ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරභූමියේදී ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහි පෙත්සම ලබන වසරේ පෙබරවාරී මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය. 08 November 2019
‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2019
වසන්ත සේනානායක පොහොට්ටුවට එකතු වෙයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක් විය. 08 November 2019
ජනපතිවරණයට දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 08 November 2019
අලි වෙඩි දෙකක් සමග ජන රැළියකට ආ අයෙක් අල්ලයි පොළොන්නරුවේ පැවති දේශපාලන රැළියකට අලි වෙඩි 2ක් රැගෙන පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 08 November 2019
රත්ගම නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරීන් 15දෙනා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 17දෙනා ලබන 22වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08)නියෝග කළේය. 08 November 2019
හල්දුම්මුල්ල නාය යාමක් හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ හරංකහව ප්‍රදේශයේ අද (8) සිදුවූ නාය යාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී , එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලීසිය කියයි. 08 November 2019
සේවයට වාර්තා කරන්නයි හෙද හෙදියන්ට ලිපි යවයි හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාගාරවල පැවැති අර්බුදය හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටින සියලු හෙද හෙදියන් වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා පෞද්ගලිකව ලිපි යැවීම සිදුකළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා පැවසීය. 08 November 2019
නොවැම්බර් 4 දාට වියදම මිලියන 1,257 ක් ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ඔක්තෝබර් 14 වැනිදා සිට පසුගිය 04 වැනිදා දක්වා කාලයේදී වියදම ලෙස ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 1,257 ක් බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 08 November 2019
පාදුක්කේදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පාදුක්ක පොලිසිය පවසයි. 07 November 2019
‘‘රටට අවශ්‍ය නායකයා තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යවශ්‍යයි‘‘ ඡන්දය දිනාගැනීම උදෙසා අපේක්ෂකයන් මහජනතාව ඉදිරියේ විවිධ පොරොන්දු දුන්නත් රටට අවශ්‍ය දක්ෂ, අවංක, එඩිතර එමෙන්ම මහජන හිතානුකම්පී යෝග්‍ය නායකත්වය තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යාවශ්‍ය යැයි බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 07 November 2019
ඇමෙරිකාවෙන් දෙන මුදල නොලැබුණොත් පාඩු වෙන්නේ ලංකාවටයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රැසක් ජනතාව අතරට ගොස් ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ඩොලර් මිලියන 480ක ප්රදානය (ආසන්න වශයෙන් රුපියල් බිලියන 86) නොලැබුණහොත් ඉන් පාඩු සිදුවන්නේ ඇමෙරිකාවට නොව ශ්‍රී ලංකාවට යැයි ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.එස්. සමරතුංග මහතා පැවැසීය. 07 November 2019
අයුතු අවහිරයක් ගැන කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගෙන් පැමිණිල්ලක් හදිසි පරීක්ෂාවකට රූපවාහිනී සංස්ථාවට ගිය කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට එළියට ඒමට නොදී සිවිල් ආරක්ෂකයන් ජාතික රූපවාහනී සංස්ථාවේ ගේට්ටුව වසා දැමුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 November 2019
මාධ්‍ය උපමාන අනුගමනය අනිවාර්ය කරන්නැයි පැෆරල් සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි මැතිවරණ සමයේ රූපවාහිනී ආයතන විසින් මාධ්‍ය උපමාන අනුගමනය කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. 07 November 2019
ප්රජාතන්ත්රවාදී සටන්කාමී විමුක්ති පක්ෂයේ සහය සජිත්ට එළැඹෙන ජනාධිපතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය ලබාදීමට ප්රජාතන්ත්රවාදී සටන්කාමී විමුක්ති පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.චන්ද්‍රලිංගම් (තුලසි) මහතා පවසයි. 07 November 2019
'බුල්බුල්' බෙංගාල බොක්කේ මුහුදු ගමන් නවතයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුවේ බලපෑමෙන් එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි නිසා නොවැම්බර් 11 වැනිදා දක්වා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම්දීමක් කරයි. 07 November 2019
