(ජයන්ත සමරකෝන්)
බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසට උදෑසන සහ සවස පැය දෙක බැගින් සිරකුටිවලින් පිටත සිර වාට්ටුවේ රැඳී සිටීමට අවසර ලබාදී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිසට වෙලේසුදා , කංජිපානි ඉම්රාන් , කොස්ගොඩ තාරක , පොඩි ලැසි , බ්ලුමැන්ඩල් සංඛ ,ඌරුජුවා,මර්වින් රානා, ගණේමුල්ලේ සංජීව ඇතුළු විශේෂ ගණයේ රැඳවියෝ 14 දෙනෙකු ඇතුළත් වෙති.
තමන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවන බවට මොවුහු ඉකුත් 9 වැනිදා ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය ඉකුත්දා අත්හිටවනු ලැබුවේ සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබීම හේතුවෙනි.
තනි සිරකුටි 14 ක දැඩි ආරක්ෂාව සහිතව රඳවා සිටි මෙම රැඳවියන් සිරකුටි වලින් ඉවතට ගනු ලැබ ඇත්තේ ව්‍යායාම්වලට පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුවරුන්ගේ අධිකරණ තීන්දු තීරණ මත සිරගත වන මෙවන් දරුණු අපරාධකරුවන් සිරගෙදර තුළ දී උපවාස වැනි දේ කොට තමන්ට නැති අයිතිවාසිකම් ලබාගැනීමට කටයුතු කිරීම නුසුදුසු බව බලධාරීන්ට නොපෙනුනේ මන්ද? මෙයට විසඳුමක් ගැනීම සඳහා ඒ බව අධිකරණයට දැන්වීය යුතුව තිබුණා නොවේද? මොවුන් මෙසේ එළිපහළියට ගෙනාවේ අධිකරණය වෙත දැන්වීමෙන් පසුද? මෙවැනි දරුණු ගණයේ අපරාධකාරයින් මෙසේ එළිපහළියට ගෙන ඒමේ වගකීම සුලුපටු නොවේ නේද?
මේ හොරු ටික එල්ලලා මරන්නේ නැතිව නළවනවා. ඔය එළියට එන්නේ ඇතුළේ කැමරා සවිකරපු නිසා කෝල් ගන්න බැහැ. එළියට ඇවිත් බිස්නස් කරගෙන ඇතුළට යාවි..
මේ ගොල්ලන්ටත් ඡන්දෙ තියෙනවා ඇති...
මේ අපරාධකරුවන්ට නැවතත් ඉරහඳ පෙන්වන්න එපා. නිදහසේ අනික් අහිංසක මිනිසුන්ට හුස්ම ගන්න ඉඩ නොදුන් මේ අපරාධකරුවන්ට තව දුරටත් නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්නේ මොකටද? නීතිය හැකිතාක් බලගන්වන්න. බන්ධනාගාර නිලධාරින් මේ අපරාධකරුවන්ට යටවෙන්න අවශ්‍ය නැහැ. මේ මනුලොව උපන් අන්ත තිරිසනුන් රංචුවක්... මේ අය පිටුපස සිටින්නේ දේශපාලකයින් බව දනිතත් ඒවා හෙළිදරව් කරන්න අපට බැහැ. ඒක පොලිසියේ වැඩක්... පොලීසිය කවරේදැයි කියා දැන් අපි දන්නවනේ. ඉතින් දී කිරට බළලුත් සාක්ෂි. දේවාලේ දේවරූපය කපුවා හොරකම් කළාම දේවාලෙ ගැන තියෙන විශ්වාසය මොකක්ද? ස්වාධීන පොලිස් කොමිෂන් සභාව කියන්නෙත් අමුතුම නාඩගමක්... එන්.ජී.ඕ නඩවලට අපේ රට විනාශ කරන්න ඉඩ දෙන්න එපා. ගරු අධිකරණය අපට තාම විශ්වාසයි. ඒකට කිසිවෙක් බලපෑම් කරන්න එපා. කවුරු මොනවා කළත්, කීවත් බුදුන්ගේ දහම අපිට විශ්වාසයි. රජකම් කළත් කළකම් පලදෙනවා. මේ අය කොහොම දැඟලුවත් ඊළඟ ආත්මේ උපදින්නේ මහ පොළවේ අඩි කිහිපයක් යට. ඒකතමයි ඇත්ත තත්වේ... නැවත මනුස්සයෙක් වෙලා උපදින්නේ නැහැ.. තවත් ආත්ම දහස් ගාණකට. ඒ නිසා අනවශ්‍ය අනුකම්පාවක් අවශ්‍ය නැහැ. කොහොමත් මේ අවසාන මනුෂ්‍ය ආත්මය තමයි...