
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්රික්කයට මෙවර මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන රොෂාන් රණසිංහ මහතා මැතිවරණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලොන්නරුව , නවනගරයට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට අද (19) බාධාකළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම කියයි.
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොලොන්නරුව නවනගරය ප්රදේශයේ පිහිටි හෝටලයෙක රැස්වීමක් පැවැත්වෙන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමට ගිය නිලධාරීන් පිරිසකට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධාකළ බවට ඒ නිලධාරීහු මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබේ.
එම නීති විරෝධී රැස්වීමට රජයේ වාහන යොදාගෙන රජයේ සේවකයින්ද සහභාගී කරවාගෙන සිටි බවට මැතිවරණ කොමිසමේ නිලධාරින්ට සිය විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් වාහනයක් සහ එම වාහන සමඟ පැමිණි රජයේ නිලධාරීන්ද රැස්වීමේ සිටි බවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් කරුණු වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති කැඩුවම දැන් දඬුවම කුමක්ද.?
මෙතුමා ටිකක් ඉහළින් ඉන්න ඔලුව ඉදිමිච්ච කෙනෙක්, මෛත්රීපාල මෑතක කෙසේ හැසිරුණත් පක්ෂෙට කල සේවය අමතක කරන ගුණමකු කෙනෙක් මෙයා.
නීති වර්ග දෙකක් තිබෙන බව දන්නේ නැද්ද? මේක කලේ අර කියන දෙවැනි නීතිය යටතේ...
රජයේ පාර්ශවයෙන් මේ සියල්ලම සිද්ද වෙනවා. සම්පත් අවභාවිතා කරනවා. නිරෝධායන නීති කිසිවක් ජනපති, අගමැති එන රැස්වීම්වල නැහැ.
බලය නැතිව මෙහෙම නම් බලය ලැබුනාම කොහොමට හීටීද ?
මෙවැනි අය ගැන ප්රදේශයේ ජනතාව වග බලාගන්න ඕන. රජයේ නිළධාරින්ට බැන තර්ජනය කරන්න එයාට තියෙන අයිතිය මොකක්ද? මන්ත්රිවරයෙක් වුනත් එය අහෝසි කළ හැකයි.
ඔය තියෙන්නේ කට්ටියගේ හැදියාව...
මෙයා හිතන් ඉන්නේ මෙයා ජනපතිටත් වඩා උඩින් කියලා.
මෙයාට කොහෙන්ද ඔච්චර බලයක්.
විනයක් ඇති රටක්!
රජයේ දේපල අයුතු පරිහරණයත් රජයේ නිළධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම වෙනුවෙන් මොහුට දෙන දඬවම කුමක්ද කියා බලාසිටිමු .මම හිතනවා උගුලෙන් නැත්නම් හබකෙන් හරි ජයග්රහනය අපේක්ෂාකරන ඒ පැත්තේ නායකයෝ මොහුට ඇමතිකමක් දෙනවා ෂුවර් කියලා.