවරලා දෙන්න වෙන්නේ...
ඒක නම් එතරම් හොඳ අදහසක් නොවේ. අවශ්‍ය නීතිමය බලතල ලබාදී එය සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පැවතිය යුතුයි. දැනටත් එම බලතල පනතෙන් ලබාදී තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.
හාමුදුරුවන්ගේ අදහස කාලෝචිතයි... තාවකාලිකව හෝ මේ අදහස ක්‍රියාත්මක කිරීම වටියි.
අන්න විසඳුම , ලෙඩෙක් මලොත් දොස්තර මහත්තෙයෙකුගෙ වරදින් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ගනිමු ආරක්ෂක අමාත්‍යාංශය යටතට, බිස්නස් කරන ,ජප නූල් හූනියම් කරන උන්නාන්සේලා ඉන්න නිසා බුද්ධ සාසන අමාත්‍යාංශයත් පවරමු ආරක්ෂක අමාත්‍යාංශය යටතට.
එතකොට හරියාවි ඔක්කොම.. දැන් ඩ්‍රයිවින් ලයිසන්, හාල්මිල, සෙන්ට්‍රල් බෑන්ක් ප්‍රොටෝකෝල්, ආරෝග්‍යශාලාවල ප්‍රශ්න ඔක්කොම විසඳිලානේ...
පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් නීතිය කටයුතු කලයුතුය එක් එක් පුද්ගලයන් සදහා නීතිය වෙනස් නොවිය යුතයි. පුරාවස්තු පොලිස් කොට්ඨාසය පසුගිය කාලයේ ඉවත් කර ඇත. නැවත එය පිහිටවිය යුතුයි.
හැම එකක්ම හමුදාවට දීලා හරියන්නේ නැහ. යම් ආයතනයක් සම්බන්ධ ගැටලු තිබේ නම් එයට හේතු විශ්ලේෂණයෙන් විසදුම් සෙවිය යුතු ය. හැම එකක්ම හමුදාවට පැවරීම මෝස්තරයක් වෙලා.
හොඳම අදහසක් ගරුතර මහා සංඝරත්නය පවසන්නෙ. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ධූරයට පණ ඇති රටට දැයට ආදරය ඇති ශ්‍රී සද්ධර්මයට ලැදි විශ්‍රාමික හමුදා නිළධාරියෙක් දැම්මනම් හරි.
නරින්ට කුකුල්ලු බලාගන්න දෙන්නද කියන්නේ? දැනටත් කෙලවලා තියෙන්නේ. හාමුදුරුවනේ..නිකම් කොලේ වහල බණ කියන්න එපා. මිනිස්සු දන්නවා කතාව. පිළිතුර ඡන්දයේදී බලාගන්න ලැබේවි...
මේ රටේ කොයි පාලකයොත් විරුද්ද පක්ෂ උදවියට එරෙහිව පියවර ගත්තට තමන්ගේ පක්ෂයේ අය මොන වැරැද්ද කලත් ගණන් ගන්නේ නැහැ.
පන්සල් ඇතුළුව මුළු රටම හමුදාවට ගත යුතුය.
කොළඹ කටුගෙදර මතක් වුනා.
ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ සත්‍යයෙන් පිරි කතාවක්. එය අඳ ගොළු බිහිරන් ගේ අවදිවීමට හොඳ අවස්ථාවක්. සත්‍ය වශයෙන්ම එළිපිටම වරද පෙනෙන්නට තිබෙනවා. නිකං කමිටු තබා කාලය නාස්ති කිරීම ප්‍රශ්නය ගැන කරනා සලකා බැලීමක්. ඒ නිසා සලකා බැලීම අවශ්‍ය නෑ. වරදක් පෙනෙන්නම කර තිබෙනවා. වහාම ඔවුන්ට දඬුවම් හිමිවිය යුතුයි. බුදු පිලිම කැඩුවාම ලක්ෂ ගණන් ගෙවනවානම්, මේවටත් රහසිගතව අන්තවාදී කල්ලි ලෝබ නැතිව මුදල් වෙන් කරනවා වෙන්නට පුළුවන්. එබැවින් නාකොටික් ප්‍රශ්නය මෙන් මේ දෙස බලා අල ගිය තැන් මුල ගිය තැන් සොයා ගත යුතුයි. කමිටු පත් කිරීමෙන් වැඩේ ඇද ඇද ගොස් වරදකරුවන් ඒවායින් බේරීමට පුළුවන්. කමිටු යනු ප්‍රශ්ණය යටගැසීම කරනා බොරු වැඩක් ... පුරාවිද්‍යා දෙපාර්තේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කළ යුතුයි.
ඔය කියන විධියට රටේ ප්‍රශ්ණයක් වෙන කොට එම කටයුත්ත භාර දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත යුතුද? එහෙනම් මොකටද කැබිනට් මණ්ඩලයක්, ඇමතිවරු.. ඉස්සෙල්ලාම රටේ අධිකරණය සහ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වියයුතුයි. ජනාධිපතිගේ සිට රටේ මහජනතාව දක්වා ඊට ගරු කලයුතුයි. අවනතවිය යුතුයි. එසේ නොමැතිව ඔය වැඩේ කරන්න බැහැ හාමුදුරුවනේ.
අනේ නායක හාමුදුරුවනේ එයට වඩා නරකද උගත්කමක් හා ඓතිහාසික දේවල වටිකාකමක් දන්නා අයට පමණක් පක්ෂවල අපේක්ෂකත්වයන් දෙන්න කියලා ජනමතයක් ඇතිකලොත්.