
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල නගරයට එකතුවන වැසි ජලය බැස යාමට ඉදිකර තිබූ මෝඩ් ඇල, මාගාල්ල පැරණි පොම්පාගාරය අසළින් අවහිර වී තිබීම හේතුවෙන් අද (20) ඇතිවූ අධික වර්ෂාවත් සමඟ ජලය බැස යාමට දැඩි බාධා එල්ල වී තිබිණි.
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ ගාල්ල මහා නගර සභාව බණ්ඩාරනායක පෙදෙසේ ප්‍රධාන මාර්ග යටින් ඇති පාලම අසළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කළේය.
අලුයම සිට දිගටම ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ගාල්ල නගරයේ සියලු මාර්ග වතුරෙන් යටවී ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබිණි.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී මෝඩ් නමැති ඉංජිනේරුවරයකු විසින් මේ ඇල මාර්ගය ඉදිකරන ලද්දේ ගාල්ල නගරයේ ජලය මොරගොඩ ඇළට එකතු කර ඒ ඔස්සේ මුහුදට යැවීමට සැළසුම් කරමිනි.
ගාල්ල නගරය මුහුදු මට්ටමට වඩා තරමක් පහළින් පිහිටීම හේතුවෙන් මාගාල්ලේ පොම්පාගාරයක් ද ඉදිකර තිබූ අතර නගර සභාවේ පාලනය යටතේ තිබූ එම පොම්පාගාරය වසර කිහිපයක සිට අක්‍රිය වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොම්පාගාරය වසර ගණනාවක සිට අක්‍රීය වෙලා. එය සාදා ගැනීමට තවමත් බැරි වෙලා. වතුර බැසයාමට තිබෙන ඇලේ අපද්‍රව්‍ය පිරිලා. නගරය මුහුදු මට්ටමට වඩා පහතයි. මේ ගැන හරිහැටි අවබෝධයක් නැති නගර සභාවට අප දොස්කීම කළයුතු නැහැ. වැස්ස තමයි වැරැදි. වැස්ස දැනගන්න ඕනෑ ඒ විදිහට වහින්න. නැද්ද මං අහන්නේ.....
මිනිස්සු මේ වගේ වැඩ කරලා ඔවුන්ම එය නිවැරදි කිරීමට ගත් තවත් එක් අවස්ථාවක්.
බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෝ ලන්දේසි කුණු ඇළ ගැන හරිආකාරව දැනුමක් නැතිව එය විනාශ කලා.
එය මෝඩි ඇළ නොවේ, සැබෑ නම "මෝඩ ඇළ", හේතුව ජලය ගලා යන්නේ ගොඩබිම දෙසට මිස මුහුද දෙසට නොවේ. මිනිසුන් එය මෝඩ හෝ මෝඩ ක්‍රමයක් ලෙස නම් කළේ ජලය ගලා යන ආකාරයෙනි.