(ජයන්ත සමරකෝන්)
පදික වේදිකාවල සහ අනවසර ස්ථානවල නවත්වන වාහන වලට හෙට (17) සිට දඬ නියම කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

එබැවින් පදික වේදිකාවල සහ අනවසර ස්ථාන වල වාහන නවතා නොයෙන ලෙස රථවාහන පොලිසියේ අධ්යක්ෂ ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(ජයන්ත සමරකෝන්)
පදික වේදිකාවල සහ අනවසර ස්ථානවල නවත්වන වාහන වලට හෙට (17) සිට දඬ නියම කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

එබැවින් පදික වේදිකාවල සහ අනවසර ස්ථාන වල වාහන නවතා නොයෙන ලෙස රථවාහන පොලිසියේ අධ්යක්ෂ ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ක්රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි. සමහර තැන්වල මෙලෙස කරන්නේ පොලිස් නිලධාරිනුත් බිය වාහන හිමියන් කියන්න පුළුවනි. ඒ අතර තුන්රෝද රථ රියදුරන්ද මෙවැනි දේ කරනවා... වන්දනාවේ ගිය අවස්ථාවකදී මම එවැන්නක් ඇහැලියගොඩදී දැකලා තියෙනවා. කැමති කෙනෙක් ඇහැලියගොඩ නගරයේ සිට කිරිඇල්ල මාර්ගය ආරම්භවන ස්ථානයේ සිට ටික දුරක් බලන්න. එහි වාහන නැවැත්වීම තහනම් සංඥාමතම පදිකයින්ට ගමන්කිරීමට ඉඩක් නැතිවන ලෙසට ත්රීරෝද රථ නවතාගෙන සිටිනවා.
කාර් නවත්වන්න තිබෙන ‘‘කාර් පාර්ක්‘‘ ඇති තැන් ත්රි රෝද රථ රියදුරන් අරක්ගෙන... ඉතින් අපි කොහෙද කාර් නවත්වන්නේ? එහෙනම් අපි පාර අයිනට කරලා නවත්වන්නම්. පාර අයිනේ ඉඩතියෙන සෑම තැනකම ත්රීවීලර් කාරයින් නවත්වාගෙන ඉන්නවා. පළමුව කළ යුත්තේ කාර් පාර්ක්වලින් ත්රිරෝද රථ කාරයින් අයින් කරන්න.
ඒක නිවැරදියි. නමුත් රථවාහන නැවැත්වීමට බොහෝ නගරවල ඇති ඉඩකඩ මදියි. ඒනිසා තමා බෙහෝ වාහන එහෙම නවත්වන්නේ... අනෙක තමන්ට යන්න ඕනතැනට කිලෝ මීටරයක් දුරින් රථගාල් තිබිලා හරියන්නේ නැහැ. මේවාට පිළියම් නැත්නම් ඔය කියන දේත් ගැටළු සහගත වේවි...!!! පදික වේදිකාවල විතරක් නෙමෙයි, සමහර විට පාර අයිනේ වාහන නැවැත්තුවත් පයින් යන මිනිහට යන්න වෙන්නේ පාර මැදින්. එහෙම ප්රශ්නත් තියෙනවා...
කොළඹ තියෙන සුපිරි පාසල් අවට අනවසර ස්ථානවල සහ පාරේ නවතාගෙන තියෙන වාහනවලටත් මේ නීතිය වලංගු වෙනවා නම් හොඳයි.