සීමාවාසික වෛද්‍යවරුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි ඉල්ලීමක් පුහුණු කාලය ගතකරමින් සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් ටී.ඩී.විමලසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 03 November 2019
තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සජිත්ට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 03 November 2019
‘චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය 5 වැනිදා ‘‘ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමකට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනිද්දා (5) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 03 November 2019
‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්නේ අත්සන් කළාට පසුවයි’ මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් සහ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට නීතිපති උපදෙස් ලැබී ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 November 2019
අලි-ඇතුන් නඩු ඉවත දමන කැබිනට් පත්‍රිකාවක් පුද්ගලික භාරයේ සිටිය දී අත් අඩංගුවට ගෙන රජයේ භාරයට පත් කළ හීලෑ අලි ඇතුන් 49 දෙනා ගෙන් දැනට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි ඇතුන් 30 දෙනා යළි පෙර හිමිකරුවන්ටම භාරදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශයකට අනුමැතිය හිමිව ඇත. 03 November 2019
'මැතිවරණ සමයේ ඇමෙරිකාව සමඟ ගිවිසුම් අත්සන් කිරිම සුදුසු නෑ' රටේ බලය මාරුවන ජනාධිපති මැතිවරණයක් අභියස සිට කඩිමුඩියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට බලපාන ගිවිසුම් ඇමරිකන් සමාගමක් සමඟ අත්සන් තැබීම සුදුසු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (3) පැවසීය. 03 November 2019
‘ආසියාන්‘ සමුළුව බැංකොක්හීදී ඇරැඹෙයි ඇමෙරිකාව සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධය මධ්‍යයේ 35 වැනි ‘ආසියාන්’ සමුළුව තායිලන්තයේ බැංකොක් නුවරදී අද (3) ආරම්භ විය. 03 November 2019
සිවාජිලංගම් පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 03 November 2019
කරූ ජයසූරියට ගෞරව සම්මානයක් ‘ප්රජාතන්ත්රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ ලෙස එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානය මගින් කතානායක කරු ජයසූරිය මහතා නම් කර තිබේ. 03 November 2019
රජරට සරසවියේ පීඨ 4 ක් වසා දමයි රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ. 03 November 2019
ෆේස්බුක් සාදයක් වටලා 104ක් අත්අඩංගුවට දෙහිවල වැන්ඩර්වට් පෙදෙසේ වෙරළ තීරයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 17දෙනෙකු ඇතුළු 104දෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 03 November 2019
ජිහාඩ් ප්‍රහාරයකින් මාලි සොල්දාදුවෝ 53 ක් මරුට මාලි දේශයේ උතුරු දිග හමුදා කඳවුරකට ජිහාඩ් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 53දෙනකු සහ එක් සිවිල් වැසියකු මියගොස් ඇතැයි එරට රජය පවසයි. 02 November 2019
බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම පොලිසියෙන් නවත්වයි බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) දින පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය. 02 November 2019
ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී අද පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ලකුණු 32 - 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ් එළිස් කුසලාන දිනාගත්හ. 02 November 2019
තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වීඩියෝ කළ ගුරුවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු අද (01) පස්වරුවේ කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 01 November 2019
වායු දූෂණය ඉහළ යෑමෙන් දිල්ලියේ පාසල් වසාදමයි ඉන්දියාවේ නව දිල්ලියේ වායු දූෂණය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් නොවැම්බර් 5 වැනදා දක්වා පාසල් වසා තැබීමට තීරණය කළ බව බලධාරීහු පවසති. 01 November 2019
රවි විද්‍යාලංකාරගේ බිරිඳ - පුත්‍රයා එෆ්සීඅයිඩීයට කැඳවීම ජනපතිවරණයෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ රවි විද්‍යාලංකාර මහතාගේ බිරිඳ සහ පුත්‍රයා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. 01 November 2019
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් හානියක් වේ නම් ඒ ගැන හෙළිකරන්න ජනාධිපතිරවණය පැවැත්වෙන අවස්ථාවකදී ජනතාව මුලානොකර මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුමෙන් (MCC) රටට සිදුවන හානියක් වේ නම් ඒ පිළිබඳ හෙළිකරන්නැයි අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. 01 November 2019
පාදෙනිය ගැන මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් ප්‍රකාශ ලබා ගනිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට සම්බන්ධ වූ බවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දෙකකින් ප්‍රකාශ සටහන් කරගනු ලැබ තිබේ. 01 November 2019
ඡන්දය ප්‍රකාශ කර ඡායාරූප ගත කළ අයෙක් අත්අඩංගුවට ගම්පොළ පළාත් අධ්‍යාපන කාර්යාලයට තැපැල් ඡන්දය භාවිතා කිරීමට පැමිණි පාසල් මුරකරුවකු සිට ඡන්දය භාවිතා කර එය ඡංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 November 2019
චන්ද්‍රා කළුආරච්චි දිවි රඟමඩලින් සමුගනී ප්‍රවීණ රංගන ශිල්පීනි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අද (1) පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය. 01 November 2019
ඕස්ට්‍රේලියාවට 3-0 ක තරගාවලි ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හිදී අද (01) පැවැති 3වැනි වි20 තරගයේ ලකුණු 143ක ඉලක්කයක් කරා හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 17.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 145ක් රැස්කිරීමට සමත්විය. 01 November 2019
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් දිවයිනේ පළාත් කිහිපයක අද (1) සවස් කාලයේ හා රාත්‍රී කාලයේ දී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 01 November 2019
කසළ තේ ගබඩාවක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට අපනයන සඳහා සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 25,000 ක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ. 01 November 2019
‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් ඉඩම් ඇමෙරිකාවට පැවරෙන්නේ නෑ’ අනාගතයේ ජනාවාස ව්‍යාප්ත කළ යුතු ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ආර්ථික කොරිඩෝවන් සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අතර කිසිම සම්බන්ධයක් නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 01 November 2019
සිසු අපයෝජනය සඟවන්නැයි කී ගුරුවරුන්ට විරෝධය දඹුල්ලේ පාසලක සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාසලේ සංගීත ගුරුවරයා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන්නැයි අනුබල දුන් බව කියන ගුරුවරුන් 7දෙනෙකු පාසලෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(01) පාසල ඉදිරිපිට රැස්ව සිටියහ. 01 November 2019
ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාරිසරික ප්‍රතිපත්තිය එළි දක්වයි නව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාරිසරික ප්‍රතිපත්තිය සමාජ ගත කිරීම අද (1) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදි පැවැත්විණි. 01 November 2019
ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත. 01 November 2019
ගුරුවරුන්ගෙන්-විදුහල්පතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් අතුරු වැටුප් චක්‍රලේඛය නොවැම්බර් 5 වෙනිදාට පෙර නිකුත් නොකළහොත් 8 වෙනිදාට ගුරුවරු සහ විදුහල්පතිවරු එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ගුරු විදුහල්පති සංගම් එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 01 November 2019
‘ඉදිරියේදී පත්වන ජනපති රටේ සියලු දූෂණ මුලිනුපුටා දැමිය යුතුයි’ මහා පරිමාණ දූෂණය රටේ සංවර්ධනය ආපස්සට ඇද දමා ජනතාව දුගී බවට හා වේදනාවට පත්කර ඇති හෙයින් ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා ඇතුළු නායකයන් මේ රට සියලුම ආකාරයේ දූෂණ හා අක්‍රමිකතාවලින් මුලිනුපුටා දැමීමට දැඩි පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 01 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026