IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයාත් කොරෝනාවෙන් මරුට

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් අද (20) මරණයට පත්විය.

හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ පසු විය. ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිලේ පූජකවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු පසුගිය වසරේදී කෝවිලේ වගකීම්වලින් නිදහස් කර ඇති අතර මිය යනවිට හෙතෙම කෝවිලේ කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බව තිරුපති කෝවිලේ භාරය වන ‘තිරුමාලා තිරුපති දේවස්ථානම්’ හි සභාපති වයි.වී. සුබ්බා රෙඩ්ඩි පැවැසීය.

තිරුපති යනුවෙන් ප්‍රකට ඉන්දියාවේ තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා නව කොරෝනා වයිරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

එම කෝවිලේ පූජකයන් 21 දෙනකු ඇතුළු කාර්යමණ්ඩලයේ 158 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද එම කෝවිල බාර මණ්ඩලය සඳහන් කරයි.

පූජකයන් ඇතුළු කෝවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ට වයිරසය ආසාදනය වුවද එය වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි වයි.වී. සුබ්බා රෙඩ්ඩි මීට පෙර පවසා තිබිණි.

තිරුපති කෝවිල යන ලෝ ප්‍රකට වන්දනා ස්ථානවලින් එකකි. නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු කෝවිල නැවත ආරම්භ කෙරුණි පසුගිය මස 11 වැනිදා ය.

‘‘අපි තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටිනවා. දැනට කෝවිල විවෘත කර තබනවා’’ යැයි රෙඩ්ඩි කීය.

වයිරසය ආසාදනය වූ කාර්යමණ්ඩලයෙන් අඩකට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ද ඔහු කීය.

මේ අතර ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) වාර්තා වූ අතර එම ගණන 40,425ක් ලෙස දැක්විණි.

ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 11,18,043ක් දක්වා ඉහළ ගියේය.

එන්.ඩී.ටීවී.

055



අදහස් (24)

තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයාත් කොරෝනාවෙන් මරුට

සර්.. Monday, 20 July 2020 02:47 PM

දෙයියන්ටවත් බැරි උනාද තමන්ගෙ පූජකයව රැක ගන්න.

:       9       184

දිමුත්Monday, 27 July 2020 04:36 AM

අනේ ඉතින් අපේ අය යනවනේ ඕකෙ වඳින්න.

:       0       110

ධනුෂ්ක Monday, 20 July 2020 03:21 PM

දෙවියනටත් වඩා කොරෝනා බලවත් වගේ

:       1       104

Pradeep Monday, 20 July 2020 04:39 PM

දෙවියන්ට තම දේව දාසයන්ටවත් පිහිට වෙන්නට බැරි තැන සාමාන්‍ය මිනිස්සු ගිහින් පිහිට ඉල්ලලා සේසතම පුදනවා.. අන්ධ භක්තිකයෝ..

:       7       193

Ruchi Monday, 20 July 2020 05:41 PM

කෝ අනුහස්...

:       1       50

මානිWednesday, 23 September 2020 11:10 AM

දෙවැනි ඉනිමේ ඔය ඉන්නේ යසට...

:       0       1

beau Monday, 20 July 2020 05:51 PM

මේ මොකද.? මෙපමණ හාස්කම් තියෙන දේවාලයක් නම් පුජකයෝ මැරෙන්න හේතුව.?

:       2       54

Binkunndaa Monday, 20 July 2020 06:29 PM

කෝ මේ අපේ රටේ අයව නටවපු තිරුපති දෙයියෝ.

:       1       110

sirimal Monday, 20 July 2020 07:10 PM

ඔතන නේද අපේ එක්තරා නායකයෙක් බරට රත්ත්‍රන් පුජා කෙරුවේ.?

:       2       406

[email protected] Friday, 11 September 2020 08:24 PM

ඔය කවුරුත් එකයි.

