
(උපාලි ආනන්ද)
සිය බාල වයස්කාර පුතාගේ උදරයට සහ ලිංගේන්ද්‍රයට පයින් පහරදී ඔහු කෲරත්වයට පත් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා අබාධිත සෙබෙළකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියමකළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පලාත් බද සිවිල් අබියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 අත් හිටුවීමට අද (20) නියෝග කෙරිණි.
ඊට අමතරව පැමිණිලිකාර තම දරුවාට රුපියල් ලක්ෂ හතරක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර හිටපු යුද හමුදා ආබාධිත සෙබළාට නියෝග කළ මහාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් වසරක සිර දඩුවමකටද යටත් කෙරිණ.
මෙරට තිස් වසරක් පැවති උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කිරීමට විත්තිකරු යුධ හමුදා සෙබලෙකු ලෙස සක්‍රිය දායකත්වයක් ලබාදී ඇති බවත් එහිදී ඔහු සිය දකුනු පාදය සහ ඇසද අහිමි කර ගෙන ඇති බවත් පෙනී යන්නේ යැයි ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කල මහාධිකරණ විනිසුරු ආචාර්ය සුදුමු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකරුගේ දඩුවම් නියම කිරීමේදී ඒ පිළිඳව සැලකිල්ලට ගන්නා බවද කීවේය.
එමෙන්ම විත්තිකරුගේ මානසික්තවය මෙන්ම විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් ඔහුට පෙර වැරදි නොමැතිවීමත් විත්තිකරු කෲරත්වයට පත් කර ඇති ඔහුගේ දරුවාට දීර්ඝ කාලීන රෝගී තත්වයක් නොමැති වීමත් විත්තිකරුට දඩුවම් නියම කිරීමේ සළකා බලන බවද මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
2017 වසරේ ජූනි මස 14 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අත් මිහින්තලේදී වයස අවුරුදු 16 ට අඩු තම බාල වයස්කාර දරුවාගේ බාරකාරත්වය හා ආරක්ෂාව දරා සිටිමින් එකී ළමයාට වේදනාවක් හෝ ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදු විය.
හැකි ආකාරයට එකී ළමයාට ඔනෑකමින්ම අඩත්තෙට්ටම් කිරීමෙන් හිංසා කිරීමෙන් නොසලකා හැරීමෙන් එම ළමයාගේ උදරයට හා ලිංගේන්ද්‍රයට පයින් පහර දීමෙන් ලංකා දන්ඩ නීති සංග්‍රයේ 308 (ආ) (2) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා බාර දීමෙන් අනතුරුව එහි වැඩිදුර විභාගය අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පන්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදරුවන්ට වද දෙන අම්මලාද කොළඹ සමාජයෙම සිටිති. මේවා එලියට එන්නේ නැහැ.
මේ අයුරින් තම දරුවෙකුට පහර දීමට පුළුවන් පියා වෙනත් ජාතියක දරුවෙකුට, මිනිහෙකුට කොහොම පහර දෙයිද කියන ප්‍රශ්ණය තමයි මට ඇතිවූ ප්‍රශ්ණය. යුද්ධයෙන් රට බේරාගැනීමට කැපවී ආබාධිත වූ ඔහුගේ දුක්බර ව්‍යාකූල මානසිකත්වය මෙයට බලපාන්නට ඇතැයි සිතේ. ඒත්, රටක මෙවන් දේ සිදුනොවිය යුතු දේවල් ...
දැන් මේක වෙන්නැති වරදක් කරලා බේරෙන්න අලුත්ම ක්‍රමය. වරද පිළිගත්තා කියලා තමන්ගේම දරුවට කරපු අපරාධයේ බරපතලකම අඩු වෙනවාද? නීතිය ඉදිරියේ ආබාධිතද, හමුදාවේද, යුද්ධෙට ගියාද කියන කිසිවක් අදාළ නැහැ. කවුරු කලත් වරද වරදමයි. තමන්ගේම දරුවාට හිතා මතාම කරලා තියෙන වද හිංසා ඉතා අමානුෂිකයි. මේක වෙලා තියෙන්නේ 2017. තාම 2020. නඩුකාර තුමා කොහොමද කියන්නේ දරුවට දීර්ඝ කාලීන රෝගී තත්වයක් ඉදිරියට ඇති නොවෙයි කියලා? එතකොට දරුවට ඇති වුනු මානසික වේදනාව? මේ වගේ දේවල් දරුවන්ගේ මුළු ජීවිත කාලෙටම බලපාන බව දැන ගන්න ආචාර්ය පට්ටමක් අවශ්‍ය නැහැ.
අනික මේ නඩුවට, අපරාධකාරයා යුද්ධෙට දායකත්වය දුන්න කියන එක කොහෙත්ම අදාළ නැහැ. දැන් යුද්ධයක් නැහැ. මම හමුදාවෙ අය වෙනුවෙන් හුඟක් ලියලා තියෙනවා. නමුත්, සාමය තියෙන කාලේ මෙහෙම නම් යුද්ධය තියෙන කාලේ කොහොමද කියලා මටත් හිතෙන එක නවත්තන්න බැහැ විත්තිකාරයාගේ මානසිකත්වය කියලා තීන්දුව ලිහිල් කිරීම විහිළුවක්. ඒ මොකොද කිව්වා නම්, මෙවන් විකෘති මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් සමාජයට මුදා හරින එක භයානක නිසා. අපේ රටේ දරුවන් ආරක්ෂා කරන්න නීති නැහැ. දෙමව්පියන් සහ ඥාතීන් දරුවන්ට කරන අපරාධ සැහැල්ලුවට සලකනවා. වෙන රටවල නම් දරුවන් ආරක්ෂා කරන්න ඉතා තද නීති තියෙනවා.
මේ රටේ නීති අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. වැඩිහිටියන්ට, විශේෂයෙන් පිරිමින්ට ඕනේ අපරාධයක් කරලා බේරිලා යන්ට ඉඩ දෙන මේ පුරුෂෝත්තම නීති පද්ධතිය, කාන්තාවන් සහ දරුවන්ගේ මානුෂික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන විදිහට වෙනස් කරන්නම ඕනේ.
දෙන ලද නඩු තීන්දුවට හිසනමා ආචාරය කරමි.
පව්, ඒ ළමයා පියා මෙහෙම කරනවා නම් අනික් මිනිසුන් ගැන කවර කතාද?
බාලවයස්කාර හිරිහැර කිරීම් අනුමත කරන්න බැහැ. නමුත් සමහර විශ්‍රාමික හෝ අබාධිත සොල්දාදුවන් යුද්ධයේදී ලැබූ භයානක අත්දැකීම් නිසා විශාල මානසික පීඩනයකින් සිටින බව පෙනෙනවා. ඔවුන්ට විශ්‍රාම වැටුප පමණක් දීලා හරියන්නේ නැහැ. ඔවුන්ගේ මානසික තත්වය ගැන සහ විශ්‍රාම ලැබීමෙන් පසු ඔවුන් ගතකරන ජීවිතය ගැන රජය සොයාබැලිය යුතුයි. හොඳ සාධාරණ නඩු තීන්දුවක්...