
(දිල්රුක්ෂි ග්‍රේරු )
ගත වූ පැය 24 ක කාලයේදී බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 409 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ,ගංජා, නීතී විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් යන මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ, පානදුර, බඳුරලිය, කිරිදිවැල යන ප්‍රදේශ වලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
මේ අතර බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1522 ක් අවවාද කර ඇති අතර දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව පුද්ගලයින් 1340 දෙනකුට අවවාද කර තිබේ.
නිරෝධායන නීතී උල්ලංඝනය කරමින් නීතී විරෝධි ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා එහි කළමණාකරු ඇතුළු තෙරපිවරියන් 07 දෙනකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයි බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි අපි ගහපු කතිරයක් හරියටම හරි කියලා හිතෙන්නේ දැන් තමයි. ඔබට දිගාසිරි!