:       0       0

විපරමා Monday, 20 July 2020 07:41 PM

අපේ දේසපාලුවොත් ඡන්දෙ කිට්ටු වූනාම පිහිට ලබාගන්ඩ ගියේම තිරුපති. කොරෝනා වසන්ගතයෙන් බේරෙන්ඩ කොවිලේ පූජකයන්ටත් බැරි වූනා. දෙවියනි ඔබ කොහෙද.?

:       1       118

Dasa P Monday, 20 July 2020 08:07 PM

මේ සැරේ තිරුපති ගිහිල්ලා හමාරයි.

:       1       41

බද්රානි Monday, 20 July 2020 08:16 PM

තිරුපති වැඳ පුදාගත්තු අපේ අය මැරෙනකනුයි අපි මේ බලාගෙන ඉන්නේ? එහෙ අය මැරුණත්, අපේ එවුන් නම් මැරුණත් මේ ලංකාවේ බහිරවයෝ වෙලා නැවත මෙතනම උපදිනවා. ඒ තරමටම මේ මහා පොළොව බදා ගෙනයි ඉන්නේ? අනාගතයේදී, ඡන්ද වෙනුවට, "බලි" අරින්නයි වෙන්නේ, මේ බහිරවයින් පලවා හරින්නට?

:       252       80

ranjith Tuesday, 21 July 2020 12:28 AM

තිරුපති දෙයියෝ ඒ අයට පිහිට වෙන්නෙත් නැතිව ලංකාවේ හොර නඩේට විතරක්ද පිහිට වෙන්නෙ.?

:       1       57

vidya Tuesday, 21 July 2020 01:09 AM

දෙයියෝ සිටින තැනක කපුවට කොහොමද රෝගය වැලඳුනේ.

:       0       45

sugath Tuesday, 21 July 2020 01:33 AM

අපේ රටේ සමහර අය තිරුපති යන්නේ පිහිටක් ලබාගන්න. තමන්ට පිහිටක් වෙන්න බැරිවූන කෙනා කොහොමද අන් අයට පිහිට වෙන්නෙ.

:       0       45

priyantha Tuesday, 21 July 2020 02:12 AM

දෙයියන්ට බැරි වුනාද කපුවා බේරාගන්න.?

:       0       41

beau Tuesday, 21 July 2020 08:28 AM

දෙවියන් කොහොමත් හොරුන්ව බේරන්නේ නැහැනේ..!!!

:       1       43

de silva Tuesday, 21 July 2020 04:06 PM

දෙවියෝ එහෙම කළාට, අපේ රජතුමා නම් තම අතවැසියාට පිහිට වෙනවා. මණ්ඩපේ කැඩුවත් හිරේ යන්නේ නැහැ.

:       0       9

Nuwan Wednesday, 22 July 2020 11:06 AM

අපේ මහරජතුමාට මේ පාර යන්න බැරි වීම ගැන හරිම දුකෙන් ඇත්තේ.

:       1       70

chandima Saturday, 25 July 2020 11:25 PM

ඒ කියන්නේ දෙවියන්ටත් වඩා කොරෝනා බලවත් කියන එකද?

:       0       13

vidya Tuesday, 11 August 2020 07:49 PM

කුඹුරු කොටන තැන, නියර බඳින තැන, ගිනියම් අව්වේ, මහ වරුසාවේ දෙවියෝ වැඩඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ... බැක්ටීරියා, වෛරස, දෙවිවරු, ඇහැට නොපෙනෙන ක්ෂුද්‍රජීවීන්... ඕවා පසුපස යන්නේ අනුවණකමටයි.

:       0       19

chandima Friday, 04 September 2020 01:08 PM

තිරුපති ගිය අපේ කට්ටිය ඡන්දෙදී අතුගෑවිලා ගිය එක එහෙනම් පුදුම වෙන්න දෙයක් නොවේ..

:       0       14

එරා Thursday, 08 October 2020 03:05 AM

ඔහු ගිය අවුරුද්දේ සිට කෝවිලේ වැඩ කර නැහැ. 73 වැනි වියේ පසුවූ කෙනෙක්. මැරෙන එක වළක්වන්න කාටද හැකියාව තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site