
(ජේ.කේ.එල් චාමින්ද)
නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පුද්ගලයකු අද (19) පස්වරුවේ දි මියගොස් ඇති බව නෙළුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වැලවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදිවියේ පසුවන අයෙකි.
මොහු තම පෙම්වතිය සමඟ දුලිඇල්ලේ දිය නෑමට පැමිණ ඇති අතර දිය නාමින් සිටියදී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය නෙළුව ග්‍රාමිය රෝහලේ තැන්පත්කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (20) පැවැත්වීමට නියමිත බව නෙළුව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd