මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ණය වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබුණත් ග්‍රීසිය මුහුණ දුන් ආකාරයේ අර්බුදයකට පත්වීමේ අවදානමෙන් බේරීමට නම් රටේ මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතු යැයි ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹදී පැවැසීය. 04 November 2019
හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිපයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කිරීමට යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 November 2019
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට 13 දෙනෙක් මුක්කු ගහති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය. 04 November 2019
රූපවාහිනීයේ - ස්වාධීන රූපවාහිනීයේ බලධාරීන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්ට හෙට (05) මැතිවරණ කොමිසන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසන් සභාව දැනුම් දී තිබේ. 04 November 2019
ලක්ෂ පහක අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා අයිස් මත් ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් තුළදී අද (04) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 04 November 2019
‘‘පක්ෂය විනාශ කළේ මම නෙවෙයි මහින්දයි‘‘ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු හානියක් සිදුකර නොමැති බවත් අලුත් පක්ෂයක් ද ගොඩනගාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සැලසුම් කර ඇත්තේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා බවත් එම පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. 04 November 2019
පොදු ජන පෙරමුණ පක්ෂ 14 ක් සමඟ ගිවිසුම් ගතවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තවත් පක්ෂ 14 ක් සමඟ අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීම එම පෙරමුණේ මිරිහාන මැතිවරණ කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ සිදුකෙරිණි. 04 November 2019
කුණු කන්ටේනර් ගැන වාර්තාවක් ලබාදිය නොහැකි බව රස පරීක්ෂක නීතිපතිට දැනුම් දෙයි කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලුම් පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබා දිය නොහැකි බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 04 November 2019
හම්බන්තොට රෝහලේ නිලධාරීන් 14කට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි හම්බන්තොට මහ රෝහලේ හෙද හෙදියන් හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් 14දෙනෙකුට හෙට(05) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් නාලක සංජීව මහතා අද(04) පස්වරුවේ නොතීසි නිකුත් කර ඇති බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා කියයි. 04 November 2019
කොටකෙතන මව - දියණිය ඝාතන චෝදනාවට වරදකරු වූ පුද්ගලයාගෙන් ඇපෑලක් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා වරදකරු බවට තීරණය කරමින් ඔහුට මරණීය දඩුවම නියම කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. 04 November 2019
‘නාමයෝජනා බාරදී වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම වැරදියි’ කිසියම් අපේක්ෂකයකු නාමයෝජනා බාරදුන් පසු තවත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම සහ ඔහුට ඡන්ද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 04 November 2019
ජනපතිවරණය වෙනුවෙන් 15 වැනිදා රජයේ පාසල් වැසේ ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් ගොඩනැගිලි යොදාගන්නා හෙයින් මේ මස 15 වැනිදින රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 04 November 2019
සුඛෝපභෝගී දුම්රිය මැදිරි අයිතිය දෙපාර්තමේන්තුවට දෙන්නැයි ඉල්ලීමක් සාමාන්‍ය දුම්රිය වලට යාකොට සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ නොදී දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 04 November 2019
විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට ගම්මු පහර දෙති වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ අද (4) දහවල් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුට ගම්වාසීන් පිරිසක් විසින් පහර දී ඇති අතර තත්වය සොයා බැලීමට ගිය විදුලි අධිකාරීවරයාට ද පහරදීමෙන් තුවාල ලබා රෝහල ගත වී ඇත. 04 November 2019
ප්‍රවීණ ලේඛක සමරවීර විජයසිංහ අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ, සම්මානිත ලේඛකයකු වන සමරවීර විජයසිංහ මහතා අද(04) අභාවප්‍රාප්ත විය. 04 November 2019
ඉන්දීය ධීවරයෝ 5,000 ක් හරවා යවති යාපනය, කච්චතිව් දුපත ආශ්රිත මුහුදේ ධීවර කටයුතු සඳහා පැමිණි ඉන්දීය ධීවරයින් 5,000ක් පමණ ආපසු හරවා යැවූ බව නාවික හමුදාව පවසයි. 04 November 2019
‘ආරම්භ කළ ගමන ඉදිරියට යනවා’ ආරම්භ කළ ගමන ඉදිරියට යනවා මිස අතරමග නැවතී වෙනත් අපේක්ෂකයකුට සහය දැක්වීමක් කරන්නේ නැතැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. 04 November 2019
ජනපති අපේක්ෂක අජන්ත ද සොයිසාගේ සහය සජිත්ට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට තමන් සහයෝගය පළ කරන බව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා ලංකාදීපයට අද(4) පැවැසීය. 04 November 2019
ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක දිවයින පුරා ද්විතීක පාසල් 665කට ලැප්ටොප් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 November 2019
ටෙලෝ-ප්ලොට් නායකයෝ අගමැති හමුවෙති දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(4) හමුවූහ. 04 November 2019
ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි. 04 November 2019
වැල්ලම්පිටිය තඹ කම්හලේ විමර්ශන අවසන් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දුන්නේය. 04 November 2019
හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ‘ අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ කාර්යමණ්ඩල අධ්යක්ෂව ජස්ටින් නවරත්න මහතා විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී. 04 November 2019
රූපවාහිනී සංස්ථාව ගැන පෙත්සම් විභාගයට අවසර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවට ප්‍රකාශිත අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) අවසර ලබා දෙන ලදී. 04 November 2019
වීරවංශ ඇතුළු 6 දෙනාගේ නඩුව කල් යයි විරෝධතාවක් සිදුකර, මහජනතාවට පීඩාකළැයි කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනා සම්බන්ධ නඩුව පෙබරවාරි 17 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(04) නියෝග කළාය. 04 November 2019
හෙරොයින් කිලෝ 200 ක් ගාල්ල මුහුදෙන් අල්ලයි ගාල්ලට නුදුරු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළැයි කියන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 04 November 2019
ඩුබායි සිට ගෙන ආ කෝටි 6 ක සිගරට් විනාශ කරයි ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි 6 ½ ක් පමණ වටිනා සිගරට් ලක්ෂ 10 ක් කොටහේන ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී අද (4) පෙරවරුවේ විනාශ කිරීමට රේගුව පියවර ගෙන තිබේ. 04 November 2019
ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක ණයක් ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක ණය මුදලක් මුදාහැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය දී ඇත. 04 November 2019
ජනපති විවෘත කිරීමට සිටි ධර්මශාලාව සාගල විවෘත කරයි මොරවක, කළුබෝවිටියන රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානත්වයෙන් අද (03) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි. 03 November 2019
සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට අද (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි. 03 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026