ජනපතිවරණයේ පෝස්ටර් - බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1661 ක් ජනාධිපතිවරණය වෙනුවෙන් නීති විරෝධී ලෙස තැන තැන ප්‍රදර්ශනය කර ඇති බැනර් සහ පෝස්ටර් ඉවත් කිරීම සඳහා පොලිස් ස්ථාන වලට කම්කරුවන් 1661 දෙනෙකු තාවකාලිකව සෑම පොලිස් ස්ථානයකටම අනියුක්ත කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 07 November 2019
අත්පත්‍රිකා බෙදන්න යායුත්තේ උපරිම 11 යි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ප්‍රවර්ධන කිරීම සඳහා නිවෙස් වෙත ගොස් අත්පති‍්‍රකා බෙදාදීමට උපරිම ආධාරකරුවන් 11 දෙනෙක් පමණක් යායුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 07 November 2019
‘ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ සිද්ධිය ගැන දැඩි ලෙස කණගාටු වෙනවා’ තම ආරක්ෂක භටයන් සහ තරුණයන් දෙදෙනෙකු අතර ඊයේ(06) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බවත්, මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද(07) පැවසීය. 07 November 2019
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට කොළඹ ධර්මපාල මාවතේ නිවසකදී පෞද්ගලික රක්ෂණ සමාගම කළමණාකරුවකු ගෙල මිරිකා පිහියෙන් ඇන මරා දමන ලදැයි කියන හිටපු උප පොලිස් පරීක්ෂකවරයා හෙට (08) තෙක් රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ තැබීමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (07) කොම්පඤ්ඤවිදිය පොලිසිය වෙත අවසර ලබා දුන්නේය. 07 November 2019
කොළඹ වායුගෝලය සාමාන්‍ය තත්ත්වයට වායුගෝලීය අංශු ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් දෙදිනක් පුරා දූෂිත තත්ත්වයක පැවති කොළඹ නගරයේ වායු ගෝලය යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. 07 November 2019
පාර්ලිමේන්තුවේදී අර්ජුන - තිලංග අතර උණුසුම් වචන හුවමාරුවක් ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් මැතිසබයේදී අද (07) ඇතිවිය. 07 November 2019
මාධ්‍යවේදී එක්නැළිගොඩ පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ හමුදා නිලධාරීන් 7 කට නඩු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද (07) නඩු පැවරීය. 07 November 2019
නීතිවිරෝධීව රට පනින්න හැදූ තවත් 5ක් රිමාන්ඩ් නීති විරෝධීව බහුදින යාත්‍රාවකින් විදේශ රටකට යාමේ අරමුණින් හලාවත මෝය ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් තවත් පස්දෙනෙකු ද නොවැම්බර් 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත බී. අබේසිංහ මහතා අද (7) නියෝග කළේය. 07 November 2019
වකුගඩු නැව් ගෙන්වන්නත් වෙයි ගොවීන්ට නොමිලේ දීමට රසායනික පොහොර පිට රටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව්ද ගෙන්වන එක හොඳයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(07) ප්‍රකාශ කළේය. 07 November 2019
වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු 6 කට නඩු රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිව හා එම රිය අනතුර පිළිබඳව තොරතුරු වසන් කර රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොකර ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා වව්නියාව මහාධිකරණය හමුවේ අද (7) වෙන වෙනම නඩු පැවරීය. 07 November 2019
‘එම්සීසී ගිවිසුම සම්මත වුණොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ’ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය බලයට පත්වන කිසිදු රජයකට නැවත අහෝසි කිරිමට නොහැකි යැයි හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසිය. 07 November 2019
එස්බීගේ ආරක්ෂක නිලධරයන් දෙදෙනා රිමාන්ඩ් ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටියේ දී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (7) නියෝග කළේය. 07 November 2019
දෘෂ්‍ය දූෂණය වැළැක්වීමේ රෙගුලාසි මාලාවට ජනපති අත්සන් තබයි ඉදිරි මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇතැයි නීතිපතිවරයා අද(07) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 07 November 2019
එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වන්නැයි ගොනු කළ පෙත්සම් විභාගය 13 වැනිදා ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බව ප්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා නීතීඥවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කරන ලදී. 07 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026