
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට කුරුණෑගල මහ නගර සභාව විසින් හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවට හිටපු අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා චෝදනා කළේය.
එම ස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීම සඳහා අද (18) පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මේ චෝදනාව එල්ල කළේය.
මෙවැනි පුරාවිද්‍යාත්මක අතින් වටිනා ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම බවද, එම දෙපාර්තමේන්තුව තම වගකීමෙන් බැහැරව යාම හේතුවෙන් මෙවැනි ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන නිකරුණේ විනාශයට ලක් වෙමින් පවතින බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
තමා සංස්කෘතික අමාත්‍යවරයාව සිටියදී සිදු කළ පරීක්ෂණයන් අනතුරුව සෙනරත් දිසානායක මහතා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කළද, එසේ ඉවත් කළ පුද්ගලයෙකු නැවත වරක් එම තනතුරටම පත් කිරීම වත්මන් ආණ්ඩුව විසින් සිදුකළ වරදක් බවද මෙහිදී පෙන්වා දුන් කාරියවසම් මහතා ඔහුගේ අකාර්යක්ෂමතාව මෙවැනි පුරාවිද්‍යා හානි වලින් පැහැදිලි වන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යාව නෙවෙයි වගකියන්න ඕනේ. ඕක බලෙන් කඩපු දේශපාලකයෝ තමයි. මෙයා අරගොල්ලන්ව සුද්ද කරනවා. එකතු වෙන්නද දන්නේ නැහැ.
යූ.එන්.පී. ය පරදින එක අහන්නත් දෙයක්ද? තමන්ට දේශපාලන වාසියක් ගන්න අතට අහුවුණු චාන්ස් එක අතහැරලා පැත්තක ඉන්න නිලධාරියෙක් එක්ක තියන පරණ තරහක් පිරිමහන්න හදනවා...
ඔය කියන තැන කිසිම මණ්ඩපයක් මම දැකලත් නැහැ ඇහුවෙත් අදයි.
මුහුදු මහා විහාරයේ ඉඩම් ඉල්ලාගන්නකොට.. දීඝවාපිය ඩෝසර් කරලා මිරිස් හිටවනකොට... උතුරු, නැගෙනහිර පන්සල් ඩෝසර් කරනකොට කොහේද හිටියේ..?
පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්, අතුරලියේ හිමියන් මොකද කියන්නේ මේ ගැන?
පුරාවිද්‍යා අධ්‍යක්ෂක කියයිද දන්නෑ ඕක පුරාවිද්‍යා ස්මාරකයක් නොවෙයි කියලා. රාවණා මනකල්පිතයක් කියලනේ එයා කියන්නේ. ඒ තරම් මිනිහා තමයි.
මේ කතාව කියවනකොට මතක් වුනේ අර මහදැනමුත්තගේ කතා.
කෝ අර පොලව පලාගෙන කෑ ගහන බලසේනාව.
කෝ ඉරාජ්?
ඔබතුමා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ව අයින්කලේ ඔබතුමාට ඕන හැටියට සීගිරිය වනසන්න ඉඩ දුන්නේ නැති නිසා නේ.?
පාට, පක්ෂ, මොනව වුණත් අකිල, මෙතැනදි හරි. ඒ එක්කම මේ විනාශය, බලන්න ගිහින් ඒ විස්තරේ යන්තමින් හරි එලිකල එකත් හරි. දේශපාලන බලපුලුවන්කාරකම් මත ජාතික උරුම විනාශ කිරීම වහාම නැවැත්විය යුතුයි. මේ අධ්‍යක්ෂක ගැන අකිලගේ ප්‍රකාශයත් හරි. පුරාවිද්‍යා ස්ථාන රැකගන්න බැරි අධ්‍යක්ෂක කෙනෙක් ජනතාවගේ බදුමුදලින් නඩත්තු කරන්නේ ඇයි? නැගෙනහිර පළාතම පොළවට සමතලා කරනතුරු බලාසිටි දේශද්‍රෝහියෙකි. ජනපතිතුමනි, මෙවන් නිලධාරින් සමග ඔබ යන්න හිතන ගමන නම් මිරිඟුවකි.
එම ගොඩනැගිල්ල කැඩීමට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වග කිය යුතු නම් රනිල් අගමැති කාලයේ මහබැංකුව කොල්ලකෑමට රනිලුත් වගකිය යුතුමයි නේද?
මේ පෙන්නුම් කරන්නේ ජාතික ආණ්ඩුවක් ගොඩනගන බවද.?
සෙනරත් මහතා ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ස්ථාන ප්‍රමාණයක් ඉතා කෙටි කාලීනව නීත්‍යානුකූලව ගැසට් කල ඉතා දන්ෂ කාර්්යක්ෂම නිලධාරියෙක්. මෙතුමා ඉවත් කලේ දෙවනගල කූරගල සහ නැගෙනහිර පුරාවිද්‍යා භුමි වෙනුවෙන් පෙනී සිටීම නිසා මුස්ලිම් ඇමතිවරු සතුටු කරන්න.
මේ පොඩි චිත්‍ර අල්ලාගෙන දඟලන්න එපා.
ඇත්ත දැන දැන වගේ යන්න එපා ... මේ බලු වැඩේ කරපු කෙනා අල්ලලා හිරේ දාන්නේ නැතිව..