
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර නගරයේදී එකිනෙක ගැටීමෙන් අද (19) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර රථ දෙකට සුළු හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වී නැවත කොළඹ බලා එමින් සිටියදී රාත්‍රී 9.20 ට පමණ මහරගම නගර මධ්‍යයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පසුව පසින් ගමන්ගත් රථ පෙළ හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීම සඳහා ගමන් ගත් ජිප් රථයක් තිරිංග තද කරනවාත් සමඟම පිටුපසින් පැමිණි ජිප් රථය ඉදිරියෙන් ගමන් ගත් ජීප් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථ දෙක සහ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීල් කාරයට දෙයියන්ගේම පිහිටයි.
ජනාධිපතිතුමා ගුවන්යානා භාවිතා නොකරන බව දැනගත්තේ දැන්. ඇඹිලිපිටිය වගේ දුර ඉදන් වාහනේ ආපු එකත් පුදුමයි. බොහොම ස්තුතියි මහජන මුදල් ඉතිරි කරපු එකට
මේක මුල් පිටුවෙ දාන්න ඕනෙද?
මම හිතුවා ජනාධිපතිතුමා ආරක්ෂක රථ ගණන අඩු කළා කියලා... බලන කොට මුලදී විතරයි එහෙම කරලා තියෙන්නේ...
නොහික්මුන ත්‍රීවීල් රිදුරන් එකවරම මාර්ගයේ තම රථය හරවන්ට යාමෙන් සිදුවන අනතුරකි.
දැන් ඉතින් ත්‍රීවීල් මල්ලිට අබ සරණයි.
නොසැලකිලිමත් ත්‍රීරෝධ රථ ධාවනය නිසා ලංකාවේ බොහෝ අනතුරු වෙනවා.
ත්‍රිවිල් පදවන අය ඔහොම තමයි, වාහනේ පාරට දාන්නේ, පාරේ එලවන්නේ වෙන වාහන මුකුත් පාරේ යන්නේ නැහැ කියල හිතාගෙන
ගරු ජනාධිපති තුමාගේ ආරක්ෂාව ගැන වඩ වඩා සැළකිලිමත් වෙනවා යැයි සිතමි. එතුමා ආරක්ෂක නිළධාරියෙක් බැවින් ඒ ගැන හොඳින්ම දන්නවා ඇති.
ආරක්ෂක රථ පෙළපාලිවලින් වන්නේ නෑ කියලා ජනාධිපතිවරනෙට කලින් කිව්වේ.
රත පෙල ????
පෙරහුරු වෙන්නත් පුලුවන්, කොයිදේත් පරිස්සමට.
මෙතන වැරදි දෙකක් තියනවා. (1) ජනාධිපතිගේ රථ පෙළපාලියක යන වාහනයක් වුණත් ඉදිරියේ යන වාහනය හදිසියේ බ්රේක් ගැහුවොත් තමන්ගේ වාහනය නවත්වා ගන්න සුදුසු වේගයට සරිලන දුර පරතරයක් පවත්වා ගත යුතුයි. මෙහි පසුපස වාහනය එහෙම කරලා නෑ වගෙයි පේන්නේ. (2) නවතා තිබෙන හෝ ගමන් කරන ත්‍රීවීල් ඇතුළු වාහන සංඥා නැතිව හදිසියේ හැරවීම නිසා සිදුවන අපහසුතාවලට අපත් මුහුණ දී තිබෙනවා. එවැනි අවස්ථා නිසා අනතුරුවලට මුහුණ දුන් අපි දන්න කියන අයත් ඉන්නවා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක සංඥා නැතිව හදිසියේ හරවන ලද වාහනයට විරුද්ධව පොලිස් ක්‍රියාමාර්ග ගන්න පොලීසිය උනන්දුවක් ගත්තේ නෑ.