
ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් අද (20) මරණයට පත්විය.
හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ පසු විය. ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර ඇත.
ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට හෙතෙම කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි පැවැසීය.
තිරුපති යනුවෙන් ප්‍රකට ඉන්දියාවේ තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා නව කොරෝනා වයිරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
එම කෝවිලේ පූජකයන් 21 දෙනකු ඇතුළු කාර්යමණ්ඩලයේ 158 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද එම කෝවිල බාර මණ්ඩලය සඳහන් කරයි.
පූජකයන් ඇතුළු කෝවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට වයිරසය ආසාදනය වුවද එය වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි වයි.වී. සුබ්බා රෙඩ්ඩි මීට පෙර පවසා තිබිණි.
තිරුපති කෝවිල යන ලෝ ප්‍රකට වන්දනා ස්ථානවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු කෝවිල නැවත ආරම්භ කෙරුණි පසුගිය මස 11 වැනිදා ය.
‘‘අපි තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටිනවා. දැනට කෝවිල විවෘත කර තබනවා’’ යැයි රෙඩ්ඩි කීය.
වයිරසය ආසාදනය වූ කාර්යමණ්ඩලයෙන් අඩකට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ද ඔහු කීය.
මේ අතර ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූ අතර එම ගණන 40,425ක් ලෙස දැක්විණි.
ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,18,043ක් දක්වා ඉහළ ගියේය.
එන්.ඩී.ටීවී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ටවත් බැරි උනාද තමන්ගෙ පූජකයව රැක ගන්න.
දෙවියනටත් වඩා කොරෝනා බලවත් වගේ
දෙවියන්ට තම දේව දාසයන්ටවත් පිහිට වෙන්නට බැරි තැන සාමාන්‍ය මිනිස්සු ගිහින් පිහිට ඉල්ලලා සේසතම පුදනවා.. අන්ධ භක්තිකයෝ..
කෝ අනුහස්...
මේ මොකද.? මෙපමණ හාස්කම් තියෙන දේවාලයක් නම් පුජකයෝ මැරෙන්න හේතුව.?
කෝ මේ අපේ රටේ අයව නටවපු තිරුපති දෙයියෝ.
ඔතන නේද අපේ එක්තරා නායකයෙක් බරට රත්ත්‍රන් පුජා කෙරුවේ.?
අපේ දේසපාලුවොත් ඡන්දෙ කිට්ටු වූනාම පිහිට ලබාගන්ඩ ගියේම තිරුපති. කොරෝනා වසන්ගතයෙන් බේරෙන්ඩ කොවිලේ පූජකයන්ටත් බැරි වූනා. දෙවියනි ඔබ කොහෙද.?
මේ සැරේ තිරුපති ගිහිල්ලා හමාරයි.
තිරුපති වැඳ පුදාගත්තු අපේ අය මැරෙනකනුයි අපි මේ බලාගෙන ඉන්නේ? එහෙ අය මැරුණත්, අපේ එවුන් නම් මැරුණත් මේ ලංකාවේ බහිරවයෝ වෙලා නැවත මෙතනම උපදිනවා. ඒ තරමටම මේ මහා පොළොව බදා ගෙනයි ඉන්නේ? අනාගතයේදී, ඡන්ද වෙනුවට, "බලි" අරින්නයි වෙන්නේ, මේ බහිරවයින් පලවා හරින්නට?
තිරුපති දෙයියෝ ඒ අයට පිහිට වෙන්නෙත් නැතිව ලංකාවේ හොර නඩේට විතරක්ද පිහිට වෙන්නෙ.?
දෙයියෝ සිටින තැනක කපුවට කොහොමද රෝගය වැලඳුනේ.
අපේ රටේ සමහර අය තිරුපති යන්නේ පිහිටක් ලබාගන්න. තමන්ට පිහිටක් වෙන්න බැරිවූන කෙනා කොහොමද අන් අයට පිහිට වෙන්නෙ.
දෙයියන්ට බැරි වුනාද කපුවා බේරාගන්න.?
දෙවියන් කොහොමත් හොරුන්ව බේරන්නේ නැහැනේ..!!!
දෙවියෝ එහෙම කළාට, අපේ රජතුමා නම් තම අතවැසියාට පිහිට වෙනවා. මණ්ඩපේ කැඩුවත් හිරේ යන්නේ නැහැ.
අපේ මහරජතුමාට මේ පාර යන්න බැරි වීම ගැන හරිම දුකෙන් ඇත්තේ.
ඒ කියන්නේ දෙවියන්ටත් වඩා කොරෝනා බලවත් කියන එකද?
කුඹුරු කොටන තැන, නියර බඳින තැන, ගිනියම් අව්වේ, මහ වරුසාවේ දෙවියෝ වැඩඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ... බැක්ටීරියා, වෛරස, දෙවිවරු, ඇහැට නොපෙනෙන ක්ෂුද්‍රජීවීන්... ඕවා පසුපස යන්නේ අනුවණකමටයි.
තිරුපති ගිය අපේ කට්ටිය ඡන්දෙදී අතුගෑවිලා ගිය එක එහෙනම් පුදුම වෙන්න දෙයක් නොවේ..
ඔහු ගිය අවුරුද්දේ සිට කෝවිලේ වැඩ කර නැහැ. 73 වැනි වියේ පසුවූ කෙනෙක්. මැරෙන එක වළක්වන්න කාටද හැකියාව තියෙන්නේ?